ශ්‍රී ලංකාවේ YouTube Legendsලා

Lankawe youtube legends

YouTube Platform එක භාවිත කරන පිරිස අතිවිශාලයි. රසවින්දනය වෙනුවෙන් වගේම විවිධාකාරයේ මාතෘකාවලට අදාළ වීඩියෝ නැරඹීමටත්, දැනුම ලබා ගැනීමටත් YouTube භාවිත වෙනවා. YouTube Platform එක නිර්මාණශීලී අවකාශයක් කර ගනිමින් ජනප්‍රිය වුණ ලංකාවේ මුල්ම Youtubersලා ගැනයි මේ මතකය අවදි කරන්න යන්නේ.

Gappiya

ලංකාවේ YouTube Legend විදියට බොහෝ දෙනෙක් ගප්පියාව හඳුන්වනවා. Comedy කියන ශානරය (Genre) යටතේ නිර්මාණශීලී වීඩියෝ සැකසූ ඔහු YouTube Platform එක හරහාම ජනප්‍රියත්වයක් හිමි කර ගත් පුද්ගලයෙක්.

Jehanr

JehanR

Comedy ශානරය යටතේ ඉංග්‍රීසි භාෂාවෙන් වීඩියෝ නිර්මාණය කරමින් ජනප්‍රියත්වයට පත් වෙන්න ඔහුට හැකි වුණා. විදේශයක සිටින ශ්‍රී ලාංකිකයෙක් වන ඔහු ලාංකීය ජන සමාජය තුළ වන විවිධාකාර දේ නිර්මාණාත්මකව YouTube අවකාශයට රැගෙන ආවා.

Chanux Bro

පරිගණක තාක්ෂණය ගැන අධ්‍යාපනික වීඩියෝ නිර්මාණය කළ ඔහුගේ YouTube චැනල් එක ලංකාවේ පරණම YouTube චැනල් අතරින් තවමත් ක්‍රියාකාරී තත්ත්වයේ පවතින චැනල් එකක්.

Podda

Comedy ශානරය යටතේ වීඩියෝ නිර්මාණකරණයේ නිරත ඔහු මේ වන විට වැඩිය දකින්න නැතත් දක්ෂ YouTube නිර්මාණකරුවෙක් ලෙස හඳුන්වන්න පුළුවන්.

Nawran

ගප්පියා සහ පොඩ්ඩා කියන YouTubersලා සමග සමකාලීනව ජනප්‍රිය වුණ පුද්ගලයෙක් වන නව්රාන් Comedy ශානරය යටතේ වීඩියෝ නිර්මාණය කළ Youtuber කෙනෙක්.

Kushan Srimal Show

දෙදෙනෙක් එක්ව කළ YouTube චැනල් අතරින් ප්‍රමුඛ ස්ථානයක් ගත් චැනල් එකක් නිර්මාණය කළ පුද්ගලයන් දෙදෙනෙක් වන මොවුන් වීඩියෝ නිර්මාණය කළේ Comedy ශානරය යටතේයි. කලක් නිහඬව සිටි මොවුන් දෙදෙනා නැවතත් වීඩියෝ නිර්මාණකරණයේ යෙදෙන බවක් දකින්න පුළුවන්.

Ranidu

Music ශානරය යටතේ YouTube හි ජනප්‍රිය වුණ රනිඳු 90 දශකයේ ලංකාවේ තරුණ තරුණියන් අතර ජනප්‍රිය වුණ ගීත රැසක් ගායනා කළ ජනප්‍රිය ගායකයෙක්. ලංකාවේ Music category චැනල් අතරින් පරණම චැනල් එකක් ලෙස රනිඳුගේ YouTube චැනල් එක හඳුන්වන්න පුළුවන්.

Iraj

Music ශානරය යටතේ YouTube හි වඩාත් ජනප්‍රිය වුණ දක්ෂ සංගීත නිර්මාණකරුවෙක් වගේම ගායකයෙක් විදියට ඉරාජ්ව හඳුන්වන්න පුළුවන්.

+1
0
+1
1
+1
0
+1
0
Facebook
Twitter
LinkedIn
Pinterest
Open chat
1
Hi!
How can we help you?