ආකර්ෂණීයව Content නිර්මාණය කරන වැඩකාරයෝ

01

ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රය වර්තමානය වන විට ඉතාමත් වේගයෙන් දියුණුවට පත් වී තිබෙනවා. අද වන විට බොහෝ අලෙවි ප්‍රවර්ධන කටයුතු සිදු වන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ. එලෙස සමාජ මාධ්‍ය ජාල හරහා අලෙවි ප්‍රවර්ධන කටයුතු කිරීමේදී වඩාත් ආකර්ෂණීයව අදාළ සේවාව හෝ භාණ්ඩ ගැන ජනතාව දැනුවත් කරන්න ඕන. එහිදී අප අලෙවි කරන සේවාව හෝ භාණ්ඩය ගැන පණිවුඩය වඩාත් ආකර්ෂණීය සහ නිර්මාණශීලී ලෙස ජනතාව අතරට රැගෙන යන්න පුළුවන් විය යුතුයි.

එලෙස අලෙවි ප්‍රවර්ධන කටයුතු සඳහා Content එකක් නිර්මාණය කර ගැනීමේදී යොදාගන්න පුළුවන් Social Media Tools විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ අතරින් වැඩි වශයෙන් භාවිතයට ගැනෙන tools කිහිපයක් ගැනයි මේ ලිපියෙන් කියන්නේ.

 

  1. ඡායාරූප කපන කොටන වැඩකරු – Canva

Canva කියලා කියන්නේ වර්තමානයේ ඉතා ජනප්‍රිය editing tool එකක්. ඔබට අවශ්‍ය කරන ග්‍රැෆික් ඉතා පහසුවෙන් සහ ඉක්මනින් නිර්මාණය කරගන්න මේ tool එක යොදා ගන්න පුළුවන්. ඒ වගේම Canva භාවිත කරලා high quality graphic හදාගන්න පුළුවන්.

 

  1. ඕන දේවල් ලේසියෙන් හොයාගන්න – Hashtagify.me

Hashtagify.me කියන්නේ hashtag සොයා ගැනීමට උපකාරී වන social media tool එකක්. මේක free tool එකක්. නමුත් සමහර features මුදල් ගෙවා ලබා ගන්න පුළුවන්. Hashtagify.me හරහා ඔබ සර්ච් කරන hashtag එකක popularity එක සහ එය භාවිත වන ආකාරය ගැන අදහසක් ඔබට ලබා ගන්න පුළුවන්.

 

  1. Pleasant විදියට Present කරන්න උදවු කරන යාළුවා – Prezi

Prezi කියලා කියන්නේ ආකර්ෂණීය ලෙස presentation හදන්න පුළුවන් tool එකක්. මේ tool එකෙන් ඉතා ආකර්ෂණීය ලෙස ග්‍රැෆික් වගේම ප්‍රස්තාරත් ඔබේ presentation එකට අදාළව හදා ගන්න පුළුවන්.

 

  1. හිතේ හැටියට Video හදන Editor – Capcut

Capcut කියන tool එක free video editing tool එකක්. මේ tool එක iOS සහ Android කියන system දෙකේම යොදා ගන්න පුළුවන් tool එකක්. ඒ වගේම මේ tool එකේ විවිධ effects, ස්ටිකර්ස් සහ font වර්ග සහිත නවීන filters ද තිබෙනවා.

 

  1. Podcast එකක් host කරන්න ලේසිම Anchor

Anchor කියන්නේ podcast නිර්මාණයේදී යොදා ගන්නා ඉතා ජනප්‍රිය tool එකක්. Podcast නිර්මාණය කිරීම, බෙදා හැරීම වගේම podcast හරහා මුදල් ඉපැයීමටත් බහුලව යොදාගන්න free tool එකක් තමයි Anchor කියන්නේ.

+1
0
+1
0
+1
0
+1
0
Facebook
Twitter
LinkedIn
Pinterest
Open chat
1
Hi!
How can we help you?