කාටුන්ලන්තයේ හඬ කැවූ හොඳම කාටුන් සෙට් එක

CARTOON SEKARA WEB

      සූර පප්පා

  • ප්‍රංශ ජාතික René Goscinny තමයි මෙහි නිර්මාණකරුවා වන්නේ. 1959 පළමුවරට ප්‍රකාශනයට පත් වුණ  Asterix හෙවත් The Adventures of Asterix නමින් Franco-Belgian නම් ප්‍රංශ කාටුන්  පොතේ පළමු වරට “සූර පප්පා” ප්‍රකාශයට පත් වුණා.
  • ගෝල් දේශයේ ජීවත් වන ‘Asterix’ එහෙමත් නැත්නම් ‘සූර පප්පා’ හා Obelix එහෙමත් නැත්නම් ‘ජිම් පප්පා’ තමයි මෙහි ප්‍රධාන චරිත වෙන්නේ.
  • සිරස TV මගින් විකාශනය වූ සූර පප්පා එදා මෙදාතුර ලොකු පොඩි හැමෝම ආස කරන කාටුන් එකක් වෙලා තියෙන්නේ ඒ සඳහා යොදාගත් හඬකැවීම් ශිල්පයේ අපූරුබව ද නිසයි.
  • සූර පප්පා කාටූනයේ තේමා ගීතය හා ‘මකබාස්’ සහ ‘නිකං බාස්’ යන චරිතයන් ක්ලියෝපැට්‍රා කුමරිය වෙත යැවීමට කේක් එකක් නිර්මාණය කරන අතරතුර ගායනා කරන ගීතය ද ඉතා ජනප්‍රියයි.

      ස්කූබි-ඩූ

  • ස්කූබි ඩූ කියලා කියන්නේ ඔයාලා අපි හැමෝම එදා ඉඳලා අද වෙනකල් එක වගේ ආදරය කරන කාටුන් එකක්.
  • 1969දී ඇමරිකාවේ විකාශනය වූ ස්කූබි ඩූ කාටුනය ජෝ රූබි (Joe Ruby) හා කෙන් ස්පියර්ස් (Ken Spears) විසින් රචිත අතර පසුව එය හැනා බාර්බෙරා ප්‍රඩක්ෂන්ස් ආයතනය සමගින් එක්ව නිර්මාණය කළා.
  • ස්කූබිඩූහි වර්තමාන හිමිකාරීත්වය Waner Bros. Discovery ආයතනය සතුයි.
  • වෙල්මා, ඩැෆ්නි, ෆ්‍රෙඩී, ෂැගී හා ස්කූබි ඩූ යන චරිත මෙහි ප්‍රධාන චරිත වන අතර විවිධ අද්භූත වෙස් වළාගත් අපරාධකරුවන් නීතියට හසුකර දීම තමයි මෙයාලගේ ප්‍රධාන රාජකාරිය වෙන්නේ.
  • ඇමරිකාවේ CBS (Columbia Broadcasting System) මාධ්‍ය ආයතනයේ ස්කූබි ඩූ පළමුව විකාශය වූ අතර පසුව ABC American Broadcasting Company මාධ්‍ය ආයතනයේත් Cartoon Network, Boomerang හා HBO Max යන ආයතන මඟිනුත් විකාශය වුණා.

      අපි රජ ඉබ්බෝ

  • ඇමරිකාවේ චිත්‍ර කතා ලේඛක කෙවින් ඊස්ට්මන් (Kewin Eatsman) සහ පීටර් ලෙයර්ඩ් (Peter Laird) තමයි මේ අපි රජ ඉබ්බෝ කාටුන් එක නිර්මාණය කළේ.
  • පළමු ප්‍රකාශනය 1984 වසරේ සිදු කළ අතර ජනප්‍රිය වූ මෙම චරිත ඇමරිකාව පුරා සෙල්ලම් බඩු ආකාරයෙන් ද නිර්මාණය වුණා. ඒ නිසාම ලොකු පොඩි හැමෝම අතර මේ කාටුන් එක අතිශය ජනප්‍රියයි.
  • Superhero comic ගණයට අයිති මෙම චිත්‍ර කතා මාලාව කැස්බෑ පැටවුන් හතර දෙනෙකු වටා ගෙතෙන අතර ඔවුන් කුඩා කල විකිරණශීලී ද්‍රව්‍යයට නිරාවරණය වී මානවරූපි බවට පරිවර්තනය වීම නිසා මොවුන්ට මේ සුපිරි බලය ලැබුණා.
  • මේ රජ ඉබ්බන්ගේ මාස්ටර් ලෙස සලකන්නේ මුල්කාලීනව කරාටේ ක්‍රීඩකයෙකු ලෙස සිට පසුව සතුරෝ විසින් මීයෙකු බවට පත්කළ පුද්ගලයෙක්.
  • ඇමරිකාවේ නිව් යෝර්ක් නගරය වටා ගෙතී ඇති මෙම කතා මාලාවේ ප්‍රධාන සතුරා වන්නේ Shredder එසේත් නැතිනම් ‘සාකියා’ යන චරිතයයි.
  • සිරස TV ආයතනය මගින් හඬකවා විකාශය කරන ලද මෙහි තේමා ගීතය මෙන්ම චරිත ද කුඩා ළමුන් අතර අතිශය ජනප්‍රිය වුණා.

