Brand එකක් වුණ වතුර කෑන් එක

brand ekak una wathura kaan eka

වෙළඳ පොළෙන් මිල දී ගන්න පානීය ජලය සහිත බෝතලයක ෆොටෝ එකක්, වීඩියෝ එකක් ඔයාගේ Facebook, Instagram profile එකට හරි WhatsApp status හරි දාලා යාළුවො එක්ක ශෙයා කරගන්න කවදා හරි හිතිලා තියෙනවා ද? දන්නව ද Liquid Death කියන්නේ සම්ප්‍රදාය බිඳලා දාලා බොන වතුරත් බ්‍රෑන්ඩ් එකක් බවට පත් කළ බ්‍රෑන්ඩ් එකක්, පාරිභෝගිකයන් වැඩි මිලක් ගෙවලා වතුර කෑන් එකක් මිල දී ගන්න තැනට වතුරට අගයක් එකතු කළ බ්‍රෑන්ඩ් එකක්. ඒ වගේම තමයි වතුර කෑන් එක නිෂ්පාදනය කරන්නත් කලින් වෙළඳ දැන්වීමක් මගින් මිනිස්සු අතරට ගිය බ්‍රෑන්ඩ් එකක්.

ඕනම ව්‍යාපාරයක් හෝ සේවාවක් මිනිස්සු ආදරයෙන් හෝ පිස්සුවෙන් වැලඳගන්න තත්ත්වයකට ගොඩනඟාගෙන මිනිසුන් අතරට ගෙනියන්න නම් රාමුවෙන් එහාට හිතන්න තරම් නිර්මාණශීලීත්වයක් ඒ ව්‍යාපාරය හෝ සේවාව සපයන්නාට තිබිය යුතුයි. Marketing එහෙම නැත්නම් අලෙවිකරණයේ හිණි පෙතටම ගිය පුද්ගලයෝ මිනිස්සුන්ට තියෙන මොනවා හරි ගැටලුවක් හෝ අලෙවිකරණ ක්‍රමවල හිස් තැනක් හඳුනාගත්තා, ඒකට විසඳුම් හෙව්වා. එයාලා එතනින් නතර නොවී ඒ විසඳුම් නිර්මාණශීලීව සාමාන්‍ය ජනතාව අතරට අරන් ගියා. ඒ තුළින් තමයි ඔවුන් Brand එකක් ගොඩනඟා ගත්තේ.

Liquid Death බ්‍රෑන්ඩ් එකේ නිර්මාණකරුවා වෙන්නේ Mike Cessario. මයික් කියන්නේ නිර්මාණශීලී හැකියාවන්ගෙන් පිරුණු කෙනෙක්. ඔහු Advertising Field එකේ විවිධ රැකියාවල නිරත වුණ කෙනෙක්. මිනිස්සු අතර වේගයෙන් ජනප්‍රිය වූ වෙළඳ දැන්වීම් නිර්මාණය කළ මයික්ට දවසක් හිතුණා “ඇයි මගේ අදහස්වලින් මගේම කියලා බ්‍රෑන්ඩ් එකක් පටන් ගන්නෙ නැත්තෙ” කියලා. ඔහු එක්තරා අවස්ථාවකදි හිතනවා සෞඛ්‍යට හිතකර නිෂ්පාදනවල සහ සෞඛ්‍යට අහිතකර නිෂ්පාදනවල වෙළඳ උපක්‍රමවල වෙනස ගැන. ඒ වෙලාවේ මයික් හිතනවා සෞඛ්‍යට හිතකර නිෂ්පාදන ඒවා සෞඛ්‍යට හිතකර නිසාම වෙනම මහන්සියක් දාලා මාකට් කරන්නේ නැහැ නේද කියන එක. හැමෝටම හිතකර වගේම නැතුවම බැරි දෙයක් වුණ වතුර, බ්‍රෑන්ඩ් එකක් විදියට වෙනස්ම ක්‍රමයකට මාකට් කරන්න මයික් හිතන්නේ මේ සිතිවිලි ඔස්සේයි. වතුර සම්බන්ධව මිනිස්සුන්ගේ හිතේ තියෙන හැඟීම්වලට වටිනාකමක් දෙන ගමන් විකාරරූපී කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන් විදියෙ වෙළඳ දැන්වීම් සහ කැම්පේන් හරහා මයික් Liquid Death බ්‍රෑන්ඩ් එක මිනිස්සු අතරට අරන් එනවා.

