නිතර දකින මීම්ස්වල සැඟවුණු කතාව

MEME SEKARA WEB

ඉතාම පොඩි කාලයකින් අපේ මුළු අවධානයම එක තැනකට ගන්න “මීම්ස්” ගැන කතා කරන්නයි අපි අද ලෑස්ති වෙන්නේ. කාලීන සිදුවීම් එක්ක සම්බන්ධවෙලා හැදෙන මේ මීම්ස් අද වෙද්දි ජනප්‍රිය කලාවක් වෙලා. ඉතින් යමු පිස්සුවක් වුණු මීම්ස් ගැන දැනගන්න.

1. Disappointed Pakistan Cricket Fan Meme

2019 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පකිස්ථානය හා ඔස්ට්‍රේලියාව අතර පැවති තරගයකදී පකිස්ථාන ක්‍රීඩකයෙකු වන ආසිෆ් අලි විසින් පහසු උඩ පන්දුවක් මඟහැරගත් මොහොතේ අහම්බයෙන් කැමරාවට හසු වූ පකිස්ථාන ප්‍රේක්ෂකයෙක් වන සරීම් අක්තාර් ඉණට දෑත් තබාගෙන තරහින් සහ පසුතැවීමෙන් බලාගෙන ඉන්න මේ රූප රාමුව ලොව පුරා අතිශය ජනප්‍රිය වුණා. ඒ මොහොතේ සිට විනාඩි කිහිපයක් යන විට ඔහු ලොව පුරා ප්‍රසිද්ධ චරිතයක් වූ අතර තරගයෙන් පසු ඔහු විවිධ ආයතන සමග සම්මුඛ සාකච්ඡාවලට ද සහභාගි වුණා.

2. Doge meme

2010 ලබා ගත් ඡායාරූපයක් මත පදනම් වුණ මෙය 2013 වසරේ අග භාගයේදී ජනප්‍රිය වුණා. ‘ෂිබා ඉනු’ වර්ගයට අයත් සුනඛ ‘කබෝසු’ තමයි මේ ඉන්න සුනඛයා වෙන්නේ. පසුව එය Dogecoin හි සංකේතය බවට පවා පත් වුණා. අවාසනාවන්ත ලෙස මේ කබෝසුට උග්‍ර කොලැන්ජියෝ හෙපටයිටිස් (Cholangio Hepatitis) නම් අක්මා රෝගය හා නිදන්ගත ලිම්ෆෝමා ලියුකේමියාව නමැති රුධිර පිළිකාව තිබූ අතර මේ වන විටත් කබෝසු ප්‍රතිකාර ලබනවා.

3. Will Smith Meme

‘Red Table Talk’ නමැති වැඩසටහන අතරතුර ලබා ගත් ඇමරිකානු රංගන ශිල්පියෙකු වන Will Smithගේ ඡායාරූපයක් ඇසුරෙන් නිර්මාණය වූ Meme template එකක් තමයි මේ. විල් සහ ඔහුගේ බිරිඳ වන ජේඩා සමග මෙම වැඩසටහන අතරතුර සිදු කළ සංවාදයකදීයි මෙම ඡායාරූපය ලබා ගෙන තිබෙන්නේ.

4. Leonardo DiCaprio Laughing Meme

ලොව පුරා අතිශය ප්‍රේක්ෂක ආදරයට පත් ලියනාඩෝ ඩිකැප්‍රියෝ රංගනයේ යෙදෙන “Django Unchained” නම් චිත්‍රපටයේ ඔහු සිනාසෙමින් මත්පැන් පානය කරන අවස්ථාව ජනප්‍රිය Meme Template එකක් බවට පත් වුණා.

