Facebook හැක් නොවී Security එක වැඩි කර ගමු.

Facebook hack novi Security eka wadi kara gamu

මේ කාලේ වැඩිපුරම වෙන දෙයක් තමයි Facebook හැක් වෙන එක. ඒ නිසා  ඔයාගේ Facebook Account එක Secure කරගන්න ක්‍රම ටිකක් කියලා දෙන්නයි මේ සූදානම. අපි මුලින් බලමු Hacker කෙනෙක් ඔයාගේ FB Profile එක Hack කරන්න සාමාන්‍යයෙන් භාවිතා කරන ක්‍රම කිහිපයක් ගැන.

1) Hacker App එකකින් හැක් කිරීම

මේකට හොඳම උදාහරණයක් තමයි Eyezy කියලා කියන්නේ. ඇත්තටම මේ App එක තියෙන්නේ දෙමව්පියන්ට තමන්ගේ දරුවන්ගේ Facebook profile එක නිරීක්ෂණය කරන්න සහය වෙන App එකක් විදිහට. මේ App එකට යම්කිසි Facebook Profile එකක් සම්බන්ධ කිරීමෙන් ඒ ගිණුමෙන් හුවමාරුවෙන පණිවිඩ, පින්තූර වගේ හැම දෙයක්ම Monitor කිරීමේ හැකියාවක් තියෙනවා. වැරදි කෙනෙකුට ගියොත් මේ වගේ App එකකින් ගොඩක් ලොකු හානියක් වෙන්න පුළුවන්. මෙතනදි ඔයාගේ Facebook Account එක ටික වෙලාවකට හරි Hacker කෙනෙක් අතට ගියොත් එයාට තියෙන්නේ ඔයාගේ ගිණුමට මේ App Connect කරන්න විතරයි.

2) Professional Hacker කෙනෙක් මඟින්

ඔයා සමාජයේ ප්‍රබල චරිතයක් හෝ ප්‍රබල සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් නම් තමයි මේකට ඔයා බයවෙන්න ඕනේ. මොකද සාමාන්‍ය User කෙනෙක්ට මෙහෙම දෙයක් වෙන්න තියෙන හැකියාව ඉතාමත් අඩුයි.

3) Facebook එකේ “Forgot Password” Option එක

Hack කරන්න යන කෙනාට ඔයාගේ Gmail එකට, Phone Sim එකට Access තියෙනවා නම් මේ වගේ Option එකකින් Hack වෙන්න පුළුවන්.

4) Phishing – ෆිෂින්

ගොඩක් වෙලාවට මෙතනදි වෙන්නේ Facebook Log in Page එකක් ව්‍යාජව නිර්මාණය කරලා ඒකට ඔයා නොදැනුවත්ව Log in වෙද්දි ඔයාගේ User Credentials ගන්න එක. මේවගේ දේවල්වලින් වළකින්න නම් අහුවෙන හැම Link එකක්ම Click නොකර සිටීම වැදගත්. ගොඩක් වෙලාවට මේ දේවල්වලට ඔයාව අහු කරගන්නේ තෑගි දිනාගන්න මේ Link එක Click කරන්න කියලා එන Click Bait Message වලින්.

5) ව්‍යාජ Free Public WiFi Connection (Evil Twin Attack) එකකින්

මෙතනදී වෙන්නේ Restaurants වගේ තැන්වල තියෙන Public WiFi එකක නමට සමාන වෙන්න හදපු ව්‍යාජ WIFI ජාලයක් Hacker විසින් හදලා Usersලව ඒ WIFI ජාලයට සම්බන්ධ කර ගැනීම. මෙතනදි User කෙනෙක් User Credentials දුන්න ගමන් Hacker කෙනෙක්ට පුළුවන් Userගේ Social Media විතරක් නෙවෙයි Banking Details සහ ව්‍යාපාර කටයුතුවලට අදාළ තොරතුරුවලටත් පිවිසිලා විශාල හානියක් කරන්න.
  
දැන් බලමු මේ වගේ දෙවල්වලින් බේරෙන්න අපිට මොනවද කරන්න පුළුවන් කියලා.

1) Guess කරන්න අමාරු Password එකක් හදා ගැනීම.

මෙතනදි *@# වගේ Symbols පාවිච්චි කරලා Password හදාගැනීමත්, හදන password එක නැවත නැවත වෙනත් මුරපද සඳහා යොදා නොගැනීමත් වැදගත්.

(මේ තියෙන්නේ ස්වීඩනයේ ගොඩක් දෙනෙක් Use කරන Passwords )

2) Links Click කරන්න යන්න එපා.

සමහර වෙලාවට Hacking Links එන්නේ Facebook එකෙන් එන Original Message එකක් වගේ. මේවා තනි අකුරකින් තමයි බොහෝවිට Original Link එකෙන් වෙනස් වෙන්නේ.

3) Two-Factor Authentication On කරන්න.

මේකට SMS වගේ Option එකක් Use නොකර Microsoft Authenticator වගේ App එකක් Use කරන්න.

4) ඔයාගේම Hotspot එකක් Use කරන්න.

5) Public WIFI වලට Connect වෙනකොට සැලකිලිමත් වෙන්න.

එකම නමකින් WIFI 2ක් තියෙනවද, Unsecure කියලා Notification එනවද වගේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න.

6) Auto Connect WIFI Option Disable කරන්න.

7) ඔයාගේ Private වැඩවලට Public WIFI පාවිච්චි කරන්න එපා.

8) HTTPS කියලා තියෙන Secure icon එක ඔයා website එකකට Log in වෙද්දි තියෙනවද බලන්න.

9) නොදන්න අයගෙන් එන Friend Request Accept කරන්න යන්න එපා.

10) Girlfriendට Boyfriendට Password දීලා හවුලේ Social Media පාවිච්චි කරන්න එපා.

Relationship එක හොඳ විදිහට ඉවර නොවුනොත් ඔයාට හානියක් වෙන්න පුළුවන්.

මේ විදිහේ ආරක්ෂිත උපක්‍රම භාවිතා කරොත් ඔයාගේ Facebook Account එක හැකර්ස්ලගෙන් බේරගන්න එක පහසුයි.

+1
2
+1
3
+1
0
+1
1
Facebook
Twitter
LinkedIn
Pinterest
Open chat
1
Hi!
How can we help you?