පිස්සුවෙන් වගේ ඒ කාලේ බලපු ලංකාවේ Famous ම TV Series සෙට් එක

රොබින්සන් අන්දරය

රොබින්සන් අන්දරය කියන නම ඇහෙද්දිම අතීතෙට හිත ඇදිලා යන  මේ කතා මාලාව ජොහාන් ඩේවිඩ් විසින් 1812 දී ලියූ  The Swiss Family Robinson” නම් නවකතාව ආශ්‍රයෙන් තමයි නිර්මාණය වුණේ.

රොබින්සන් පවුල 1835 දී ඇමරිකාවේ බොස්ටන් නුවර සිට නැව්ගත වන්නේ පවුලේ අය සමග කාලය ගතකිරීමේ අරමුණෙන්. හිතපු නැති විදිහට නැව් ගමන අතරතුර සිදුවන කාලගුණික විපර්යාසයක් නිසා ඔවුන්ගේ ගමන් මාර්ගය වෙනස් වෙලා හුදෙකලා වුණ දූපතකට ගසාගෙන යනවා.

අවුරුදු ගානක් ඒ දූපතේ කොටුවෙන මේ රොබින්සන් පවුල වෙනස්ම ජීවන රටාවකට හුරුවෙනවා. විවිධ වීරක්‍රියා ඇතුලත් රොබින්සන් අන්දරය කතාමාලාව 90 දශකයේ ප්‍රේක්ෂකයන්ගේ හිත්වල තදින්ම කාවැදුනා.

වෙනස්ම ආරයේ කතා ශෛලිය, චරිතවලට තිබු ප්‍රේක්ෂක ආදරය වගේම මේ කතාමාලාවේ සිංහල තේමා ගීතය ප්‍රධාන වශයෙන් ලාංකීය ප්‍රේක්ෂකයින් රොබින්සන් අන්දරයට ආදරය කරන්නට හේතු වුණා.

Round The twist

90 දශකයේ පරම්පරවේ ගොඩක් ජනප්‍රිය වුණ තවත් කතාමාලාවක් තමයි Round The twist  කියලා කියන්නේ. පෝල් ජෙනින්ග්ස් විසින් නිර්මාණය කරපු කතාවක් ඇසුරෙන් තමයි මේ කතා මාලාව නිර්මාණය වුණේ.

ඕස්ට්‍රේලියාවේ 1990 වසරේදී ප්‍රථම වරට විකාශය වුන Comedy වර්ගයට අයත් වුණූ ළමා කතා මාලවක් වූ මෙහි කතාව ප්‍රදීපාගාරයක ජීවත්වන පියෙක් හා දරුවන් තිදෙනෙක් වටා ගෙතෙයි.

Round The twist කතා මාලාවේ ප්‍රධාන එදිරිවාදියා හැරල්ඩ් ග්‍රිබල් නම් ව්‍යාපාරිකයායි. මෙම ට්විස්ට් පවුල ප්‍රදීපාගාරයෙන් එලවා දමා එහි සංචාරක ආකර්ෂණයක් ඇති තැනක් නිර්මාණය කිරීම ග්‍රිබල්ගේ අරමුණයි.

ඔවුන්ගේ හාස්‍යජනක ගැටුම් හා තවත් විවිධ අද්භූත ජනක සිදුවීම් රැසක් රැගත් ඉතා සුන්දර කතා මාලාවක් ලෙසින් Round The twist කතා මාලාව හඳුන්වන්න පුළුවන්.

මල්ගුඩි දවස

අමුතුම ආකාරයේ හැඩයක් ගත්ත මල්ගුඩි දවස ඒ කාලයේ ලොකු, පොඩි හැමෝම අතර ඉතා ජනප්‍රියයි. ඉන්දියාවේ අර්.කේ නාරායන් විසින් 1943 දී නිර්මාණය කරන ලද කතා මාලාවක් ඇසුරෙන් මෙම ටෙලිකතා මාලාව 1986 දී නිෂ්පාදනය වුණ අතර විවිධ තේමා යටතේ නිර්මාණය වූ මෙම ටෙලිකතා මාලාවේ අදියර එසේත් නැතිනම් (Seasons)  ආකාරෙයන්ද 1986 සිට 2006 වසර දක්වා නිර්මාණය විය.

