Online Game Streaming පෙරළිකාරයෝ

streaming cover

අද ලෝකයේ විනෝදාංශ හිතා ගන්න බැරි ප්‍රමාණයක් තියෙනවා. Video Game කියන්නෙත් ඒ වගේම බොහොම ප්‍රචලිත විනෝදාංශයක්. මුල් කාලයේදී තනියම හෝ මිතුරන් කිහිපදෙනෙක් සමග ක්‍රීඩා කරපු මේ Video Game අන්තර්ජාලය පැමිණීමත් එක්ක අද ඉතා ඉහළ වටිනාකමක් උසුලනවා. ඒ Online Game සජීවීව YouTube, Facebook, TikTok වගේ Social media platformවල Stream කරන්න හැකි වීමෙනුයි. මේ Live streaming බලන්න දහස් ගණන් මිනිස්සු රොද බැඳගෙන ඉන්නවා වගේම Online Game Stream කරන්නන්ට ව්‍යාපාර සන්නාම තම අනුග්‍රාහකත්වය පවා දක්වනවා. ඉතින් සේකර අපි හිතුවා ලංකාවේ ප්‍රචලිත මේ Industry එකේ නමක් දිනාගෙන සිටින Online Game Streaming කරන පෙරළිකාරයෝ ගැන මේ ලිපියෙන් කතා කරන්න.

ManiYa Streams

සමාජ මාධ්‍යවල මනියා ලෙස ඉතා ප්‍රසිද්ධ මනිත අබේසිරිවර්ධන YouTube video content creator කෙනෙක්. තමන්ව Personal brand එකක් විදියට Maintain කරන මනියා ව්‍යාපාර සන්නාම සමග එකතු වී Online game streaming කිරිම ද සිදු කරයි. සතියේ සෑම අඟහරුවාදාවකම සහ බ්‍රහස්පතින්දාවකම රෑ 9.30ට මනියා Stream කරනවා.

mr bro

Mr. Bro

PUBG mobile streamer කෙනෙක් විදියට ඉතා විශාල ජනප්‍රියත්වයක් දිනාගෙන සිටින පුද්ගලයෙක් ලෙස Mr. Bro එහෙම නැත්නම් අකිල චාමර මදුශාන් හඳුන්වා දෙන්න පුළුවන්. YouTube, Facebook platform දෙකේම එක විදියට Stream කරන අකිල තමන්ගේ Industry එකේ තත්ත්වය නඟා සිටුවන්න වැඩ කරන කෙනෙක් විදියටත් හඳුන්වා දෙන්න පුළුවන්. සතියේ සෑම දිනකම උදේ 11 සිට හවස 05 දක්වාත් රාත්‍රී 8 සිට අලුයම 2 දක්වාත් Mr. Bro stream කරනවා.

Shashi Nishadi Streaming

පහුගිය කාලයේ ඒක බාර් නර්තනයත් සමග අතිශය ජනප්‍රිය වූ ශෂී නිශාදී Game streaming අතර Icon එකක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. Facebook platform එක තම ප්‍රධාන මාධ්‍ය කරගනිමින් ඇය Stream කරන අතරම ප්‍රේක්ෂකයන් විසින් ලබා දෙන තරු මඟින් ඇය ආදායමක් උපයනවා.

Shashi
T hik

T hik Gaming

Online game stream කරන අතරතුරම ඉතා රසවත් ලෙස තමන්ගේ ප්‍රේක්ෂකයන්ව එක දිගටම පැය කිහිපයක් විනෝදවත් කිරීමට T hik gaming හි හෂානො දස්කම් දක්වනවා. ඔහුගේ ඉදිරිපත් කිරීමේ විලාසය මේ සඳහා බලපා තිබෙනවා.

Napura Gaming

මූලික වශයෙන් PUBG mobile game සඳහා ප්‍රමුඛත්වයක් ලබා දෙන Napura gaming කියන්නේ Online platformවල කතාබහට ලක්වන Game streamer කෙනෙක්. Facebook සහ YouTube මඟින් Stream කරන නිසාවෙන් විශාල Fan base එකක් මොහු සතු වෙනවා.

napura gaming
kissa

Kissa Gaming

Game stream පමණක් නොව Daily vlogs මඟින් ද තමන්ගේ රසිකයන් සමග එකතු වෙන කිසල් තාරක තමන්ගේම අනන්‍යතාවක් පවත්වාගෙන යනවා. එපමණක් නොවෙයි ඔහු Unboxing video මඟින් Electronic devices පිළිබඳව දැනුවත්භාවයක් අනෙක් අයට ලබා දෙනවා.

Evanji

Online game streaming industry එකේ Icon එකක් ලෙස Evanji හඳුන්වන්න පුළුවන්. එදිනෙදා ජීවිතයේ සිදුවන විනෝදාත්මක සිදුවිම් ද නරඹන්නන් සමග බෙදා ගන්නා නිසාම විශාල රසික සමාජයක් ඇයට සිටිනවා.

rusiya

Rusiya Streaming

PUBG MOBILE, PUBG PC, BLACK SQUAD, GTA V ආදී වූ බොහෝමයක් ගේම් තමන්ගේ YouTube Channel එක මඟින් Stream කරන රුසිත් නවමු ආකාරයේ අත්දැකීමක් තමන්ගේ ප්‍රේක්ෂකයන්ට ලබා දෙනවා.

LioN KoLLA

Gaming industry එකේ LioN KoLLA සුවිශේෂී තැනක් හිමිකරගෙන තියෙන්නේ ඔහුගේ තියෙන නිර්මාණාත්මක ගුණය නිසාමයි. සිනමා අත්දැකීමක් ලබන පරිද්දෙන් Content එක නිර්මාණය කරන අතරම එය ඉදිරිපත් කරන ආකාරය ද ඔහුටම සුවිශේෂී වන නිසා එය කැපී පේනවා.

Billa gaming

Billa Gaming

Facebook මාධ්‍ය තුළ Game stream කරන්නෙක් විදියට Billa gaming හඳුන්වා දෙන්න පුළුවන්. Streaming කරන කාලය පුරාම තම රසිකයන්ව එක ලෙස රඳවා තබා ගැනීමේ හැකියාවක් සහ තමන්ගේ අදහස් ඔවුන් හා මුසු කරමින් ක්‍රීඩාවේ යෙදීමේ සුවිශේෂී හැකියාවක් ද ඔහු සතුව තිබෙනවා.

+1
0
+1
5
+1
0
+1
0
Facebook
Twitter
LinkedIn
Pinterest
Open chat
1
Hi!
How can we help you?