අපිව රවට්ටන Pricing Tricks

අද කතා කරන්න යන්නේ මනෝවිද්‍යාත්මක මිලකරණය (Psychological Pricing Marketing Strategies) ගැනයි. අහද්දි ටිකක් අමුතු වුණාට මේක අපිවත් නොදැන අපේ මනසට බලපෑම් කරන්න පුළුවන් විදිහේ Trick එකක්.  නිෂ්පාදන මිලදී ගැනීමට පාරිභෝගිකයන් පොලඹවන අලෙවිකරණ උපාය මාර්ගයක් විදිහට මෙය හඳුන්වන්න පුළුවන්. එ‍යින් පාරිභෝගිකයන්ගේ මනසට මුදලට සරිලන නිමැවුමක් ලබා ගන්නා බවට විශ්වාසයක් ඇති කරයි. Marketingවලදී භාවිතා වන පොදු මනෝවිද්‍යාත්මක මිලකරණ උපාය මාර්ග කිහිපයක් පහත දැක්වේ.

Odd Pricing

Odd Pricing කියලා කියන්නේ යම් කිසි භාණ්ඩයක මිල වශයෙන් රු.1000.00 වැනි මිලක් තිබියදී එය රු.1000.00 ලෙස සඳහන් නොකර රු.999.99 හෝ රු.999.95 වැනි මිල ගණන් සඳහන් කර අලෙවි කිරීමයි. මෙම උපායමාර්ගය භාවිතා කිරීමෙන් පාරිභෝගිකයාට හැඟෙනුයේ භාණ්ඩයේ මිල ඇත්ත වශයෙන්ම පවතින මිලට වඩා අඩු මිලක් බවයි.

Decoy Pricing

Decoy pricing කියලා කියන්නේ විවිධ ප්‍රමාණයන්ගෙන් යුත් එකම නිෂ්පාදනය විවිධ මිල ගණන් යටතේ තිබියදී පාරිභෝගිකයාට අලෙවි කිරීමෙන් වැඩි ලාභයක් ලබා ගත හැකි නිෂ්පාදනය වැඩි වශයෙන් අලෙවි කිරීමට අනුගමනය කරනු ලබන අලෙවිකරණ උපාය මාර්ගයක්. මෙහිදී වැඩියෙන් අලෙවි කිරීමට අවශ්‍ය නිෂ්පාදනය මත පදනම්ව Decoy නිමැයුම වෙළඳ පොළට ඉදිරිපත් කරයි. මෙහිදී ඇතැම් විට Decoy නිමැයුම අලෙවි කිරීමෙන් වැඩි ලාභයක් ගත හැකි නිමැයුමට වඩා මිලෙන් අඩු හෝ වැඩි වීම සිදු විය හැක. පාරිභෝගිකයා වෙළඳ පොළෙහි Decoy නිමැයුම හා නිෂ්පාදකයාට වැඩියෙන් ලාභ ලැබෙන නිමැයුම හා සැසදීමේදී, නිෂ්පාදකයාට වැඩියෙන් ලාභ ලැබෙන නිමැයුම මිලදී ගැනීම වඩාත් හොඳ තෝරා ගැනීමක් ලෙස සලකයි.

Bundle Pricing

Bundle Pricing කියලා කියන්නේ නිෂ්පාදන වෙන වෙනම මිල දී ගත්තාට වඩා අඩු මිලකට නිෂ්පාදන දෙකක් හෝ වැඩි ගණනක් එකට පිරිනැමීමයි. මෙමගින් වරකට නිෂ්පාදන එකකට වඩා මිලදී ගැනීම වඩා හොඳ තෝරාගැනීමක් බව පාරිභෝගිකයාගේ මනසට කාවද්දයි. උදාහරණයක් ලෙසින් ආහාර අවන්හලක් රු.1500.00 කට Combo Pack එකක් පිරිනමන අතර තනි ආහාර වර්ගයක් සඳහා රු.500.00 බැගින් අය කරයි.

Price Anchoring

Price Anchoring යනු සැබෑ මිලට වඩා වැඩියෙන් භාණ්ඩයක මිල සඳහන් කර වෙළඳ පොළෙදී සත්‍ය මිලටම භාණ්ඩය අලෙවි කිරීමයි. මෙහිදී භාවිතා කරන Trick එක වන්නේ සඳහන්ව ඇති මිල සමඟ පාරිභෝගිකයා සැසදීමේදී සත්‍ය මිල වඩාත් හොඳ මුදලට සරිලන තේරීමක් ලෙස පෙන්වීමයි.

මේ වගේ පොදු මනෝවිද්‍යාත්මක මිලකරණ උපාය මාර්ග ගොඩක් අපිට වෙළඳ පොළෙහි දැකගන්න පුළුවන්.පොඩ්ඩක් කල්පනා කරලා බලන්න කොයිතරම් අපි Psychological Pricing Marketing Strategies කියන උපක්‍රමයයට මේ වෙනකොටත් අහුවෙලාද කියලා.  

+1
0
+1
5
+1
0
+1
0
Facebook
Twitter
LinkedIn
Pinterest
Open chat
1
Hi!
How can we help you?