TikTok තුළින් කරළියට ආ ලංකාවේ Content Creators ලා

TikTok

2016 වර්ෂයේදී බිහි වූ TikTok ලොව පුරා මිලියන ගණනක පිරිසක් අතර ඉතා ජනප්‍රිය ඇප් එකක්. 2022 ජනවාරි මාසය වන විට TikTok මාසික පරිශීලකයන් සංඛ්‍යාව බිලියනය දක්වා ඉහළ ගොස් තිබුණා. විනෝදාත්මක වීඩියෝවලින් ඔබ්බට ගොස් දැනුම ලබා දීමේ වීඩියෝපට ද මේ වන විට TikTok තුළ ඉතා ජනප්‍රියයි. නිර්මාණශීලී අදහස් සමග විවිධාකාරයේ Content නිර්මාණය කරමින් TikTok තුළින් කරළියට පැමිණි ශ්‍රී ලංකාවේ Content Creators ලා කිහිප දෙනෙකු ගැනයි මේ ලිපියෙන් කතා කරන්නේ.

ලෝචනා ජයකොඩි

TikTok හරහා මුලින්ම ජනප්‍රිය වුණ ලංකාවේ කාන්තා චරිත අතරින් එක් අයෙක් බවට පත් වෙන්නට ඇයට හැකි වුණා. Comedy / Entertainment / Dance යන ශානරයන් හි (Genre) නිර්මාණකරණයේ නිරත වන ඇය මේ වන විට රංගන ශිල්පිනියක් ලෙස ද කටයුතු කරනවා.

2022 ඔක්තෝබර් 25 වන විට,

කැලුම් දේවනාරායන - Hanskelum

TikTok තුළින් මුලින්ම ලංකාවේ ජනප්‍රිය වුණ පිරිමි චරිත අතරින් කෙනෙක් තමයි කැලුම් දේවනාරායන. Dance / Lifestyle / Entertainment යන ශානරයන්ගෙන් (Genre) ජනප්‍රියත්වයට පත් වුණ ඔහු මේ වන විට රංගන ශිල්පියෙකු ලෙස කටයුතු කරන අතරම වැඩිදුර අධ්‍යාපන කටයුතුවල ද නිරත වෙනවා.

2022 ඔක්තෝබර් 25 වන විට,

Zayn Inzi

Photography ශානරය යටතේ TikTok තුළින් ජනප්‍රිය වූ Zayn Inzi ලංකාවේ TikTok Artistලාගෙන් වෙනස්ම විදියේ නිර්මාණශීලී වැඩක් කළ කෙනෙක්. Celebrity නොවන නමුත් වැඩිම Followersලා සහ Like ප්‍රමාණයක් හිමි කිහිපදෙනා අතරින් එක් අයෙක් ලෙස ඔහුව හඳුන්වන්න පුළුවන්.

2022 ඔක්තෝබර් 25 වන විට,

චරිත් එන්. සිල්වා - Wild Cookbook

Cooking ශානරය යටතේ Content නිර්මාණකරණයේ යෙදෙන TikTok Artist කෙනෙක් ලෙස චරිත් එන්. සිල්වා හඳුන්වන්න පුළුවන්. ආහාරපාන සාදන ආකාරයත්, පිළිගන්වන ආකාරයත් ඔහු ඉතාම නිර්මාණශීලි ලෙස TikTok වීඩියෝ මගින් ඉදිරිපත් කරනවා. ඔහු වෘත්තියෙන් සූපවේදියෙක්.

2022 ඔක්තෝබර් 25 වන විට,

දෙනෙති පුස්සෙගොඩ - Denathi_97

Dance ශානරය යටතේ ජනප්‍රිය වුණ චරිතයක් වන ඇය දක්ෂ නර්තන ශිල්පිනියක්.

2022 ඔක්තෝබර් 25 වන විට,

Nasaafit

Fitness ශානරය යටතේ TikTok වීඩියෝ ඉදිරිපත් කරන Artist කෙනෙක් වන ඔහු කතා විලාසය හේතුවෙන් ඉතා ජනප්‍රිය වූ චරිතයක්.

2022 ඔක්තෝබර් 25 වන විට,

හර්ෂප්‍රිය - Nowthatsharsha

Comedy ශානරය යටතේ TikTok වීඩියෝ ඉදිරිපත් කරමින් ජනප්‍රියත්වයට පත් ඔහු සිය වීඩියෝ නිර්මාණවල සියලු චරිත ද තනිවම රඟ දක්වනවා.

2022 ඔක්තෝබර් 25 වන විට,

හර්ෂනී යුදගනා - Harshyuofficial

Dance / Entertainment ශානරය යටතේ TikTok වීඩීයෝ ඉදිරිපත් කරන ඇය ලොව ප්‍රමුඛ පෙළේ ගුවන් සේවයක රැකියාවේ නිරත වෙනවා.

2022 ඔක්තෝබර් 25 වන විට,

dusky_boii

Photography ශානරය යටතේ නිර්මාණශීලි වීඩියෝ ඉදිරිපත් කරමින් ජනප්‍රිය වූ TikTok Artist කෙනෙක් ලෙස මොහුව හඳුන්වන්න පුළුවන්.

2022 ඔක්තෝබර් 25 වන විට,

සෙව්වන්දි නයනතාරා

Entertainment ශානරය යටතේ ඉතා ජනප්‍රියත්වයට පත් වූ ඇය මේ වන විට රංගන ශිල්පිනියක් ලෙස ද කටයුතු කරනවා.

2022 ඔක්තෝබර් 25 වන විට,
+1
0
+1
2
+1
0
+1
0
Facebook
Twitter
LinkedIn
Pinterest
Open chat
1
Hi!
How can we help you?