හින්දි භාෂාවෙන් ප්‍රථම වරට නිර්මාණය වූ අතර පසුව ඉංග්‍රීසී භාෂාවටද නිර්මාණය වුණ මල්ගුඩි දවස ඉතා සුන්දර හා අර්ථවත් කතා මාලාවක් සේම, තේමා ගීයකින් ද සමන්විතයි.

ඉන්දීය ජන සමාජයේ එවකට තත්ත්වය පිළිබඳව මල්ගුඩි දවසෙන් ප්‍රේක්ෂකයා වෙත ඉදිරිපත් කරයි.  

මල්ගුඩි දවස කතා මාලාවේ පලමු අදියරේ ‘ස්වාමී’ යන පිරිමි ළමයා හා ඔහුගේ මිතුරන් වටා ගෙතුනු කතාංගය ළමුන් අතර  අතිශය ජනප්‍රිය වුණු කතාවක් බවට පත් වුණා.

Knight Rider

නම ඇසූ පමණින් නොදන්නා කෙනෙකු නැති තරමටම ජනප්‍රිය වූ ටෙලිකතා මාලාවක් තමයි Knight Rider කියන්නේ. ඇමරිකානු නිෂ්පාදකයෙකු වන ග්ලේන් ඇල්බර්ට් ලාර්සන් විසින් නිර්මාණය වූ මෙම කතාමාලාවේ මයිකල් නයිට් ප්‍රධාන චරිතයයි.

මයිකල් නයිට් හා කිට් යන කාර් රථය පාදක කරගනිමින් නිර්මාණය වී ඇති මේ කතා මාලාවේ ඔවුන් විසින් සිදුකරන විවිධ අපරාධ මැඩලීම් හා ත්‍රාසජනක වීරක්‍රියා ඇතුළත් වේ.

කිට් කියලා කියන්නේ දියුණු කෘත්‍රීම බුද්ධියෙන් ක්‍රියාත්මකවන කාර් රථයයි. මේ කතා කරන, කෘත්‍රීම බුද්ධිය සහිත කාර් රථය නිසාම මෙම කතාමාලාව අතිශය ජනප්‍රිය වුණා.

90 දශකයටත් පෙර සිටම මෙම කතාමාලාව ලංකාවේ එවකට විකාශය වූ මුල්ම හා ජනප්‍රියම කතාමාලාවන්ගෙන් එකක් විදිහට මේ Knight Rider කතා මාලාව හඳුන්වන්න පුළුවන්.

Crash Zone

ඕස්ට්‍රේලියාවේ නිර්මාණය වූ Crash Zone ටෙලිකතා මාලාව විද්‍යා ප්‍රබන්ධ කතා මාලාවකි.    උසස් පාසලක ඉගෙනගන්න ළමුන් පස්දෙනෙක් වටා මෙම කතා මාලාව දිවයයි.

මෘදුකාංග ආයතනයක් මඟින් මෙම ළමුන් පස්දෙනා සේවයට බඳවාගන්නේ එම ආයතනය කඩාවැටීමට යාමෙන් වළක්වාගැනීමටයි. අන්තර්ජාලයට, පරිගණකවලට හා පරිගණක ක්‍රීඩාවලට මොවුන්ගේ තිබූ දැඩි උනන්දුව එම අවස්ථාව හිමි වීමට ප්‍රධාන හේතුවක් වුණා.

එම අවස්ථාව ඔවුන්ට ලැබෙන්නේද දිනක online පරිගණක ක්‍රීඩාවක් කරමින් සිටියදී, ඔවුන්ට වෙන වෙනම ලැබූ කේතනය කරන ලද පණිවුඩයක් සොයාගෙන යාමේ ප්‍රථිපලයක් ලෙස මෙම මෘදුකාංග ආයතනයේ හිමිකාරිනිය වන අලෙක්සැන්ඩ්‍රා ඩාවිස්ව මෙම ළමුන්ට මුණුගැසේ.

