ප්‍රචාරණ අරමුණුවලට සරිලන Facebook Boosting වර්ග

types-of-FB-boostings

Social Media Marketing වල වැදගත්ම දෙයක් තමයි Boosting කියන්නේ. අද වන විට බොහෝමයක් ආයතන වගේම පුද්ගල සන්නාම පවා මේ මුදල් ගෙවා ප්‍රචාරණ කටයුතු කරන වැඩපිළිවෙළ ගැන බොහෝම උනන්දුයි. ෆේස්බුක් එක පවා තමන්ගේ Algorithm එක හදලා තියෙන්නේ මුදල් යොදා කරන ප්‍රචාරණ නැත්නම් Paid එක වැඩි වැඩියෙන් මිනිසුන් අතරට යවන්නයි. අද අපි බලමු මුලින්ම මේ මුදල් ගෙවා කරන ප්‍රචාරණයේ මූලික ගුණාංග මොනාවා ද කියලා.

ගොඩාක් දෙනා තමන්ගේ Post එක ළඟම තියෙන Boost Post එකෙන් තමයි Boost කරන්න පෙලඹෙන්නේ. නමුත් බොහෝ වෙලාවට Ad Center එක හරහා ඉතාමත් හොඳ වගේම ප්‍රතිඵලදායක Boosting Campaign එකක් කරන්න පුළුවන්. Ad Center එකේදී අපිට Boost කරන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. ඒවා තමන්ගේ Campaign එකේ අරමුණු අනුව නිවැරදිම දේ තෝරා ගන්න එක තමයි හොඳම.

  1. Awareness

තමන්ගේ භාණ්ඩ, සේවා සහ සන්නාමය ගැන ප්‍රජාව දැනුවත් කරන්න අවශ්‍ය නම්, උදාහරණයක් වශයෙන් ඔබගේ කෑම කඩේ ගැන දැනුවත් කරන්න අවශ්‍ය නම් සහ ඒ වගේම අලුතින් ආරම්භ කරන සන්නාමයකට අවශ්‍ය දැනුවත් කිරීමේ මුල් පියවර විදිහට මේක භාවිත කරන්න පුළුවන්.

          1.1 Brand Awareness

මේ ක්‍රමය මගින් ඔබට ඔබගේ ව්‍යාපාරය හෝ සන්නාමය වැඩි වැඩියෙන් ප්‍රජාව අතරට ගෙන යන්න පුළුවන්.

          1.2 Reach

ඔබගේ ඉලක්කගත පිරිස් වෙත තමාගේ පණිවුඩය ගෙන යාමට සහ හැකිතාක් එය දැක්වීමට සැලැස්වීමට මෙය හොඳ ක්‍රමයක්.

  1. Consideration

තමන්ගේ ව්‍යාපාරය ගැන පිරිස් දන්නවා නම් දැන් ඔබට පුළුවන් මේ කොටසෙන් ඔබේ ව්‍යාපාරය අනෙක් ඒවාට සාපේක‍ෂව වෙනස් වන්නේ ඇයි ද යන වග පෙන්වන්න. බොහෝ වෙලාවට පිරිස් ආකර්ෂණය කරගන්න අපි මේ ක්‍රමය යොදාගන්නවා.

          2.1 Traffic

ඔබගේ ව්‍යාපාරයේ හෝ සන්නාමට අදාළ වෙබ් අඩවිය නැත්නම් ඔබගේ පෞද්ගලික බ්ලොග් එක වගේ පිටස්තරව තියෙන Link එකකට පිරිස් යොමු කිරීම මේ මගින් කරන්න පුළුවන්. මේ Ad එක මත ක්ලික් කළාම ඔබව යොමු වෙන්නේ කෙළින්ම ඔබේ ඒ අදාළ වෙබ් අඩවියටයි.

          2.2 Engagement

බොහෝමයක් වැදගත් සහ බහුලව භාවිත වන Ad වර්ගය තමයි මේ. තමන්ගේ Post එකට අවශ්‍ය Likes, Shares වගේම Page එකට Likes ප්‍රමාණය වැඩි කරගන්නත් මේක ඉතා සාර්ථක ක්‍රමයක්.

