එලෙස කෙලෙස

elesa kelesa

දේශීය නාට්‍ය කලාවේ ඉහලින්ම වැජඹෙන මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ශූරීන්ගේ වේදිකා නාට්‍යයක් වූ සිංහබාහු නාට්‍යයට සමාන වූ සිනමා නිර්මාණයක් සෝමරත්න දිසානායක මහතා විසින් නිර්මාණය කරනු ලැබුවා. එය නමින් මෑතක දී ජනගත වුණ සිංහබාහු චිත්‍රපටයයි. මේ චිත්‍රපටයේ ඇතැම් තැන් නාට්‍යයට සහ පිලිගත් ජන මතයට හාත්පසින්ම වෙනස් විදියට නිර්මාණය කර තිබෙනවා.

ඇත්තටම සිංහබාහු නාට්‍යය ප්‍රේක්ෂකයා තුළ යම් යම් කුතුහලාත්මක තැන් මතු කරන නාට්‍ය්‍යයක්. ඉන් විශේෂම දේ සිංහයෙක් සහ මිනිස් කාන්තාවක් එකට ජීවත් වන්නේ කෙලෙස ද? ඔවුන්ට ජීව විද්‍යාත්මකව දරුවන් බිහිවන්නේ කොහොමද කියන එක එදා ඉඳන්ම තිබුණ ගැටලුවක්. නමුත් සිංහබාහු චිත්‍රපටියේ සිංහයා කියන්නේ මිනිසෙක්. ඔහු මංකොල්ලකරුවෙක් ලෙස සෝමරත්න දිසානායක මහතා නිරූපණය කර තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, සෝමරත්න දිසානායකගේ සිංහබාහු චිත්‍රපටයේ සිංහයාට සහ සුප්පා දේවියට දාව දරුවන් නැත. සුප්පා දේවිය සිංහයා විසින් පැහැරගෙන එනවිටත් ඇය දෙමස් ගැබිනියක් බව චිත්‍රපටයේ අනාවරණය කරනවා. සිංහබාහු නම් ඔවුන්ගේ පුතා ද සිංහයා ගේ පෙර බිරිඳගේ පුතෙක් බවත්, සිංහ සීවලී නම් දියණිය ද සුප්පා කුමරිය විවාහ වූ රටේ යුවරජුට දාව උපන් දියණිය බවත් චිත්‍රපටියේ දක්වෙනවා. එලෙස වන්නේ කෙලෙස ද? යන ගැටලුව මෙය නරඹන ප්‍රේක්ෂකයා අන්දුන් කුන්දුන් කර දමන මේ චිත්‍රපටය සිංහබාහු පිළිබඳ වෙනම කෝණයකින් බලන්නට ප්‍රේක්ෂකයා පොලඹවනවා.

එපමණක් නොවෙයි චිත්‍රපටයට සම්බන්ධ ආශ්චර්යමත් කාරණාව නම්, චිත්‍රපටයේ නිර්මාණ කාර්යය අවසන් වන්නටත් පෙරම එහි සිංහයාගේ චරිතය නිරූපණය කරමින් සිටි ජැක්සන් ඇන්තනී මහතාට සිදු වූ අනතුරත්, ඔහුගේ මියයාමත් ය. සිංහබාහු නාට්‍යයේත්, ජනප්‍රවාදයේදීත්  සිංහයාගේ මියයාම චිත්‍රපටයේදීත් එයාකාරයෙන්ම නොවුණත්, සිංහයාට රඟපෑ සැබෑ නලුවා මියයෑම යම් ආකාරයට කම්පනයට ලක් කරන සිදුවීමකි. ප්‍රේක්ෂකයා තුළ “මෙලෙස වන්නේ කෙලෙස ද?” යන හැඟීමක් ඇති කරන ආකාරයේ සිදුවීමක් ලෙස එය ගත හැකියි. මේ වන විටත් ජයග්‍රාහී 50වන දිනයත් පසුකර ඇති සිංහබාහු චිත්‍රපටය, සම්ප්‍රදායික නාට්‍ය්‍යයත් ජනප්‍රවාදයත් අභිබවා යමින් අලුත්ම කෝණයකින් සිංහබාහු කතාව දෙස බලන්නට අපව යොමු කරනවා.

+1
0
+1
3
+1
0
+1
0
Facebook
Twitter
LinkedIn
Pinterest
Open chat
1
Hi!
How can we help you?