Outdoor Advertising

එළිමහන් වෙළඳ ප්‍රචාරණය පැරණි අලෙවිකරණ උපාය මාර්ගයක් වූවත් එයින් මනසට දැනෙන ලෙස වැඩි පිරිසකට පණිවිඩය ගෙනයාමට ඇති හැකියාව නිසා එය වඩාත් වාසිදායක වේ.

එළිමහන් ප්‍රචාරණයේ වාසි මෙසේ දක්වන්න පුළුවන්.

  1. Board Reach :

එළිමහන් ප්‍රචාරණය වැඩි පිරිසක් එකවර ඉලක්ක කර ගන්න නිසා එයින් ව්‍යාපාර සන්නිවේදනයට විශාල බලපෑමක් කරන්න පුළුවන්. ප්‍රචාරක දැන්වීම් පුවරු, Digital තිරයන් වැනි ක්‍රම මඟින් විවිධ පාරිභෝගික කණ්ඩායම්වලට වෙළඳ ප්‍රචාරණය නිරාවරණය වීම සහතික කරනවා. පදිකයන්ගේ, මගීන්ගේ සහ මෝටර් රථ රියදුරන්ගේ අවධානය නිසැකවම මේවාට යොමු වෙන්නේ ඒ නිසයි.

  1. Brand Awareness and Recall:

වෙළඳ දැනුවත් කිරීම් සහ නැවත නැවත සන්නාමය සිහියට නැංවීමට Outdoor Advertising වලට හැකියාව තියෙනවා. Creative Visuals (ප්‍රබල පණිවිඩයක්) සහ අමතක නොවන පාඨයකින් වෙළඳ දැන්වීම්කරුවන්ට පාරිභෝගිකයින්ගේ මනසෙහි දිගු කලක් පවතින සන්නාමයන් ගොඩනගන්න Outdoor Advertising වලට හැකියාව තියෙනවා. ඒ විතරක් නෙවෙයි එළිමහන් වෙළඳ දැන්වීම්වලට නැවත නැවත නිරාවරණය වීම වෙළඳ සන්නාමය කෙරෙහි පාරිභෝගික සහසම්බන්ධතා වර්ධනය කරන්නත් හේතු වෙනවා.

  1. Targeted Advertising:

එළිමහන් ප්‍රචාරණයෙන් නිශ්චිත සමාජ කණ්ඩායම් සහ භූගෝලීය ප්‍රදේශ ඉලක්ක කරලා කරන්න පුළුවන්. වෙළඳ දැන්වීම්කරුවන්ට තම අපේක්ෂිත පාරිභෝගිකයින් වෙත ඵලදායි විදිහට සාප්පු සංකීර්ණ, ක්‍රීඩාංගන හෝ ප්‍රවාහන මධ්‍යස්ථාන අසල ස්ථාන තෝරාගන්න පුළුවන්. ක්‍රීඩා ලෝලීන් ඉලක්ක කර ගැනීම සඳහා ක්‍රීඩා පිටි අසල ක්‍රීඩා ආශ්‍රිත නිෂ්පාදන ප්‍රචාරණය කිරීම උදාහරණ ලෙසින් දක්වන්න පුළුවන්.
 
ඒ වගේම එළිමහන් වෙළඳ දැන්වීම් පහත දැක්වෙන පරිදි වර්ග කරන්නත් පුළුවන්.

  1. දැන්වීම් පුවරු:

මහාමාර්ග, මාර්ග දෙපස සහ නාගරික ප්‍රදේශවල දක්නට ලැබෙන විශාල දැන්වීම් පුවරු දක්වන්න පුළුවන්. විශාල අවධානයක් මිනිසුන්ගෙන් මේවාට ලැබෙන අතර නිර්මාණශීලී පණිවිඩයක් ගොඩනැගීම තුළින් කාලයක් මතකයේ පවතින වෙළඳ පණිවිඩ දෙන්නත් මේවාට පුළුවන්. එසේම දැන් දැන් ඩිජිටල් දැන්වීම් පුවරුත් ජනප්‍රිය වෙමින් පවතින අතර විවිධ පණිවිඩ එකම තැනකින් ලැබෙන්නට සලස්වන්නට හැකිවීම එහි විශේෂත්වයයි.

  1. ප්‍රවාහන මාධ්‍යය යොදා ගැනීම:

මෙහිදී වෙළඳ දැන්වීම් සඳහා බස් රථ, කුලී රථ, දුම්රිය සහ උමං මාර්ග ඇතුළු විවිධ ප්‍රවාහන ක්‍රම භාවිතා කරයි.

  1. පොදු ස්ථාන යොදා ගැනීම:

මාර්ග අවට ඇති බස් නැවතුම්පොළවල්, බංකු, උද්‍යානයන්, පොදු විවේකාගාර වැනි ස්ථාන භාවිතා කර දැන්වීම් සඳහා යොදා ගැනීම ගැන තමයි මේ කියන්නේ.

  1. Point-of-Sale Advertising:

Point-of-sale වෙළඳ ප්‍රචාරණය කියන්නේ සාප්පු සංකීර්ණ, සුපිරි වෙළඳ සැල් වැනි ස්ථානවල තබා ඇති වෙළඳ දැන්වීම්වලටයි. මේවා පාරිභෝගිකයින්ගේ මිලදී ගැනීමේ තීරණවලට බලපෑම් කිරීමට උපාය මාර්ගිකව ස්ථානගත කර ඇති අතර විශේෂිත නිෂ්පාදන හෝ වෙළඳ නාම මිලදී ගැනීම සලකා බැලීමට  ඔවුන්ව පොළඹවන්න මෙයින් පුළුවන්.

  1. ගරිල්ලා ප්‍රචාරණය:

ගරිල්ලා ප්‍රචාරණය කියන්නේ අනපේක්ෂිත ස්ථාන භාවිතා කරලා අවධානය හා ආකර්ෂණය කර ගැනීමට සාම්ප්‍රදායික නොවන සහ නිර්මාණාත්මක ක්‍රම භාවිතා කර කරනු ලබන ප්‍රචාරණයයි. ගොඩනැගිලිවල සිතුවම්, 3D සිතුවම් සහ Graffiti යොදාගනිමින් සන්නාම ප්‍රචාරණය මෙයට උදාහරණ විදිහට දෙන්න පුළුවන්.

ඉතින් ඔයා මේ කියන කොයි විදිහකින් හරි ඔයාගේ ව්‍යාපාරයට Outdoor Advertising කරන්න හදනවා නම් සලකා බලන්නම ඕන වැදගත් කාරණයක් තමයි Outdoor Advertising කරන්නන් වාලේ නොකිරීම. Outdoor Advertising වලදී ප්‍රධානවම නිර්මාණශීලීත්වයට මුල් තැන දෙමින් රාමුවෙන් පිටත යමක් කරන්න සෑම විටම උත්සහ කරන්න. බලන්නකෝ මේ උදාහරණ දිහා.

+1
0
+1
2
+1
0
+1
0
Facebook
Twitter
LinkedIn
Pinterest
Open chat
1
Hi!
How can we help you?