මේකේ විශේෂත්වය තමයි ඔහු මේ ගේන සංකල්පය මුලින්ම වෙළඳ දැන්වීමක් විදියට මිනිස්සු අතරට අරන් යන්නේ නිෂ්පාදනයක් කරලාවත් නැතුව වීම. විකුණන්නත් වතුර කෑන් එකක් ඒ වෙනකොට ඔහු නිෂ්පාදනය කරලා තිබුණෙ නැහැ. ඒ පළමු වෙළඳ දැන්වීමට මිලියන ගණනක Views ලැබෙනවා. මිනිස්සු මැසේජ් එවන්න පටන් ගන්නවා කොහොමද මේ නිෂ්පාදනය මිල දී ගන්නේ කියලා අහලා. ඔහු මේ විදියට වෙළඳ දැන්වීමක් මුලින්ම කළේ ඔහු කරන්න යන නිෂ්පාදනය ගැන මිනිස්සුන්ගේ ප්‍රතිචාර මොන වගේ ද කියන එක බලන්න. ඉතින් නොසිතූ විදියට ලැබුණ ප්‍රතිචාර එක්ක ඔහු Liquid Death Mountain Water කෑන් එක නිෂ්පාදනය කරන්න පටන් ගන්නවා. මුලින්ම ඔන්ලයින් Platform හරහා වතුර කෑන් විකුණන්න ඔහු කටයුතු කළා. ඩොලර් ලක්ෂයක පමණ ආදායමක් මුල් මාසයේදිම ලබන්න මයික්ට හැකි වුණා.

2019දී හඳුන්වා දුන් Liquid Death බ්‍රෑන්ඩ් එක වෙනුවෙන් හරිම වෙනස් තරගයක් 2021 වසරේදී සංවිධානය කරන්න මයික් කටයුතු කළා. #CrackOpenAWater කියන හෑෂ් ටැග් එක යටතේ තිබුණ මේ තරගයේදී පාරිභෝගිකයන්ට කරන්න තිබුණේ Liquid Death වතුර කෑන් එකක් අසාමාන්‍ය සහ විකාරරූපි විදියට විවෘත කරන වීඩියෝ එකක් කරන්න. මේ හරහා මේ බ්‍රෑන්ඩ් එකට විශාල ජනප්‍රියත්වයක් ලැබුණා. මේ පහළ තියෙන ලින්ක් එකෙන් ඔයාලට පුළුවන් මිනිස්සු ඒ තරගය වෙනුවෙන් කළ වීඩියෝ කිහිපයක් බලන්න.

https://www.facebook.com/DrinkLiquidDeath/videos/152160243773796/

Liquid Death බ්‍රෑන්ඩ් එක නොසිතූ විදියට වෙළඳ පොළ අල්ලගන්නත්, මිනිස්සු අතරට යන්නත් ඔවුන් පාවිච්චි කළ ටැග් ලයින්, හෑෂ් ටැග් කිහිපයක් තියෙනවා. ඒවා පදනම් කරගෙන තමයි ඔවුන්ගේ වෙළඳ දැන්වීම් පවා නිර්මාණය වෙන්නේ. Murder your thirst කියන ටැග් ලයින් එකට අනුව නිර්මාණය වුණ වෙනස්ම ආකාරයේ වෙළඳ දැන්වීම් තියෙනවා.

තව දෙයක් තමයි පරිසරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ප්ලාස්ටික් වෙනුවට ඇලුමිනියම් කෑන් එකක් යොදා ගැනීම තුළිනුත් මයික් උත්සහ කළා Liquid Death වෙනමම බ්‍රෑන්ඩ් එකක් විදියට ඉදිරියට ගේන්න. #deathtoplastic කියන හෑෂ් ටැග් එක එක සමග ඉදිරියට ආව Liquid Death, ප්ලාස්ටික් බෝතල් භාවිතයේ ප්‍රතිවිපාක ගැනත් වෙළඳ දැන්වීම් හරහා කතා කළා. ඔවුන් පරිසර සං‍රක්ෂණය වෙනුවෙන් ද දායකත්වය දක්වන බ්‍රෑන්ඩ් එකක් බවට පත් වුණා.

රාමුවෙන් පිට හිතන නිර්මාණශීලීත්වය තුළින් මයික්ට පුළුවන් වුණා බොන වතුරටත් වෙනස්ම අගයක් එකතු කරලා බ්‍රෑන්ඩ් එකක් නිර්මාණය කරන්න.

+1
0
+1
5
+1
0
+1
0
Facebook
Twitter
LinkedIn
Pinterest
Open chat
1
Hi!
How can we help you?