නූතන අලෙවිකරණ විධි සහ ඒවායේ වෙනස්කම්

modern-selling-tactics

අද වන විට ඩිජිටල් මාකටින් ක්ෂේත්‍රය එහෙමත් නැත්නම් ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රය විශාල දියුණුවකට පත් වෙමින් තිබෙනවා. විශේෂයෙන්ම ගෝලීය වසංගත තත්ත්වය හමුවේ බොහෝ රාජ්‍ය හා පෞද්ගලික යන ආයතන සියල්ලක්ම පාහේ භාණ්ඩ හා සේවා අලෙවිකරණයට ඩිජිටල් එහෙමත් නැත්නම් අන්තර්ජාල විසඳුම් හොයන්නට පෙලඹිලා තිබෙනවා. කුඩා පරිමාණ ව්‍යාපාරිකයින් පවා මේ ඩිජිටල් මාකටින් වෙත නැඹුරු වීම අනාගතයේ සිදුවන විශාල තාක්ෂණික පෙරළියක සලකුණු විදියටත් හඳුන්වන්න පුළුවන්. කොහොම වුණත් අද අපි කතා කරන්න බලපොරොත්තු වෙන්නේ මේ ඩිජිටල් අලෙවිකරණ විධි සහ ඒවායේ පවතින වෙනස්කම් සම්බන්ධයෙන්.

මේ ඩිජිටල් අලෙවිකරණය යටතේ ප්‍රධාන අංශ 3ක් තියෙනවා.
• ඩිජිටල් මාකටින් (Digital Marketing)
• වයිරල් මාකටින් (Viral Marketing)
• නෙගටිව් මාකටින් (Negative Marketing)

ඩිජිටල් මාකටින් (Digital Marketing)
අපි මුලින්ම ඩිජිටල් මාකටින් ගැන කතා කරමු. ඩිජිටල් මාකටින් යටතේ විවිධ අලෙවිකරණ උපාය මාර්ග පවතිනවා.

• ඊ කොමස් (E Commerce)
• වීඩියෝ මාකටින් (Video Marketing)
• ඊමේල් මාකටින් (Email Marketing)
• සෝෂල් මීඩියා මාකටින් (Social Media Marketing)
ඒ යටතට එන අලෙවිකරණ උපායමාර්ග කිහිපයක්. මේ ඩිජිටල් මාකටින් වර්තමානයේ ගොඩක් ආයතන තමන්ගේ ප්‍රධාන අලෙවිකරණ උපායමාර්ගයක් විදියට භාවිත කරන ක්‍රමවේදයක්. විශේෂයෙන්ම සාම්ප්‍රදායික ක්‍රමවේදවලට වඩා පහසුවෙන් පාරිභෝගිකයන්ව ව්‍යාපාරයට අද්දවා ගන්නත්, කාලය හා පිරිවැය අඩු කර ගන්නත් මේ හරහා පුළුවන්. අනාගත වෙළඳපොළට වඩාත් සුදුසු උපායමාර්ගය විදියට අපි නිර්දේශ කරන්නේ මේ ඩිජිටල් මාකටින් කියන දේ. අපි වැය කරන පිරිවැයට සාපේක්ෂව ලැබෙන ප්‍රතිලාභය ගොඩක් වැඩි නිසා මේ ක්‍රමය වඩාත් වාසිදායකයි.

වයිරල් මාකටින් (Viral Marketing)
කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් විකිණීම එහෙමත් නැත්තම් ව්‍යාපාරයක් පිළිබඳව පණිවුඩයක් ඉතා ඉක්මනින් සමාජගත වීම වයිරල් මාකටින් විදියට හදුන්වන්න පුළුවන්.

• යූටියුබ් වීඩීයෝ (YouTube Video)
• මීම්ස් (Memes)
• ජෝක්ස් (Jokes)
• ඊමේල් මාකටින් (Email Marketing) වැනි දේවල් මේ වයිරල් මාකටින් ගණයට අයත් වෙනවා. මේ අලෙවිකරණ උපායමාර්ගය හරහා ව්‍යාපාරයකට කෙටි කාලයක් ඇතුළත විශාල පිරිසක් වෙතට ව්‍යාපාරය පිළිබඳ තොරතුරු එහෙමත් නැත්තම් භාණ්ඩ හා සේවා පිළිබඳ තොරතුරු ලබා දෙන්නත් හැකියාව ලැබෙනවා. අන්තර්ජාලයට පහසුවෙන් ප්‍රවේශ වීමට හැකි වීමත්, Share කිරීමට ඇති හැකියාවත් නිසා මේ වයිරල් මාකටින් ඉතාමත් හොඳ අලෙවිකරණ උපායමාර්ගයක් විදියටත් හඳුන්වන්න පුළුවන්. මේ වයිරල් මාකටින් කියන දේ සාර්ථකත්වය රඳා පවතින්නේ ගොඩාක් දුරට නිර්මාණශීලීත්වය (Creativeness) හා සුවිශේෂීබව (Uniqueness) මතයි. කොහොම වුණත් සමහර වෙලාවට මේ වයිරල් මාකටින් කියන දේ සමහර වෙලාවට අපි හිතන විදියටම සිද්ධ නොවෙන්නත් පුළුවන්.

නෙගටිව් මාර්කටින් (Negative Marketing)

නෙගටිව් මාකටින් යනුවෙන් හඳුන්වනු ලබන්නේ ව්‍යාපාර ආයතනයක් කෙටි කාලීන ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන් සිදු කරන දිගු කාලීන හානිදායක ප්‍රචාරණ ක්‍රමවේදයක් වේ. ව්‍යාපාරයක ප්‍රතිරූපයට එසේත් නැත්නම් ව්‍යාපාර සන්නාමයකට කෙටි කාලීනව ප්‍රචාරණයක් ලැබුණ ද දීර්ඝ කාලීනව විශාල හානියක් මේ හරහා ඇතිවේ. ඒ හානිය ඇතැම් විට ආයතනයට කිසි දිනක යථාතත්වයට පත් කරන්නට නොහැකි දෙයක් වෙන්න පුළුවන්. එසේම මෙම ව්‍යාපාර උපාය මාර්ගය දීර්ඝ කාලීනව විශාල හානියක් සිදු කරන නිසා අපි කිසි විටෙකත් ව්‍යාපාර ආයතනයකට නිර්දේශ කරන්නේ නැහැ.
සමස්ථයක් ලෙස 21 වන සියවසේ ව්‍යාපාර ආයතන අඩු වැඩි වශයෙන් මේ අලෙවිකරණ උපායමාර්ග ව්‍යාපාරික අරමුණු හා ඉලක්කවලට ගැළපෙන ආකාරයෙන් භාවිත කරනවා. විශේෂයෙන්ම ආයතනයක් විදියට අපි අනුමත කරන්නේ මේ ඩිජිටල් අලෙවිකරණ උපායමාර්ග. ඉන් එහාට ගිහින් නිර්මාණශීලිත්වය මත පදනම් වුණ වයිරල් අලෙවිකරණ උපායමාර්ගවලට වුණත් ආයතනයකට යන්න පුළුවන්. ඒ වුණත් අපි කිසි විටකත් නෙගටිව් මාකටින් නම් නිදේශ කරන්නේ නැහැ.

+1
0
+1
0
+1
0
+1
0
Facebook
Twitter
LinkedIn
Pinterest
Open chat
1
Hi!
How can we help you?