ලංකාවේ හිට්ම මෙගා ටෙලිඩ්‍රාමා සෙට් එක

පබා
එක රැයින් අතිශයින් ජනප්‍රිය වූ මෙගා ටෙලිනාට්‍යයක් ලෙසින් “පබා” හඳුන්වන්න පුළුවන්. උපේක්ෂා  ස්වර්ණමාලි හා  අමිල අබේසේකර මෙහි ප්‍රධාන චරිත යුගලය වේ. කොටස් 400 ක් සහිතව විකාශනය වුණු මෙහි දුප්පත් තරුණියක හා ප්‍රේමයෙන් වෙලෙන පොහොසත් තරුණයෙකු හා ඔවුන්ගේ ප්‍රේමයට එන බාධක හමුවේ අවසානයේදී ඔවුන් ඒවා ජයගනී.  ජගත් බෙනරගම අධ්‍යක්ෂණය කරන ලද අතර මහේෂ් රත්සර මද්දුම ආරච්චි මෙහි කතාව ලියන ලදී. මේ පබා ටෙලිනාට්‍ය කොපමණ කලක් ගියද මෙරට ප්‍රේක්ෂකයින්ට නම් අමතක නොවන ටෙලි නාට්‍යකි.

බට්ටි

ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශනය වූ බට්ටි ටෙලි නාට්‍ය ලාංකීය රසිකයින් ඉතාමත් ආදරයෙන් වැළඳගත් ටෙලි නාට්‍යයක්. දමිතා අබේරත්න, රොජර් සෙනෙවිරත්න, ලයනල් වික්‍රමගේ, ෆර්නි රෝෂිනී වැනි ජනප්‍රිය රංගන ශිල්පීන් හා ශිල්පිනියන් රැසක් මේ බට්ටි ටෙලිනාට්‍යයේ රංගනයෙන් දායක විය. චිත්‍ර කතාවක් පාදක කරගනිමින් බිහිවූ මෙහි කතාව වලව්වක් මුල් කරගනිමින් දිවයයි. චිත්‍ර කතාවේ පළවූ නම වන්නේද “බට්ටි” වේ. එයම බට්ටි ටෙලි නාට්‍ය සඳහා ද යොදා ගැනීම විශේෂත්වයකි. බට්ටි චරිතයට පණ පොවන්නේ දමිතා අබේරත්නයි.  සුමති සම්මාන ඇතුළු සම්මාන රැසක් මෙම ටෙලිනාට්‍ය දිනාගත්තා.
මුතු කිරිල්ලි

මෙහි ප්‍රධාන චරිත ලෙස රංගනයෙන් එක්වුයේ එවකට ආධුනික රංගන ශිල්පීන් වූ මේනක රාජපක්ෂ සහ නෙහාරා  පිරීස්. ඔවුන් එහිදී අනූපම සහ සමාධි යන චරිතවලින් ප්‍රේක්ෂකයන් ඉදිරියට පැමිණියා. එවකට තිබු ඒකාකාරී රැල්ලෙන් මිදුණු නව ආරේ කතාවක් නිසා කෙටි කලකින්ම මුතූ කිරිල්ලි ලංකාවේ ජනප්‍රියම ටෙලි නාට්‍ය ලෙස කිරුළු පලඳිනවා  වගේම තිරයේ පෙම්වතුන් දෙපළ පසුව සැබෑ ලෝකයේ ආදරවන්තයින් බවටත් පත් වෙනවා.

අමන්දා

මුතු කිරිල්ලී නාට්‍යයෙන් පසුව ජනප්‍රිය රැල්ලට එක් වුණු අමන්දා ටෙලිනාට්‍ය මේනක රාජපක්ෂ සහ නෙහාරා පිරීස් ඇතුළු තවත් නවක නළු නිළියන් ප්‍රධාන චරිතවලින් එකතු වූ නාට්‍යයක් ලෙස අමන්දා ටෙලි නාට්‍යය හඳුන්වන්න පුළුවන්.

මෙහිදි එක් ආදර කතාවක් මුලික කරගෙන නිර්මාණය වූ කතාවක් ලෙස නාට්‍යය ආරම්භයේදි පෙනුනත් නාට්‍යය අවසානයේදී ප්‍රේක්ෂකයා නොසිතූ ලෙස කතාව වෙනස් වුන අතර එහිදි ප්‍රධාන චරිතය වූ අමන්දා නොමැතිව අවසානය සටහන් වුනේ ප්‍රේක්ෂකයන් නොසතුටට පත් කරමින් වගේම මෙගා ටෙලිනාට්‍යවලටත් පැල්ලමක් එකතු කරමින්.

