Oscar සම්මාන දිනූ ඉන්දියාවේ පළමු චිත්‍රපට ගීතය “Naatu Naatu”

ජනප්‍රිය තෙලිඟු චිත්‍රපටියක් වන RRR චිත්‍රපටියේ Naatu Naatu ගීතය මෙවර පැවති 95 වන Oscar සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වුණා. Lady Gaga  සහ Rihanna  පවා අභිබවමින් මෙම ගීතය සම්මාන දිනා ගැනීම විශේෂත්වයක්. මෙහි ආකර්ෂණීය බව හා නර්තන නිර්මාණය ලොව පුරා සිටින ප්‍රේක්ෂකයින්ව වශී කර ගැනීමට සමත් විය. මිනිත්තු 4 ½ ක් දිග මෙම ගීතය පටිගත කරනු ලැබුවේ 2021 දී යුක්‍රේන ජනාධිපතිවරයාගේ නිල නිවස ඉදිරිපිටදීය. Best Original Song (හොඳම මුල් ගීතය) යන කාණ්ඩය යටතේ මෙම Naatu Naatu ගීතය සඳහා සම්මාන ලබුනු අතර Rahul Sipligunj හා Kaala Bhairava මෙය සඳහා ගායනයෙන් දායක වෙයි. MM Keeravani සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වන අතර Chandrabose විසින් මෙහි පද රචනා කොට ඇත. RRR චිත්‍රපටිය S.S. Rajamouli  විසින් අධ්‍යක්ෂණය කොට ඇත.

RRR චිත්‍රපටියේ මූලික වශයෙන් සිදුවන්නේ පුරාවෘත්තවල සිටින විප්ලවවාදීන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ නිවසින් බොහෝ දුර ගමනක් පැමිණ සිදු වූ කතාවකි. 1920 ගණන්වල බ්‍රිතාන්‍යය යටත් විජිතවාදීන්ට එරෙහිව සටන් කිරීම ආරම්භ කිරීමට ඔවුන් ගමනෙන් පසු සිය නිවෙස් කරා යයි.  Ram Charan හා N. T. Rama Rao Jr මෙහි ප්‍රධාන චරිතයන් වේ.

Naatu Naatu ගීතය සඳහා සම්මාන දිනා ගැනීම ඉතිහාසයට එක් වෙයි. මන්ද යත් මීට පෙර ඉන්දියාවේ Slumdog Millionaire හි “Jai Ho” ගීතයට හොඳම මුල් ගීතය හා මුල් සංගීතය සඳහා ඔස්කාර් සම්මාන ලබා ගත්තද එයට හොලිවුඩ් බැඳීම් තිබූ නිසා Naatu Naatu ගීතයට ඔස්කාර් සම්මාන ලැබීම බොලිවුඩය ලැබූ විශාල ජයග්‍රහණයකි. මෙම ගීතය විශේෂ වන්නේ සංගීතය හා නර්තනය නිසා පමණක් නොව මිනිත්තු දහයක් ඇතුලත RRR හි සම්පූර්ණ කතාවම කෙටියෙන් මේ ගීතයට කීමට හැකිවීම නිසාවෙනි. මෙම RRR චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන Rajamouli පවසන්නේ, නිදහස් සටන්කාමී දෙදෙනෙකු විසින් බ්‍රිතාන්‍යය නිලධාරියෙකු නර්තනය මගින් දණ ගස්වන ආකාරය මෙහි අන්තර්ගත බවයි. එනම් යටත් විජිතකරණයේදී බ්‍රිතාන්‍යය පාලනයට එරෙහිව සටන් වැදි සැබෑ ඉන්දියානු විප්ලවවාදීන් දෙදෙනෙකු වටා ගෙතුණු ප්‍රබන්ධ කතාවක් ලෙස ඔහු සිය චිත්‍රපටිය හඳුන්වා දෙයි.

මෙම ගීතය මුළු ලෝකයේම සිටින ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කර ගැනීමට මෙන්ම සමාජ මාධ්‍ය කැලඹීමට පවා සමත්විය. එනම් මෙහි ඇති නර්තන වින්‍යාසය මඟින් ප්‍රේක්ෂකයින්ව ඉතා පහසුවෙන් ආමන්ත්‍රණය කිරීමට හැකි නිසාවෙනි. Keeravani තම ප්‍රියතම ගීත රචක Chandraboseට පැවසුයේ, ඔබ ගීතය රචනා කිරීමේදී කැමති දෙයක් ලියන්න, නමුත් 1920 ගණන්වල සිදුවුණ කතාවක් බැවින් එයට ගැලපෙන වචන භාවිතා කරන ලෙසයි. ඒ ආකාරයෙනුයි වේගවත් බීට් එකක් සහිත අප්ටම්පෝ ගීතයක් වූ  Naatu Naatu ගීතය රචනා වූයේ. මෙම ගීතයේ තාලය ඉන්දියාවේ ආන්ධ්‍රා ප්‍රදේශයේ සහ තෙලන්ගනාවල ජනගීවල බහුලව භාවිතා වේ.

+1
3
+1
1
+1
0
+1
0
Facebook
Twitter
LinkedIn
Pinterest
Open chat
1
Hi!
How can we help you?