ව්‍යාපාරය දියුණු කරගන්න Keywords හරියට යොදා ගමු

keywords

Keyword එකක් කියන්නේ මොකක්ද?

 

Keyword එකක් කියලා කියන්නේ, යම් පුද්ගලයෙකුට යම් දෙයක් ගැන අන්තර්ජාලයෙන් තොරතුරු සොයා ගැනීමට අවශ්‍ය වූ විට Google හෝ වෙනත් Search Engine එකක ටයිප් කරන වචනවලට. උදාහරණයක් ගත්තොත් ඔයා ජංගම දුරකතන අලෙවි කරන කෙනෙක් කියලා හිතන්න. එතකොට ඔයාට අවශ්‍ය වෙන්නේ ජංගම දුරකතන මිල දී ගන්න අවශ්‍ය පුද්ගලයන්ව ඔයාගේ වෙබ් අඩවියට ගෙන්වා ගන්න. ජංගම දුරකතනයක් මිලට ගන්න අවශ්‍ය පුද්ගලයෙක් ඉන්නවා කියලා හිතමු. එතකොට එයාට ඕන වෙනවා අලුත්ම ජංගම දුරකතන ගැන දැනගන්න. එහෙම නැත්නම් එයාගේ අතේ තියෙන ගාණට ගන්න පුළුවන් ජංගම දුරකතන මොනවා ද කියලා දැනගන්න. එහෙමත් නැත්නම් කැමරා එකේ Quality එක, Memory එක ආදී තවත් විස්තර දැන ගන්න එයාට ඕන. එතකොට එයා Mobile phones in Sri Lanka, Mobile phones prices in Sri Lanka, Samsung Galaxy phone price, iPhone 14 Pro price, Latest mobile phones, mobile phones වගේ විවිධ ආකාරවලට ජංගම දුරකතන ගැන සර්ච් කරලා බලනවා. මෙන්න මේවා තමයි Keywords කියලා කියන්නේ.

ඔයා ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් Keywords ගැන ඔයා දැනුවත් වෙලා ඉන්න ඕන. මොකද ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රය ඉතා විශාල දියුණුවක් ලබා තිබෙන කාලයක ඔයාගේ නිෂ්පාදනය හෝ සේවාව මිනිසුන් අතරට අරන් යන්න නම් Keywords ඉතා වැදගත් වෙනවා.

 

Keyword Research එකක් කියන්නේ මොකක්ද?

 

Keyword Research එකක් කියලා කියන්නේ, ඔයාගේ Target Audience එකට ඔයාගේ නිෂ්පාදනය හෝ සේවාව ගැන Google වැනි Search Engine එකක් හරහා පහසුවෙන් සොයාගන්න පුළුවන් වචන මොනවා ද කියන එක ගැන කරන අධ්‍යයනයක්. එහෙම හඳුනාගන්න Keywords ඔයාගේ ව්‍යාපාරය සම්බන්ධයෙන් පළ කරන වෙබ් අඩවි හෝ සමාජ මාධ්‍ය තොරතුරුවලට ඇතුළත් කළාම ඔයාගේ Target Audience එකට පහසුවෙන් ඔයාගේ නිෂ්පාදනය හෝ සේවා වෙත ප්‍රවේශ වෙන්න පුළුවන්. ඒ හරහා ඔයාගේ වෙබ් අඩවියට Traffic පවා වැඩි වෙනවා.

 

Keywords වර්ග

 

  • Broad Match

මෙතැනදි විශාල Audience එකක් ඔයාගේ නිෂ්පාදන හෝ සේවාව ගැන සර්ච් කරලා ඔයාගේ වෙබ් අඩවිය වෙත පැමිණෙනවා.

Audience එක ඔවුන් සොයන්නේ කුමක්ද කියා නිශ්චිතව අදහසක් නොමැතිව ඇතුළත් කරන ඕනෑම වචනයක් අයත් වන්නේ Broad Match ගණයට. එහිදී ඔවුන්ට ඒ අදාළ keyword එකට සම්බන්ධ වෙබ් අඩවි විශාල ප්‍රමාණයකට පිවිසීමට හැකි වෙනවා.

උදාහරණයක් විදියට යම් පුද්ගලයෙක්ට iPhone එකක් මිල දී ගන්නට අවශ්‍යයි කියලා හිතමු. iPhones in Sri Lanka, iPhone Prices in Sri Lanka කියලා සර්ච් කළොත් එම පුද්ගලයාට ජංගම දුරකතන සම්බන්ධයෙන් වන වෙබ් අඩවි විශාල ප්‍රමාණයක් වෙත පිවිසෙන්න පුළුවන්. එයට හේතුව වන්නේ Search Engine එකට ඔවුන් වෙත නිශ්චිතව පිළිතුරක් දීමට නොහැකි වීමයි.

