සුදු වත හැඳි කතුන්

sudu watha adi kathun

ලොව පුරා ඇති විවිධ හොල්මන් කතා, ගුප්ත හැඟීම් දනවන කතා ඔබ අසා ඇති. ඒත් ලෝකයේ බොහෝමයක් හොල්මන් කතාවල සුදු වතින් සැරසුණු කාන්තාවන් හා බැඳී ඇති බව ඔබ දන්නවාද?

ගොඩක් වෙලාවට මේ  සුදු හැඳගත් ගුප්ත හොල්මන් කාන්තාවන්ගේ කතාව එහෙමත් නැත්නම් මරණය සිදුවන්නේ හදිසි මරණ, සිය දිවි නසා ගැනීම්, අනියම් පෙමක් නිසා. මෙවැනි ජනප්‍රවාද / මිත්‍යා මතවාද ලෝකය පුරා පැතිරිලා තිබෙනවා. ඒ අතරින් ලොව වඩාත්ම සුප්‍රසිද්ධම සුදු වත හැඳි කාන්තාවගේ කතාව නම්, ලා ලොරෝනා පුරාවෘතයයි. ඒ පුරාවෘත්තයට අනුව මෙක්සිකෝවේ තරුණ කාන්තාවක් ගැන කියවෙනවා. ඒ සම්බන්ධ ජනප්‍රියම කතාව නම් ඇගේ සැමියා වෙනත් කාන්තාවක් වෙත ගිය නිසා ඇය තම දරුවන් දියේ ගිල්වා මරා දමා ඒ ශෝකයෙන් ඇයත් දියෙහි ගිලී මිය යන බව කියවෙන කතාවයි. ඒ ගැන දැක්වෙන තවත් කතාවක් නම්, ඇගේ දරුවන් අවජාතක බවත්, දරුවන්ගේ පියා විසින් දරුවන් හදාගැනීමට ඉල්ලූ නිසා සිය දරුවන් මරා දමා ඇයද සිය දිවි නසා ගත් බව සඳහන් වෙනවා.  මේ මෙක්සිකානු ජනප්‍රවාද අනුව ඇය සැරිසරන්නේ ජලාශ ආශ්‍රිතවයි. ඒ විතරක් නෙවෙයි කුඩා ළමුන් මරා දමන බවත්, හඬා වැළපෙමින් තම දරුවන් සොයමින් සිටින බවත් මෙක්සිකානු විස්වාසයන්වල පැවසෙනවා. මේ ගුප්ත ජනප්‍රවාදය ආශ්‍රයෙන්,

  • The River: The Legend of La Llorona
  • Revenge of La Llorona
  • The Wailer: La Llorona
  • The Curse of La Llorona

යන චිත්‍රපට ද නිර්මාණය කර තිබෙනවා.

ඒ වගේම කැනඩාවේ මෙම සුදු හැඳගත් කාන්තාවක් හා සම්බන්ධ කතාව වන්නේ මොන්ට්මොරන්සි දිය ඇල්ල අවට හොල්මන් කරන තරුණිය පිළිබඳ කතාවයි. ඇගේ කතාවට හේතුවන්නේ විවාහ ගිවිසගැනීමට සිටි තරුණයා බ්‍රිතාන්‍යය සමඟ සටනට ගොස් සිටියදී මිය යාමත් ඒ ශෝකයෙන් සිය මංගල ඇඳුම පිටින්ම ඔවුන් දෙදෙනා නිතර හමුවූ මොන්ට්මොරෙන්සි දිය ඇල්ලට පැන සිය දිවි නසා ගැනීමේ සිදු වීමයි.

හොල්මන්වලට වඩාත් ප්‍රසිද්ධ ජපානයේ, ඔයුකි නම් කාන්තාව හා සම්බන්ධ පුරාවෘතයක් පවතී. ජනප්‍රවාදයට අනුව ඇය ගේෂා තරුණියක් වන අතර ඇය  තරුණ අවධියේම අවාසනාවන්ත ලෙස මිය ගියා. ඇයට බොහෝ සේ ආදරය කළ මුරයාමා නම් දක්ෂ චිත්‍ර ශිල්පියාට ඇගේ මරණයෙන් පසු  ඇය රාත්‍රියේ ඔහුගේ නිදි යහන අසල සිටිනු දැක, ඇගේ දර්ශනය එවේලෙහිම ඔහු චිත්‍රයක් බවට පත්කර තිබුනා. ඒ චිස්තරය අනුව දිග කොණ්ඩයක් ඇති, සුදු පැහැ කිමෝනාවක් හැඳි, සුදුමැලි දෙපා නොමැති හොල්මනක් ලෙසයි ඇයව ඇඳ තිබුණේ. ජපන් වැසියන් හොල්මන් ලෙස පිළිගන්නේ ඇගේ මේ සිතුවමයි.

රුසියාවේ එතරම් ප්‍රසිද්ධ හොල්මන් අවතාර කතා නොමැති වුණත් ජනප්‍රවාද ආශ්‍රයෙන් එන සුලු කතා කිහිපයක් තිබෙනවා. ඉන් එකක් නම්  විවාහ වීමට අකමැති වූ කාන්තාවක් සිය විවාහ යෝජිත සැමියා මඟ හැර පළා යමින් සිටියදී සිය දිවි නසාගෙන මිය යෑමේ සිදුවීමයි. ඇගේ මරණයෙන් පසු  විවාහ දිනයේදී පෙම්වතුන් වශී කරගන්නා හොල්මන් කාන්තාවක් බවට පත් වූ බව සඳහන්.

ඒ වගේම එංගලන්තයේ එන හොල්මන්, ගුප්ත කතා අතර බෙරී පෙමරෝයි මන්දිරය හා බැඳුනු කතා විශාල ප්‍රමණයක් තිබෙනවා. ඉන් එකක් විදියට මාග්‍රට් පෙමරෝයි නම් සුදු ආර්යාවගේ කතාව ප්‍රචලිත කතාවක්. ඇය මිය ගිය සිය දරුවා සොයමින් මන්දිරයේ සිරකුටි අතර ඇවිඳින බව ජනප්‍රවාදවල කියවෙනවා. ඇගේ දරුවා මරා දැමුවේ ඇගේම පියාම බවත් සඳහන්. ඒ ශෝකය නිසා ඇය එම මන්දිරයේ හොල්මන් කරන බව කියවෙනවා.

ලෝකය පුරා ජනතාව භීතියට පත් කළ මේ සුදුවතින් සැරසුණු කාන්තාවන්ගේ ගුප්ත කතා කටින් කටට පැවතෙමින් ඉදිරියටත් පැවත යනු ඇත.

+1
2
+1
11
+1
0
+1
0
Facebook
Twitter
LinkedIn
Pinterest
Open chat
1
Hi!
How can we help you?