චිත්‍රපට ආලෝකකරණ ශිල්පීය ක්‍රම

ආලෝකකරණය චිත්‍රපටයන් සඳහා වැදගත් වේ. මේ ආලෝකකරණය නොමැතිව චිත්‍රපටියක් රූගත කරත් එහි සිනමාත්මක බවක් නොමැති තරම්. නමුත් ස්වභාවික ආලෝකය පමණක් යොදා ගෙන චිත්‍රපට රූගත කළ අවස්ථා නැතුවාම නොවේ.  එවගේම තමයි චිත්‍රපට සඳහා භාවිතා කරන ආලෝකකරණ ක්‍රමයන් මඟින් විවිධ අරමුණු තමයි ඉටු කරන්නේ. පහත දැක්වෙන්නේ චිත්‍රපටයන්හි භාවිතා වන විවිධ ආලෝකකරණ වර්ග වේ.

  • Key Lighting
  • Fill Lighting
  • Back Lighting
  • Side Lighting
  • Soft Lighting
  • Bounce Lighting
  • High Key
  • Low Key

 

  1. Key Lighting

මෙය භාවිතා කරන්නේ යම් විෂයක් වෙත අවධානය යොමු කිරීමට හෝ දර්ශනයේ ඉතිරි කොටසින් එය කැපී පෙනෙන ලෙස සකස් කිරීමට අවශ්‍ය වූ විටයි. මෙය ප්‍රධාන චිත්‍රපට ආලෝකය ලෙසින්ද හඳුන්වනවා. මෙයින් අදහස් කරන්නේ එය සාමාන්‍යයෙන් සෑම දර්ශනයකටම හෝ ඡායාරූපයකටම ඇති ප්‍රබලම ආලෝකය බවයි. අඳුරු මනෝභාවයක් ඇති කිරීම සඳහා ඔබට ඔබේ විෂය පැත්තෙන් හෝ පිටුපසින් වුවද ඕනෑම තැනක මේ Key Lighting තියන්න පුළුවන්.
 

  1. Fill Lighting

මේ ආලෝකකරණ ක්‍රමය වැඩි වශයෙන් චිත්‍රපටවලදී යොදා ගන්නේ ආලෝකය මඟින් නිර්මාණය කරන අඳුරු සෙවණැලි සහිත ප්‍රදේශයන් ඉවත් කිරීමට‍යි. මෙය ස්ටුඩියෝවන්හි ආලෝකය සඳහා වැඩි වශයෙන් භාවිතා කරයි. විශේෂයෙන්ම ආලෝකකරණය භාවිතා කිරීමේදී ඇතිවන සෙවණැලි ඉවත් කිරීම සඳහා මෙය භාවිතා කරනු ලබයි.
 

  1. Back Lighting

Back lighting භාවිතා කරන්නේ ත්‍රිමාන සජීවී දර්ශනයක් නිර්මාණය කිරීම සඳහායි. එනම් අදාල වස්තුව ප්‍රේක්ෂකයා ඉදිරියේ ජීවමාන කරවීමට මේ ආලෝකකරණ ක්‍රමය වැඩි වශයෙන් යොදා ගනු ලැබේ. මේ පසුතල ආලෝකය මඟින් අලෝකයේ අඩු තීව්‍රතාවයක් ඇති කර යොදා ගනු ලබන විෂයේ පුළුල් ප්‍රදේශයක් ආවරණය කරයි. නිදසුනක් ලෙස ඔබට යම් පුද්ගලයකුගේ හිස් මුදුන වෙනුවට ඔහුගේ බෙල්ල, උරහිස් සහ පාදයන් ද ආලෝකමත් කිරීමට අවශ්‍ය නම් එයට වඩාත් උචිත වන්නේ මේ ආලෝකකරණයයි.
 

  1. . Side Lighting

මේ ආලෝකකරණ ක්‍රමය දර්ශනයක සිනමාරූපී බව සහ හැඟීම් ඉදිරිපත් කිරීම සඳහා වැඩි වශයෙන් යොදා ගනු ලබයි. පැති ආලෝකය මඟින් දර්ශනයක වයනය ඇති කරයි. එමෙන්ම එයින් ස්ථානයක ගැඹුර පිළිබඳ වඩා හොඳ හැඟීමක් ඇති කරයි. වස්තු විෂයන් අතර අවකාශය උද්දීපනය කිරීමෙන් ඒවා අතර දුරස්ථ බවක් පෙනෙන්නට සැලැස්වීමද මෙයින් සිදු කරයි.
 