 

  • Phrase Match

මෙහිදී අදාළ නිෂ්පාදනය හෝ සේවාව අවශ්‍ය පිරිස මගින් පමණක් Reach එකක් ලැබෙන අතර Broad Match Keyword වර්ගයේදී මෙන් විශාල පිරිසක් වෙබ් අඩවිය හෝ දැන්වීම වෙත ළඟා වෙන්නේ නැහැ. නමුත් ඔබේ නිෂ්පාදනය හෝ සේවාව අවශ්‍ය පිරිසට ඉතා පහසුවෙන් ඒ සඳහා ළඟා වීමට Phrase Match Keywords උදව් වෙනවා.

Phrase Match Keyword සඳහා උදාහරණයක් සලකා බලමු. යම් පුද්ගලයෙකුට iPhone 14 Pro වර්ගයේ ජංගම දුරකතනයක් සඳහා Back Cover එකක් මිල දී ගැනීමට අවශ්‍ය යැයි සිතමු. එම පුද්ගලයා iPhone 14 Pro Black Color Back Cover ලෙස සර්ච් කළොත් එය Phrase Match Keyword එකක් ලෙස සලකන්න පුළුවන්. ඇත්තටම Keyword එක වෙන්නේ “iPhone 14 Pro Back Cover”. නමුත් Phrase Match Keywords එකක් කියන්නේ අදාළ ප්‍රධාන Keyword එකත් සමග යෙදෙන එය විස්තර කරන වෙනත් වචන. iPhone 14 Pro White Back Cover, iPhone 14 Pro Aesthetic Back Cover, iPhone 14 Pro Rich looking Back Cover මේ ආදී ලෙස Back cover එක ගැන විස්තර කෙරෙන අමතර වෙනත් වචන යෙදීම තමයි Phrase Match Keywords ලෙස හඳුන්වන්නේ.

 

  • Exact Match

මෙහිදී අදාළ නිෂ්පාදනය හෝ සේවාවට සෘජුවම සම්බන්ධ Keywords යොදා ගැනීමක් සිදු වෙන්නේ. අවශ්‍යතාව අනුව පහසුවෙන් අදාළ නිෂ්පාදනය හෝ සේවාව සොයා ගන්න Audience එකට හැකියාව ලැබෙනවා Exact Match Keywords හරහා. මෙහිදී ඒකවචන, බහුවචන, කෙටි යෙදුම් ආදිය පවා යොදාගන්න පුළුවන්.

උදාහරණ: iPhone 13 pro max, iPhones 13 pro max

 

  • Negative Match

Negative Match Keywords හරහා අපිට පුළුවන් වෙනත් ඒ හා සමාන වචන සමග යන නිෂ්පාදන හෝ සේවා Search Results විදියට එන එක නවත්වන්න. උදාහරණයක් ලෙස iPhone 14 Pro දුරකතනයක් පිළිබඳ සොයන කෙනෙක්ට ඒ ගැන Search කරන අවස්ථාවේ iPhone 13, iPhone 13 Pro Max වගේ නිෂ්පාදන Search Result එක ලෙස එන එක වළක්වන්න ඒවා Negative Match Keywords විදියට භාවිත කරන්න පුළුවන්.

 

හොඳම Keywords හොයාගන්නේ කොහොමද?

 

  1. ඔයාගේ Target Audience එක නිවැරදිව හඳුනාගන්න.
  2. ඔයාගේ ව්‍යාපාර අරමුණ හඳුනාගන්න.
  3. අදාළ සෙවුම් මාතෘකා (Search Topics) ලැයිස්තුවක් හදන්න.
  4. Seed Keywords ලැයිස්තුවක් හදාගන්න.
  • ඔයාගේ ප්‍රධාන නිෂ්පාදනය හෝ සේවාව තුළ තිබෙන දේවල් තමයි මෙතැනදි අදහස් කරන්නේ. ඒ කියන්නේ ප්‍රධාන මාතෘකාව යටතේ එන අනු මාතෘකා. ඔයා ජංගම දුරකතන අලෙවි කරනවා නම් විවිධ ජංගම දුරකතන ඔයාගේ ළඟ තිබෙනවා. ඒ ජංගම දුරකතන වර්ගවල නම් Seed Keywords ලෙස භාවිත කරන්න පුළුවන්.
  1. Keyword Research Tools භාවිත කරන්න.
  2. සර්ච් කිරීම තුළින් බලාපොරොත්තු වන අරමුණ අධ්‍යයනය කරගන්න.
  3. Long Tail Keywords හඳුනාගන්න.
  4. ඔයාගේ ව්‍යාපාරයේ තරගකරුවන් කවුද කියලා හඳුනාගෙන ඒ ගැන අධ්‍යයනය කරන්න.

 

භාවිත කළ හැකි Keyword Research Tools

  • Ahrefs Webmaster Tools
  • Google Keyword Planner
  • Semrush
  • KWFinder
  • Long Tail Pro
+1
0
+1
0
+1
0
+1
0
Facebook
Twitter
LinkedIn
Pinterest
Open chat
1
Hi!
How can we help you?