පබා
බට්ටි
මුතු කිරිල්ලි
මෙහි ප්‍රධාන චරිත ලෙස රංගනයෙන් එක්වුයේ එවකට ආධුනික රංගන ශිල්පීන් වූ මේනක රාජපක්ෂ සහ නෙහාරා පිරීස්. ඔවුන් එහිදී අනූපම සහ සමාධි යන චරිතවලින් ප්‍රේක්ෂකයන් ඉදිරියට පැමිණියා. එවකට තිබු ඒකාකාරී රැල්ලෙන් මිදුණු නව ආරේ කතාවක් නිසා කෙටි කලකින්ම මුතූ කිරිල්ලි ලංකාවේ ජනප්‍රියම ටෙලි නාට්‍ය ලෙස කිරුළු පලඳිනවා වගේම තිරයේ පෙම්වතුන් දෙපළ පසුව සැබෑ ලෝකයේ ආදරවන්තයින් බවටත් පත් වෙනවා.
අමන්දා
මුතු කිරිල්ලී නාට්‍යයෙන් පසුව ජනප්‍රිය රැල්ලට එක් වුණු අමන්දා ටෙලිනාට්‍ය මේනක රාජපක්ෂ සහ නෙහාරා පිරීස් ඇතුළු තවත් නවක නළු නිළියන් ප්‍රධාන චරිතවලින් එකතු වූ නාට්‍යයක් ලෙස අමන්දා ටෙලි නාට්‍යය හඳුන්වන්න පුළුවන්.
මෙහිදි එක් ආදර කතාවක් මුලික කරගෙන නිර්මාණය වූ කතාවක් ලෙස නාට්‍යය ආරම්භයේදි පෙනුනත් නාට්‍යය අවසානයේදී ප්‍රේක්ෂකයා නොසිතූ ලෙස කතාව වෙනස් වුන අතර එහිදි ප්‍රධාන චරිතය වූ අමන්දා නොමැතිව අවසානය සටහන් වුනේ ප්‍රේක්ෂකයන් නොසතුටට පත් කරමින් වගේම මෙගා ටෙලිනාට්‍යවලටත් පැල්ලමක් එකතු කරමින්.
මෙහිදි පැහැදිලිවම කතාව ආරම්භයේ සිදුවීමට තිබූ අවසානය නොවී වෙනත්ම අවසානයක් ටෙලිනාට්‍යයේ තිබුනා වගේම එහි රගපෑ බොහො දෙනෙක් ඉන්පසු අපිට පුංචි තිරයෙන් දකින්නට ලැබුනෙත් නැති තරම්.
ඉතින් ඊට පස්සේ
1975 දී ‘සිත්තර’ නම් චිත්‍ර කතා පොතේ බලංගොඩ සරත් මධු විසින් නිර්මාණය කරන ලද ‘ඉතින් ඊට පස්සේ’ චිත්‍ර කතාව ඇසුරෙන් මෙම ටෙලි නාට්‍ය නිර්මාණය විය. මෙය ITN නාලිකාවෙහි නිල්වලා එන්ටර්ටේන්මන්ට් ආයතනය වෙනුවෙන් උපුල් ජයසිංහ විසින් නිෂ්පාදනය කරන ලදී.
මෙම කතාවේ පෙම්වතා වන ‘කැලුම්’ කියන්නේ දේදුනුගේ හිත දිනාගන්න හදන තරුණ සංගීතවේදියෙක්. විවිධ බාධක මැද මොවුන් දෙදෙනා තම ආදර කතාව ජයගනියි.
උමයන්ගනා වික්‍රමසිංහ හා සම්පත් කුමාරතුංග මෙම ටෙලිනාට්‍යයේ දේදුනුට හා කැලුම්ට රංගනයෙන් පණ පොවන ලදි. එකල ලංකාවේ අති ජනප්‍රිය වූ මෙම ටෙලිනාට්‍යයේ තේමා ගීතය ද ඒ හා සමානවම ජනාදරයට පාත්‍ර විය.