හැම මේසෙකටම කතන්දරයක් තියෙනවා

hama mesekatama kathandarayak thiyenawa

ඔයා මහන්සි වෙලා වැඩ කරන කෙනෙක්ද? වැරදි වැරදිත් හරි යන්න වැඩ කරන, කොයි තරම් වැටුණත් ආපහු ආපහු උත්සහ කර කර තැනකට යන්න උත්සහ කරන කෙනෙක්ද? ඉතිං ඒ ඔයාගෙ උත්සහය, ඔයාගෙ මහන්සිය ඔයාගෙ මේසෙ තරම් වෙන කවුද දන්නෙ? උදේ ඉඳන් හවස් වෙනකල්, රෑ එළි වෙනකල්, ඔයා වැඩ කරන තරම් ඔයාගෙ මේසෙ තරම් කවුද දන්නෙ?

ඉතිං, මෙන්න මේ සරල, ඒත් ගැඹුරු අදහසත් එක්ක තමයි, Every table has a story කියන ස්ටාර්බක්ස් ඇඩ්වර්ටීස්මන්ට් එක නිර්මාණය වුණේ. ස්ටාර්බක්ස් කියන්නෙ ලෝකෙ රටවල් ගොඩක තියෙන කොෆීහවුස් නෙට්වර්ක් එකක්. ඒත් කොරෝනා කාලෙදි ස්ටාර්බක්ස් කොෆීෂොප්ස් පාළුවට ගියා. ඉතිං කොරෝනා කාලෙන් පස්සෙ ස්ටාර්බක්ස් තමන්ගෙ පාරිභෝගිකයන්ව ආපහු ගෙන්නගන්න මේ අපි ඉස්සෙල්ලා කිව්ව අදහස ප්රයෝජනේට ගත්තා. ඒ ඇඩ්වර්ටීස්මන්ට් එකෙන් ස්ටාර්බක්ස් කොෆීෂොප් එක කියන්නෙ මොනවගේ තැනක්ද කියන එක ගැනත් මිනිස්සුන්ට ඉඟියක් දුන්නා.

ස්ටාර්බක්ස් කියන්නෙ, තමන්ගෙ පැෂන් එක වෙනුවෙන් වෙහෙසෙන, ඔන්ට්රප්රිනර් මයින්ඩ්සෙට් එකක් තියෙන මිනිස්සුන්ව දිරිමත් කරන, සමරන තැනක්. ඒ වගේම ඒ වගේ මිනිස්සුන්ට පහසුවෙන්, තමන්ගෙ වැඩක් කරගන්න නිදහස සලසලා දෙන තැනක්. ස්ටාර්බක්ස් කොෆීෂොප් එකකට ඇවිත්, හැමදාම එකම ටේබල් එකේ ඉඳගෙන, උදේ ඉඳන් හවස් වෙනකං, හරියෑම් වැරදීම්, දිනුම් පැරදුම් මැද්දෙන්, එකම වර්ගෙ කෝපි එකක් බිබී, තමන්ගෙ ගෝල් එකට යන්න මහන්සි වෙලා වැඩ කරන මිනිස්සුන්ට ධෛර්යය දෙන තැනක්. සිත්තරාවියක් වුණ කේ ඩේවිස්ගෙ කතාව පෙන්නන ඇඩ්වර්ටීස්මන්ට් එකෙන් ස්ටාර්බක්ස් ගැන ලෝකෙටම දුන්නෙ ඒ අදහස.

ඩේවිස් ටෙක්ස්ටයිල් ඩිසයිනර් කෙනෙක් වෙන්න හීන මවන තරුණියක්. එයා කොච්චර මහන්සි වෙලා ඩිසයිනින් වැඩ කළත්, කොච්චර නම් එක එක සමාගම් වලට ඉල්ලුම් කළත් ඒ හැම තැනකින්ම එයාව ප්රතික්ෂේප වෙනවා. ඒත් එයා තමන්ගෙ උත්සාහය අතාරින්නෑ. අන්තිමට ඩේවිස් නතර වෙන්නෙ ටෙක්ස්ටයිල් ඩිසයිනින් සඟරාවක මුල් කවරෙන්. ඒ වෙනකම්ම, එයා තමන්ගෙ ගමනේ ඉහළටම යනකම් එයා වැඩ කරගන්නෙ ස්ටාර්බක්ස් කොෆී ෂොප් ටේබල් එකක ඉඳන්.

විනාඩියක් ඇතුළෙ පෙන්නන මේ චූටි කතාවෙන් ස්ටාර්බක්ස් සමාගමේ ඉලක්කය හොඳටම පැහැදිලි වෙනවා. සමාගමේ ඉලක්කය වුණේ ස්ටාර්බක්ස් කොෆීෂොප් එකක් කියන්නෙ කෙනෙක්ට තමන්ගෙ ගෙදරයි, වැඩ කරන තැනයි හැර නිදහසේ ඇවිත් වැඩ කරන්න, ආයෙ මුල ඉඳන් පටන් ගන්න, තමන්ගෙ පැෂන් එක වැඩි දියුණු කරගන්න, අලුත් සම්බන්ධතා ගොඩනගා ගන්න පුළුවන්, තැනක් (third place) කියලා පෙන්නන්න. ඉතිං විවිධ රස පිරුණු කෝපි කෝප්ප, හිස් වටකුරු මේස වලින්, තව විවිධාකාර මිනිස්සුන්ගෙන් පිරුණු ස්ටාර්බක්ස් කොෆී ෂොප් එක්කට වඩා හොඳ තර්ඩ් ප්ලේස් එකක් තව කොහෙන්ද? ස්ටාර්බක්ස් මේසයක් තරම් කතන්දර තියෙන තැනක් තව කොහෙද?

+1
0
+1
1
+1
0
+1
0
Facebook
Twitter
LinkedIn
Pinterest
Open chat
1
Hi!
How can we help you?