      දොස්‍තර හොඳ හිත

  • 1970 – 1971දී ඩේවිඩ් එච්. ඩෙපෑටේ හා ෆ්‍රිස් ෆ්‍රේලෙන්ග් විසින් Doctor Dolittle නමින් රචිත ඇමරිකානු කාටුන් මාලාවක් ඇසුරෙන් මෙය නිර්මාණය වුණා.
  • සතුන් සමග කතා කළ හැකි පශු වෛද්‍යවරයෙක් මෙහි ප්‍රධාන චරිතය වන අතර නෞකාවකින් ලොව පුරා ගමන් කරමින් ප්‍රතිකාර අවශ්‍ය විවිධ සතුන් හට උදව් කිරීම මෙම වෛද්‍යවරයා විසින් සිදු කරනවා.
  • ඇමරිකාව තුළ ප්‍රථමයෙන් NBC නාලිකාවෙන් මෙම කාටුනය විකාශය වූ අතර ශ්‍රී ලංකාවේ ජාතික රූපවාහිනිය මඟින් මෙය විකාශය වුණා. මෙය ශ්‍රී ලංකාවේ ප්‍රවීණ හඬකැවීම් නිෂ්පාදක ටයිටස් තොටවත්ත මහතාගේ නිර්මාණයක්.
  • දොස්තර හොඳ හිත කාටුනයේ ජනප්‍රිය වූ චරිත කිහිපයක් ඉන්නවා. චබ් චව්, පෙත්තප්පූ, තණකොළපෙත්තාස් සංගීත කණ්ඩායම, ටුටූ යනු නම කියූ පමණින් මතකයට එන චරිත කිහිපයක්.

      ටින් ටින්

  • The Adventures of Tintin නමින් බෙල්ජියානු කාටුන් ශිල්පී ජෝර්ජස් රෙමි (Hergé ඔහුගේ කර්තෘ නාමය) විසින් ප්‍රංශ භාෂාවෙන් මෙම චිත්‍ර කතා මාලාව නිර්මාණය කළා.
  • මෙම චිත්‍ර කතා මාලාව කෙතරම් ජනප්‍රිය වුණා ද කියනවා නම් 20වන සියවසේ ජනප්‍රියම යුරෝපීය චිත්‍ර කතා මාලාව බවට ද පත් වුණා.
  • අතිසාර්ථක වූ ටින් ටින් චිත්‍ර කතාව ලොව පුරා රටවල් ගණනාවක භාෂා 70කට අධික සංඛ්‍යාවකට පරිවර්තනය වූ අතර මුද්‍රණ මිලියන 200කට වඩා වැඩි ප්‍රමාණයක් විකිණී තිබුණා.
  • මෙහි සාර්ථකත්වය මත ඉන්පසු ටින් ටින් කතාමාලාව ගුවන් විදුලි, රූපවාහිනී, වේදිකා හා චිත්‍රපටි යනාදි විවිධ මුහුණුවර තුළින් ප්‍රේක්ෂකයන් වෙත ළඟා වුණා.
  • ටින් ටින් යනු බෙල්ජියානු නිර්භීත හා තරුණ මාධ්‍ය වාර්තාකරුවකු වන අතර ඔහුගේ සියලුම වීරක්‍රියා සඳහා ඔහු හා එක්වී සිටින්නේ “ස්නෝවී (මිලෝ/Milou මුල්ම ප්‍රංශ නිර්මාණයට අනුව)” නම් සුනඛයායි.
  • ටින් ටින් සිංහලෙන් හඬකවා ලංකාවේ ද විකාශය කෙරුණු අතර කුඩා දරුවන් අතර එය ඉමහත් ලෙස ජනප්‍රිය වීමට එහි ඇති වීරක්‍රියා, හඬකැවීමේ විශිෂ්ට ශිල්පීය ක්‍රම හේතු වුණා.
  • කැප්ටන් හැඩොක්, මහාචාර්ය කැල්කියුලස්, තොම්සන් සහ තොම්සන් යනු මෙම කතා මාලාවේ ජනප්‍රිය වූ තවත් චරිත කිහිපයක්.

