කාන්තාවක් කියන්නෙ මොන වගේ දේවල් නිරූපණය කරන්න යොදාගන්න සංකේතයක් ද කියලා ඔයාලා දන්නවනෙ? සුන්දරත්වය, සියුම් බව, ලාලිත්‍යය, සියුමැලි ගතිය වගේ ඇහෙද්දිත් ලස්සනක් දැනෙන ගති ලක්ෂණ පෙන්නුම් කරන්න තමයි කාන්තාව යොදාගන්නෙ. මාර්කටින් වර්ල්ඩ් එකේ කාන්තාව කියන්නෙ වෙළෙඳපොළේ විකිණෙන හුඟක් ද්‍රව්‍ය වල ගුණාත්මක බව පෙන්නුම් කරන්න යොදාගන්න චරිතයක්. ගෘහ භාණ්ඩ, සේදුම් ද්‍රව්‍ය, විදුලි උපකරණ, රූපලාවණ්‍ය ද්‍රව්‍ය ආදී මෙකී නොකී සියලුම ඇඩ් වල කාන්තාවන් ඉන්නවා ඔයාලා දැකලා ඇති. ඒත් කාන්තාවකගෙ චරිතයේ තියෙන මායාකාරී, සෘජු, දැඩි පැතිකඩ මේවගෙන් පෙන්නුම් කරන්නෙ නැති තරම්.
ඒත්, Chanel ඒ කියන්නෙ Chanel කියන ලෝක ප්‍රකට පර්ෆියුම් බ්‍රෑන්ඩ් එක එයාලගෙ COCO MADEMOISELLE කියන සුවඳ විලවුන් වර්ගය වෙනුවෙන් ඇඩ් එකක් නිර්මාණය කරනවා කාන්තාවගේ මේ තියෙන ආලෝකවත් සහ අඳුරු පැතිකඩ දෙකම එකතු කරලා. MADEMOISELLE (මැඩමොසෙල්) කියලා ප්‍රංශ භාෂාවෙන් ආමන්ත්‍රණය කෙරෙන්නෙ අවිවාහක තරුණ කාන්තාවකට. COCO MADEMOISELLE කියන මේ ඇඩ් එකේ පෙන්වන කාන්තා චරිතය බොහෝම නිර්භීත සහ දැඩි ගති වලින් යුතු වගේම බොහොම සුකොමළ ගතිත් තියෙන ඉතාම පැහැදිලිව පෙන්නුම් කරන චරිතයක්. ඇය උසස් පොලිස් නිලධාරිනියක් හෝ එවැනි ඉතාම බැරෑරුම් රැකියාවක නියැළෙන්නියක්. ඒ වගේම ඇය නිරූපණ ශිල්පිනියක්.
තමන්ව ආරක්ෂා කරන්න එන ගාඩ් පිරිස පවා මග අරිමින්, ඇය යනවා ෆොටෝග්‍රැෆි සෙෂන් එකකට. තමන්ගෙ ඡායාරූප ශිල්පියාව ඇය තමන්ගෙ සුන්දරත්වයෙන් හා ලාලිත්‍යයෙන් කොයි තරම් වසඟ කරගන්නවද කිව්වොත් ඇය සමඟ ඔහුට ආලිංගනයේ පවා යෙදිය හැකි බව ඇය ඔහුට ඒත්තු ගන්නනවා. ඒත් ඇය අවසන් මොහොතේ එතැනින් අතුරුදහන් වෙන්නේ නැවතත් ඇගේ දැඩි චරිතයට අනුගත වෙලා. ඒ ගෙවුණු ක්ෂණික මොහොතවල මතකයන් හා ඇගේ සුවඳ පමණයි ඇය ඔහුට ඉතිරි කරන්නේ.
කාන්තාවක් කියන්නෙ මේ පැති දෙකේම මුසුවක් බව COCO MADEMOISELLE පෙන්නන්නෙ ඒ විදියට. ඒ වගේම මේ වගේ සංකල්පයක දී සුවඳ විලවුන් කියන දේ කොයි තරම් වැදගත් ද කියන එකත් මේ ඇඩ් එකෙන් නිරූපණය කෙරෙනවා.