පසුව ඔවුන් සියලුම දෙනාට පොදු තරගයක් හඳුන්වා දී එය ජයගන්නා කෙනාට එම ආයතනයේ පරිගණක ක්‍රීඩා පරීක්ෂකවරයෙකු (Game Tester) කෙනෙකු වීමේ අවස්ථාව ලබාදීමට ඇය පොරොන්දු වේ.

අන්තර්ජාලය හා කෘත්‍රීම බුද්ධිය ආශ්‍රය කරගනිමින් නිර්මාණය වූ මෙම ටෙලි කතා මාලාව තවමත්  ප්‍රේක්ෂක සිත්වලින් නම් අමතකව ගොස් නැත.

SpellBinder

ක්‍රියාන්විත මෙන්ම විද්‍යා ප්‍රබන්ධ යන ආකාරයෙන් ඕස්ට්‍රේලියාවේ සහ පෝලන්තයේ නිර්මාණය වුණූ මායා බන්ධන නම් කතා මාලාව 90 දශකයේ ඉතාමත් ජනප්‍රිය වූ කතාමාලාවලින් එකක්.

1995 දී විකාශය වූ මෙම කතාමාලාව මාර්ක් ෂිරෙෆ්ස්, ජොන් තොම්සන් යන අය විසින් ලියා නිර්මාණය කරන ලදී.

කාල තරණය කිරීම මෙම කතාමාලාවේ ප්‍රධානතම සංසිද්දියක්. එය ආශ්‍රයෙන් තමයි මෙහි සියලුම කතාංග නිර්මාණය වී තියෙන්නේ.

‘පෝල් රෙනෝල්ඩ්ස්’ නම් තරුණයා විසින් අහම්බයෙන් සමාන්තර ලෝකයකට යන අතර එහිදී මුණගැසෙන ‘රියානා’ නම් තරුණිය සමඟ තමන්ගේ ලෝකයට ගමන් කිරීමට මාර්ගයක් සොයන ආකාරය මෙහි පළමු කතාංග මාලාවෙන් සිදුවේ.

ඒ ආකාරයෙන්ම අනෙකුත් අදියරද කාල තරණය සම්බන්ධව ඉතා සුන්දර හා කුතුහලය නංවන ආකාරයෙන් නිර්මාණය කර ඇත.

Famous Five

එනිඩ් බ්ලයිටන් විසින් ලියන ලද 1942 දී ප්‍රකාශය පත් වූ The Famous Five නම් ළමා කතන්දර පොත් මාලාව ඇසුරෙන් මෙම ටෙලි කතා මාලාව නිෂ්පාදනය විය.

මෙම කතන්දර පොත් කෙසේ ජනප්‍රිය වූවාද කිවහොත් එනිඩ් බ්ලයිටන් කතා මාලව පොත් අටකට වැනි ප්‍රමාණයකට සීමා කිරීමට සිතුවද, එයට ලැබූ ඉමහත් ප්‍රේක්ෂ්කාදරය හා විකිණුම් නිසා මෙම කතාව කතා පොත් විසි එකක් දක්වා ලියන ලදී.

ජූලියන්, ඩික්, ජෝර්ජ්, ඈන්, සහ සුරතල් බල්ලා වන ටිමෝති යන පස්දෙනා මේ කණ්ඩායමේ සාමාජිකයෝයි. ටිමෝති යන සුරතල් බල්ලා ‘ටිමී’ යන කෙටි නාමයෙන් තමයි ගොඩක් දෙනා අතර ජනප්‍රිය වුණේ. මෙම මිතුරන් පස්දෙනා විවිධ අපරාධ සොයායාමේ වීරක්‍රියා සිදු කරයි.

මෙහි ටෙලිකතා මාලාව 1978 ආරම්භ වූ අතර එය බ්‍රිතාන්‍යයේ Southern Television නම් ආයතනයෙන් නිර්මාණය කරන ලද අතර ITV නම් මාධ්‍ය ජාලයේ ප්‍රථම වරට විකාශය විය.  

+1
0
+1
8
+1
0
+1
0
Facebook
Twitter
LinkedIn
Pinterest
Open chat
1
Hi!
How can we help you?