මෙහිදි පැහැදිලිවම කතාව ආරම්භයේ සිදුවීමට තිබූ අවසානය නොවී වෙනත්ම අවසානයක් ටෙලිනාට්‍යයේ තිබුනා වගේම එහි රගපෑ බොහො දෙනෙක් ඉන්පසු අපිට පුංචි තිරයෙන් දකින්නට ලැබුනෙත් නැති තරම්.

ඉතින් ඊට පස්සේ

1975 දී ‘සිත්තර’ නම් චිත්‍ර කතා  පොතේ බලංගොඩ සරත් මධු විසින් නිර්මාණය කරන ලද ‘ඉතින් ඊට පස්සේ’ චිත්‍ර කතාව ඇසුරෙන් මෙම ටෙලි නාට්‍ය නිර්මාණය විය. මෙය ITN නාලිකාවෙහි නිල්වලා එන්ටර්ටේන්මන්ට් ආයතනය වෙනුවෙන් උපුල් ජයසිංහ විසින් නිෂ්පාදනය කරන ලදී.

මෙම කතාවේ පෙම්වතා වන ‘කැලුම්’ කියන්නේ දේදුනුගේ හිත දිනාගන්න හදන තරුණ සංගීතවේදියෙක්. විවිධ බාධක මැද මොවුන් දෙදෙනා  තම ආදර කතාව ජයගනියි.

උමයන්ගනා වික්‍රමසිංහ හා සම්පත් කුමාරතුංග මෙම ටෙලිනාට්‍යයේ දේදුනුට හා කැලුම්ට රංගනයෙන් පණ පොවන ලදි. එකල ලංකාවේ අති ජනප්‍රිය වූ මෙම ටෙලිනාට්‍යයේ තේමා  ගීතය ද ඒ හා  සමානවම ජනාදරයට පාත්‍ර විය.

අමා

ITN නාලිකාවේ විකාශය වූ තවත් ජනප්‍රිය වූ ටෙලි නාට්‍යයකි. ශෙරිල් ඩෙකර් (අමා), විශ්ව කොඩිකාර (හිරූ) මෙහි ප්‍රධාන චරිත රඟදක්වයි. සම්ප්‍රදායික පවුලක වැඩිමහල් දියණිය වන අමාව වෙළඳ ප්‍රචාරණ ආයතනයක සේවය කරන ‘හිරූ’ නම් තරුණයෙකු විසින් නිර්මාණය කරන වෙළඳ දැන්වීමකට අහම්බයෙන් තෝරාගන්නා අතර ඉන්පසුව ඔවුන් දෙදෙනා  අතර ඇතිවන ප්‍රේම සම්බන්ධය වටා මෙම කතාව ගෙතී ඇත. ශ්‍රී ලංකාවේ දක්ෂ රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායකවන මෙම ටෙලිනාට්‍යයෙහි ආදරය, විරහව, හාස්‍යය යන සියල්ල තිබේ. ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වූ ටෙලිනාට්‍යය තේමා  ගීත අතරින් අමා ටෙලිනාට්‍යයේ තේමා ගීතයට ද ප්‍රමුඛස්ථානයක් හිමි වේ.
පබළු
ITN නාලිකාවේ විකාශනය වූ තවත් අතිශය ජනප්‍රිය වූ මෙගා ටෙලිනාට්‍යයක් ලෙස පබළු දක්වන්න පුළුවන්. කොටස් 200 කට වඩා විකාශය වූ මෙහි ජනප්‍රිය ටෙලි තරු රැසක් රංගනයෙන් දායක වුණා. අයෝධ්‍යා මිහිරාවි, පබෝදා සන්දීපනී, විශ්ව කොඩිකාර වැනි නවක පරපුරේ සිත් ගත් චරිත මෙහි රංගනයෙන් දායක වුණා. විශේෂයෙන්ම තරුණ ප්‍රේක්ශක පිරිස ඉලක්ක කරගෙන විකාශනය වූ මෙම මෙගා ටෙලිනාට්‍ය පෙළ එකල ප්‍රේක්ශකාගාරයේ ආදරයට ලක් වීමට එහි රගපෑ නළුනිළියන් ද හේතු විය.
+1
0
+1
1
+1
0
+1
0
Facebook
Twitter
LinkedIn
Pinterest
Open chat
1
Hi!
How can we help you?