Nostalgic Games එක්ක අතීතයට චාරිකාවක්

Nostalgic Games එක්ක අතීතයට චාරිකාවක්

ළමා කාලය සුන්දර කළ පරිගණක ක්‍රීඩා ගැනයි අපි අද ඔයාලාගේ මතකය අවදි කරන්න හිතුවේ. පරිසරයත් සමග එක්ව ගෙවුණ ළමා විය තාක්ෂණයේ ආගමනයත් එක්ක එයටත් බද්ධ වුණා. මේ පරිගණක ක්‍රීඩා නිර්මාණය වෙන්න පාදක වුණ සිදුවීම් පවා හරිම සිත්ගන්නා සුලුයි. පරිගණක ක්‍රීඩා අතරින් අපි තෝරාගත් මේ ක්‍රීඩා ඔයාලටත් මතකද බලන්න.

Project I.G.I.

First person, Shooting game category එකට අයත් ජනප්‍රිය ක්‍රීඩාවක් වුණ I.G.I. 2000 වර්ෂයේ දෙසැම්බර් 8 වන දා Innerloop Studios ආයතනය මගින් නිර්මාණය කළ අතර Eidos Interactive ආයතනය මගින් නිකුත් කළ පරිගණක ක්‍රීඩාවක්.

I.G.I. මෙහෙයුමේ නියෝජිතයෙක් සහ බ්‍රිතාන්‍ය විශේෂ ගුවන් සේවාවේ හිටපු මෙහෙයුම් ක්‍රියාකරුවකු වන ‘ඩේවිඩ් ජෝන්ස්’ කියන හමුදා නිලධාරියා වටා මෙම පරිගණක ක්‍රීඩාව නිර්මාණය වී තිබෙනවා.

සොරකම් කළ න්‍යෂ්ටික අවියක් පිළිබඳ වැදගත් තොරතුරු ඇති බව විශ්වාස කරන රුසියානු ආයුධ වෙළෙන්දෙක් වන ජොසෙෆ් ප්‍රිබෝයි සොයා ගැනීම තමයි මෙම ක්‍රීඩාවේ ප්‍රධානම ක්‍රියාන්විතය වෙලා තියෙන්නේ.

 

GTA (Vice city, San Andreas)

Action-adventure category එක යටතේ නිකුත් වූ ලොව පුරා ජනප්‍රිය පරිගණක ක්‍රීඩා මාලාවක් ලෙස Grand Theft Auto (GTA) හඳුන්වන්න පුළුවන්.

මෙහි පළමු ක්‍රීඩාව 1997 නොවැම්බරයේදී MS DOS පරිගණක සඳහා නිකුත් වූ අතර මෙම ක්‍රීඩා මාලාව නිර්මාණය කළේ Rockstar Games ආයතනයයි.

මෙහි ප්‍රධාන සාමාජිකයා අපරාධ කණ්ඩායමක සාමාජිකයෙකු වන අතර ඔහු සිදු කරන විවිධ අපරාධ හා  මංකොල්ලකෑම් මෙම ක්‍රීඩා මාලාවට පාදක වී තිබෙනවා.

මෙම ක්‍රීඩා මාලාවේ සිව්වන සහ පස්වන ක්‍රීඩා වන Vice City හා San Andreas යන ක්‍රීඩා මෙරට ද ඉතා ජනප්‍රිය වුණා.

 

Need for Speed (NFS)

1994 වර්ෂයේදී නිකුත් වූ මෙම ක්‍රීඩා මාලාව Racing category එකට අයත් වෙනවා.

මෙම ක්‍රීඩා මාලාව යටතේ ක්‍රීඩා 10කට අධික සංඛ්‍යාවක් නිකුත් වූ අතර NFS 02, NFS Hot Pursuit, Underground, සහ Most Wanted ඒ අතරින් ඉතාම ජනප්‍රිය වුණා.

නගරයක මාර්ග නීති උල්ලංඝනය කරමින් යන පිරිසක් පසුපස පොලිස් රථ හඹා යන අයුරින් මෙම ක්‍රීඩාව නිර්මාණය කර තිබෙනවා.

 

Cricket 07

2006 නොවැම්බර් මස නිකුත් කළ මෙම පරිගණක ක්‍රීඩාව EA Canada සහ HB Studios ආයතන විසින් නිර්මාණය කළ අතර EA Sports ආයතනය විසින් නිකුත් කරනු ලැබුවා.

Cricket videos games අතර ඉහළ ජනප්‍රියත්වයක් හිමි කර ගත් මෙම ක්‍රීඩාවේදී විවිධ රටවල් තෝරා තමන්ට කැමති ප්‍රතිවාදී පිලක් සමග තරග කිරීමට හැකියි.

ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් ද මෙම ක්‍රීඩාවට ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.

 

Mortal Combat

Fighting category එකට අයත් මෙම ක්‍රීඩාව 1992 වර්ෂයේදී Midway Games ආයතනය විසින් නිර්මාණය කළ ක්‍රීඩාවක්.