          2.3 App Install

ඔබ ඇප් එකක් නිර්මාණය කර ඇත්නම් එය ප්‍රවර්ධනය කර ගැනීමට මෙමගින් හැකියාව තිබෙනවා. ඒ තුළින් ඔබගේ ඇප් එක install කරන පිරිස ඉහළ නංවාගත හැකියි.

          2.4 Video Views

අපි කවුරුත් දන්න දෙයක් තමයි වැඩිපුර වීඩියෝ බලන්න අපි පෙලඹෙනවා වැඩියි කියන කාරණය. නමුත් වීඩියෝ එකක් තත්පර 15ක් අතර ප්‍රමාණයකට තබාගෙන මේ ක්‍රමය අත්හදා බලනවා නම් වඩාත් සුදුසුයි.

          2.5 Lead Generations

ඔබට ඔබගේ පාරිභෝගිකයින්ගේ හෝ අරමුණු කරගත් පිරිසගෙන් යමක් දැනගන්න අවශ්‍ය නම්, ඔවුන්ගෙන් තොරතුරු කිසිවක් ලබාගන්න අවශ්‍ය නම් මෙන්න හොඳම ක්‍රමය. දුරකතන අංක, ඊමේල් වගේ දේවල් මේ Ad එක දකින කෙනාට ලබා දෙන්න පුළුවන්. Ad එක හදපු කෙනාට පුළුවන් මේ තොරතුරු Back End එකෙන් ලබාගන්න.

          2.6 Messages

Facebook Messenger කියලා කියන්නෙත් බොහෝ දෙනෙක් භාවිත කරන සන්නිවේදන ක්‍රමයක්. තමන්ගේ Messages අතරේ මේ වගේ Ad එකක් දාන්න අවශ්‍ය නම් මෙන්න මේ ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් එයාටත් මේ Message එකට පෞද්ගලිකව Reply කරලා සම්බන්ධ වෙන්න පුළුවන්.

  1. Conversation

වචනයෙන් කියැවෙන පරිද්දෙන්ම අපි මේ මගින් අපේ පාරිභෝගිකයාට තවත් සමීප වීමක් සිදු කෙරෙනවා. ඔවුන් සමග විස්තර දැනගැනීමට මෙන්ම ඔවුන්ට අප හා සම්බන්ධ වීමටත් මේ මගින් මග පෙන්වනවා.

          3.1 Catalogue Sales

තමන්ගේ E-Commerce නැත්නම් Shop එකේ තියෙන භාණ්ඩ අනිත් අය අතරට යැවීම මේකෙන් සිදු කරන්න පුළුවන්. බොහෝමයක් Shopping Carts තියෙන Pages වලට මේක වැදගත්.

          3.2 Store Traffic

ඔබගේ ව්‍යාපාරය වෙත මිනිසුන් ගෙන්වා ගැනීමට මේ දේ භාවිතා කරන්න පුළුවන්. තම ව්‍යාපාරය අසල සිටින අය හඳුනාගෙන ඔවුන් ඉලක්ක කර මේ ප්‍රවර්ධනය සිදු කරන්න පුළුවන්.

ඇත්තෙන්ම මේ විවිධ ක්‍රම යටතේ තමයි අපි අපේ Campaign එකේ අරමුණට ගැළපෙන Boosting Method එක තෝරාගන්න ඕනේ. ඒ මගින් සාර්ථක වගේම හොඳ ප්‍රතිඵල තියෙන Campaign එකක් හදාගන්න ඔබටත් පුළුවන්.

නමුත් බොහෝමයක් දෙනා කරනවා වගේ හිතුමතේ Ad වලට වියදම් කරනවාට වඩා සැලැස්මක් ඇතිව ඒවායේ Budget එක තීරණය කරන්න. එකවර බොහෝමයක් මුදල් වියදම් කරනවාට වඩා ක්‍රම ක්‍රමයෙන් වැඩි Post ගණනකට වියදම් කරන එක ඉදිරියට වැදගත්. ඒ වගේම Page එකක වැදගත්ම දේ Likes වලටත් වඩා ඒ page එකේ Reach එක සහ Engagement එක. හැම මොහොතේම තමන්ගේ ප්‍රවර්ධන සැලසුම් කරද්දී ඒ ගැන සැලකිලිමත් වෙන්න.

+1
0
+1
0
+1
0
+1
0
Facebook
Twitter
LinkedIn
Pinterest
Open chat
1
Hi!
How can we help you?