5. ඔසිටා ඉහෙමේ Meme

ඔසිටා ඉහෙමේ කියලා කියන්නේ නයිජීරියානු නළුවෙක්, නිෂ්පාදකයෙක් සහ කතුවරයෙක්. ඔහු චිනෙදු ඉකෙඩීස් සමග Aki na Ukwa චිත්‍රපටයේ Pawpaw චරිතය රඟපෑම සඳහා දායක වුණා. තව ද ඉහෙමේ නයිජීරියාවේ තරුණයින් සඳහා  වන ව්‍යාපාරයක් ද නිර්මාණය කළ අතර මොහුගේ දක්ෂ රංගනයන් හේතුවෙන් නයිජීරියානු රජයෙන් හා චිත්‍රපට සම්මාන උලෙළවල පවා ඇගයීමට ද ලක් වුණා. ඔහු රගපෑ විවිධ චරිතවලින් ලබාගත් වීඩියෝපට හා ඡායාරූපවලින් ඔහුව සමාජ මාධ්‍යවල අතිශය ජනප්‍රිය මීම් සඳහා යොදා ගැනුණා.

6. GigaChad

මෙම ගිගාචැඩ් මීම් එක පළමුවරට අපට හමුවන්නේ 2017 වසරේදියි. මේ සඳහා හේතු වන්නේ Gulmurod Salimovich Khalimov නැමැති ටජිකිස්ථාන ජාතික හමුදාවේ ලුතිනල් කර්නල්වරයෙක්. යම්කිසි කාරණයක් සම්බන්ධයෙන් ඔවුන් දරන මතය නිවැරදි බව පෙන්වීමට අවශ්‍ය වූ විට මීම් සඳහා මෙය යොදා ගන්නවා.

7. එහෙනම් කොල්ලො අපි ගියා

මෙය 2019 වසරේ Vini Productions YouTube නාලිකාවේ මළ ගෙදර යන නමින් නිකුත් වූ හාස්‍යජනක වීඩියෝවෙහි කොටසක් වන අතර එය වසර කිහිපයක් යනතුරු ශ්‍රී ලංකාවේ ජනප්‍රියම Meme Template අතර පැවතුණා.

8. High Guy

බොහෝවිට මෙම Template එක යොදාගන්නේ මීම් එක කියවන පුද්ගලයාට එහි අදහස පටලවා ඉදිරිපත් කිරීමටයි. ඒ නිසාම මේ Template එක යොදා කරන නිර්මාණ ඉතා ජනප්‍රිය වුණා.

9. මගේ මැට්ටා

මෙම තරුණිය මෑතකදි ජනප්‍රිය වන්නේ ‘සිරිල් අයියා’ නමැති ජනප්‍රිය YouTube නාලිකාවේ ‘මෙයා දක්ෂයිනේ’ කියන වීඩියෝවෙන්. ආදරවන්තියන් සම්බන්ධයෙන් සාදන මීම් සඳහා මෙය බහුලව භාවිත වේ.

10. Confused Unga Bunga

2010 වසරේ සැප්තැම්බර් මස 29 වන දින නිකුත් කෙරුණු Ao: The Last Hunter නැමැති ප්‍රංශ චිත්‍රපටියේ ඇති සයිමන් පෝල් සූටන් නිරූපණය කරන ලද නියැන්ඩතාල් මානවයාගේ දර්ශනය මේ මීම් එක සඳහා යොදාගෙන තිබෙනවා. උංගා බුංගා යන වචනය මෙය සමගින් බැඳී ඇත්තේ ඔස්ට්‍රේලියානු ආදිවාසින්ට සමච්චල් කරන බග්ස් බනී කාටුනයක් නිසාවෙන්. 1950දී නිකුත් කළ බග්ස් බනී කාටුනයේ උංගා බුංගා යන කොටස ද යොදා ගෙන කරන මීම් සාදන්නේම තේරුම් ගැනීමට අපහසු යමක් ගැන කියන අවස්ථාවලදීයි.

+1
9
+1
33
+1
2
+1
1
Facebook
Twitter
LinkedIn
Pinterest
Open chat
1
Hi!
How can we help you?