සුපිරි බලයක් සහිත සටන්කාමී පිරිසක් එක්ව කල්පිත විශ්වයක සිදු කරන ද්වන්ධ සටන් මාලාවක් පාදක කරගෙන මෙම ක්‍රීඩාව නිර්මාණය වී තිබෙනවා.

 

Price of Persia

මධ්‍යකාලීන පර්සියාවේ එහෙම නැත්නම් වර්තමාන ඉරානයේ රජ කුමාරයෙක් සිදු කරන ක්‍රියාන්විතයක් ඇතුළත් මෙය Action-adventure category එක යටතේ ජනප්‍රිය වූ පරිගණක ක්‍රීඩාවක්.

Jordan Mechner විසින් නිර්මාණය කළ මෙහි පළමු ක්‍රීඩාව 1989දී ද දෙවන ක්‍රීඩාව 1993දී ද නිකුත් කෙරුණා. ඒවා නිකුත් කළේ Broderbund ආයතනය විසින්.

පසුකාලීනව Ubisoft ආයතනය විසින් මෙම ක්‍රීඩා මාලාවේ තවත් ක්‍රීඩාවක් නිකුත් කළ අතර ලොව පුරා ජනප්‍රිය වුණේ එම ක්‍රීඩාවයි.

 

Super Mario

90 දශකයේ ළමා කාලය ගෙවූ, පරිගණක ක්‍රීඩාවල නිරත වුණ කෙනෙක් නම් ඔයාට මේ ක්‍රීඩාව අමතක වෙන්න විදියක් නෑ. ඒ කාලයේ කුඩා ළමුන් අතර ජනප්‍රිය වූ මෙම ක්‍රීඩාව Super Mario එහෙම නැත්නම් Super Mario Brothers කියලත් හඳුන්වනවා.

Mushroom Kingdom කියන රාජධානියක කෙරෙන මෙම ක්‍රීඩාවේ ප්‍රධාන චරිතය වන මාරියෝ විවිධ බාධක හා අභියෝගවලට මුහුණ දෙමින් ඉදිරියට යන අන්දමින් මෙම ක්‍රීඩාව නිර්මාණය වී තිබෙනවා.

Platform category එකට අයත් ක්‍රීඩාවක් වන මෙය නිකුත් කළේ Ninetendo ආයතනය විසින්.

 

Miniclip games

මෙය එක් ක්‍රීඩාවක් නම් නෙමෙයි. Miniclip කියලා කියන්නේ 2D පරිගණක ක්‍රීඩා නිකුත් කළ ආයතනයක්.

ඉතා ජනප්‍රිය පරිගණක ක්‍රීඩා රැසක් මෙයට ඇතුළත්.

Sonic, Bubble Trouble, 3 Foot Ninja, Alien Attack, Rural Race, Cannon Blasts මෙම ක්‍රීඩා අතරින් ජනප්‍රිය වූ ක්‍රීඩා කීපයක්.

 

Disney Hercules

හර්කියුලිස්ගේ චරිතය වටා ගෙතී ඇති මෙම පරිගණක ක්‍රීඩාව Walt Disney ආයතනය විසින් 1997දී නිර්මාණය කර තිබෙනවා.

Platform category එකට අයත් මෙම ක්‍රීඩාවේදී ටයිටන්වරු සමග සටන් කරමින් තමයි ක්‍රීඩාවේ ඉදිරියට යන්න තිබෙන්නේ.

 

Call of Duty

First-Person, shooting game එකක් වන මෙය ඉතා ජනප්‍රිය පරිගණක ක්‍රීඩාවක්.

Activation ආයතනය 2003 වර්ෂයේදී නිකුත් කළ මෙම ක්‍රීඩාවේ වර්තමාන ක්‍රීඩා නවීන තාක්ෂණය භාවිතයෙන් ද අධි යථාර්ථවාදී (Hyper Realistic) Graphics යොදා ගනිමින් සජීවී ලෙස ද නිකුත් කරනු ලබනවා.

දෙවන ලෝක යුද්ධය පාදක කරගෙන Call of Duty World War series එක හරහා මෙහි පළමු ක්‍රීඩාව නිකුත් වුණා.

ඉන්පසුව අනාගතයේ සිදු විය හැකි යුද ක්‍රියාන්විත පාදක කර ගනිමින් Call of Duty Modern Warfare, Call of Duty Black Ops, Call of Duty Ghost, Advanced Warfare සහ Infinite Warfare ක්‍රීඩා ද නිකුත් වුණා.

ඔවුන්ගේ නවතම ක්‍රීඩාව ලෙස Call of Duty Modern Warfare II (2022) ඉතා සජීවීව නිර්මාණය කර තිබෙනවා.

 

+1
2
+1
11
+1
1
+1
2
Facebook
Twitter
LinkedIn
Pinterest
Open chat
1
Hi!
How can we help you?