  1. Bounce Lighting

Bounce light කියලා කියන්නේ ප්‍රබල ආලෝක ප්‍රභවයකින් ලැබෙන ආලෝකය බවුන්ස් පුවරුවකින්, පරාවර්තකයකින් හෝ වෙනත් ලා පැහැති මතුපිටකින් රූපරාමුව වෙතට ගෙන එන ආලෝකකරණ තාක්ෂණයටයි. අපට චිත්‍රපටය සඳහා සම්පූර්ණ පරිසරයක් හරහා වැඩි සංසරණ ආලෝකයක් අවශ්‍ය වූ විට bounce ආලෝකයක් යොදා ගැනීම වඩාත් උචිත වේ.

චිත්‍රපටයේ bounce ආලෝකය නිර්මාණය කිරීමට භාවිතා කරන ආකාර කිහිපයක් තිබේ. ඒ,

  • Bounce card
  • Reflector board
  • Walls and ceilings
  • Clothing/fabric යන ආකාරයි.

 

  1. Soft Lighting

ඔබ පින්තාරුකරුවෙකු, ඡායාරූප ශිල්පියෙකු හෝ සිනමාකරුවෙකු වූවත් ආලෝකය අත්‍යවශ්‍ය වේ. මේ soft lighting මඟින් අදාල රූපරාමුවට හෝ දර්ශනයට සෞන්දර්යයාත්මක බවක් එක් කරයි. මෙයින් රළු සෙවණැලි ඇතිවීම වළක්වයි. මෙය “විසරණය වූ ආලෝකය” ලෙසින්ද හඳුන්වයි. තද දාර සහිත සෙවණැලි වෙනුවට ආලෝකය සහ අඳුර අතර බෙදීම ක්‍රමයෙන් ඒකාකාර කිරීම මෙම ආලෝකකරණ ක්‍රමය මඟින් සිදු කරයි .  මේ Soft Lighting මඟින්,

  • ආලෝකය සහ සෙවණැලි අතර සුමට වී එය ක්‍රමයෙන් බෙදීමට ලක් කරයි.
  • අදාල ප්‍රතිබිම්බයට මෘදු හැඟීමක් ලබා දීමට බොහෝ විට භාවිතා කරයි.
  • මුහුණේ විවිධ කැළැල් සහ රැලි ගැසීම් වැනි අසම්පූර්ණත්වය සැඟවීමට හෝ වෙනස් කිරීමට භාවිතා කරයි.
  • අලංකාර කිරීම සඳහා මෘදු ආලෝකය භාවිතා කරයි.

 

  1. High Key

චිත්‍රපටියක දර්ශනයන් සඳහා අධික දීප්තිය අවශ්‍ය වන අවස්ථාවන්වලදී මේ High Key ආලෝකය භාවිතා කරයි. ඡායාරූපකරණය, චිත්‍රපට සහ රූපවාහිනිය තුළ මෙම ආලෝකකරණය යොදා ගනියි. මේ ආලෝකකරණය වැඩි වශයෙන් වාණිජ කටයුතු සඳහා අද වන විට යොදා ගනියි. ඒවගේම මේ ක්‍රමය අද බොහෝ චිත්‍රපට මෙන්ම රූපවාහිනී වැඩසටහන් සඳහාත්, වෙළඳ දැන්වීම් සහ සංගීත වීඩියෝවන් සඳහාත් භාවිතා කරනවා. නමුත් එය ප්‍රථම වරට ජනප්‍රිය වූයේ 1930 සහ 1940 ගණන්වල සම්භව්‍ය හොලිවුඩ් යුගයේදීයි. අවම සෙවණැලි ඇති කරන නිසාත්, මෘදු ආලෝකය ඇති කිරීම සඳහාත්, දීප්තිමත් රූප රාමුන් සඳහාත් මේ ආලෝකකරණ ක්‍රමය වඩාත් ජනප්‍රියයයි.
 

  1. High Key

ත්‍රාසජනක චිත්‍රපට සඳහා මෙය වැඩි වශයෙන් භාවිතා කරයි. විශේෂයෙන්ම අඳුරු සෙවණැලි ඇති කිරීමටත්, භයංකාර බව ඇති කි‍රීමටත් මේ අලෝකකරණ ක්‍රමය වැඩි වශයෙන් යොදා ගනී. අභිරහසක් විසඳීමේදී මෙන්ම සැක කටයුතු යමක් වෙත ප්‍රේක්ෂක අවධානය යොමු කරවීමට මේ Low Key භාවිතා කරයි.

මේ අනුව චිත්‍රපට සඳහා භාවිතා කරන විවිධ ආලෝකකරණ ක්‍රම මෙන්ම ඒවා මඟින් රූප රාමුවලට විවිධ කියවීම් ලබා දෙන ආකාරයත් දකින්න පුළුවන්.

 

+1
0
+1
1
+1
0
+1
0
Facebook
Twitter
LinkedIn
Pinterest
Open chat
1
Hi!
How can we help you?