      කූඹිච්චි

  • චෙක් ජාතික ඔන්ඩ්‍රී සකෝරාගේ (Ondřej Sekora) චිත්‍ර කතා පොතක් ආශ්‍රයෙන් Ferdy the Ant නම් මෙම කාටුන් මාලාව 1984 දී ජර්මානු-බ්‍රිතාන්‍ය ටෙලිකතා මාලාවක් ලෙස නිර්මාණය වුණා.
  • කැලෑවක සිටින විවිධ කෘමි සමූහයක් වටා ඉතා රසවත් ආකාරයෙක් නිර්මාණය වූ මෙම කතාවේ Ferdy යනු පිරිමි කුහුඹුවෙක්. නමුත් මෙය සිංහලට පරිවර්තනය වීමේදී මේ චරිතය කූඹිච්චි නම් ගැහැනු කුහුඹුවෙකු ලෙස හඬකවා නිර්මාණය කර තිබෙනවා. මෙය එකල කූඹිච්චි ප්‍රේක්ෂකයන්ට තිබූ දැවෙන ප්‍රශ්නයක් වුණා.
  • මේ විදියට ගැහැනු කුහුඹුවෙකු යොදාගන්න හේතුව කුඩා දරුවන් ආමන්ත්‍රණය කිරීමට පහසුම ක්‍රමය කාන්තා චරිතයක් යොදා ගැනීම නිසයි.

      දඟයා

  • මෙම කාටුනය 1986-1988 කාලයේදී “Dennis the Menace” නමින් DIC Animation City ආයතනය මගින් නිර්මාණය ලද හෑන්ක් කෙචෑම් විසින් රචිත චිත්‍ර කතා මාලාවක්.
  • කුඩා දරුවන් පිරිසක් විසින් සිදුකරන දඟ වැඩ ඇසුරෙන් නිර්මාණය වී ඇති මේ කාටුනය ශ්‍රී ලංකාවේ පුංචි දරු දැරියන් අතරේ ඉතා ජනප්‍රිය වීමට එය කදිම හේතුවක් වුණා.
  • මේ මිතුරු කැලේ සගයන් වෙන්නේ දඟයා (ප්‍රධාන චරිතය), ඔහුගේ සුරතල් බල්ලා, පොඩ්ඩා, මාග්‍රට්, ජිනී කියන අය. දඟයාගේ අසල්වැසියෙක් වන විල්සන් මාමා සහ නැන්දා කාගෙත් සිත් ගත් චරිත දෙකක්.
  • දඟයාගේ දඟ වැඩ සියල්ලට සැම විට හසුවන්නේ මේ විල්සන් මාමයි. නිතරම දඟ‍යාගේ දඟ වැඩ නිසා තරහෙන් ඉන්න විල්සන් මාමා සමග මේ කතාවේ බොහෝ කොටස් නිර්මාණය වෙලා තිබෙනවා.

      සෝරෝ

  • ස්පාඤ්ඤ මනකල්පිත චරිතයක් වන Zorro එහෙම නැත්තන් දොන් ඩියාගෝ ඩි ල වේගා චරිතය නම් 90 දශකයේ අපිට අමතක කරන්න බැරි තරමටම සිතට කා වැදුණු චරිතයක්. ජාතික රූපවාහිනියේ සෝරෝ නමින්ම සිංහල හඬ කවා විකාශය වූ මෙම කාටුනය බොහොමයක් අනූව දශකයේ පොඩ්ඩෝ නැරඹුවේ ඉතාම ආසාවෙන්. මෙම කාටුනය අපට සමීප වෙන්න ටයිටස් තොටවත්ත මහත්මයාගේ නිර්මාණ ශෛලියත් හඬ කැවීමත් බෙහෙවින් බලපෑවා.
+1
1
+1
9
+1
0
+1
2
Facebook
Twitter
LinkedIn
Pinterest
Open chat
1
Hi!
How can we help you?