‘තාත්තෙ, බබාලා එන්නෙ කොහෙන්ද?’

thaththe babala enne kohenda

එකමත් එක දවසක අම්මෙකුයි, තාත්තෙකුයි, එයාලගෙ බබාලා දෙන්නයි එයාලගෙ කාර් එකේ ගමනක් යනවා. ලොකු බබා ඉස්කෝලෙ යන වයසෙ බබෙක්. පොඩි බබා අත දරුවෙක්. තාත්තයි අම්මයි ඉස්සරහ, දරුවො දෙන්නා පිටිපස්සෙ. මේ යන අතරෙ ලොකු බබා එකපාරටම ප්‍රශ්නයක් අහනවා.

‘තාත්තේ, බබාලා එන්නෙ කොහෙන්ද?’

බබාගේ ප්‍රශ්නෙන් තාත්තා එකපාරටම ගැස්සෙනවා. ඒත් තාත්තා ඉක්මනට බබාට උත්තරයක් දෙන්නෙ ලොකු කතන්දරයක් හරහා.

‘බේබිලැන්ඩියා කියලා ග්‍රහලෝකයක් තියෙනවා. එතන තමයි බබාලා වගේම සත්තුන්ගෙ පැටවුත් හැදෙන්නෙ. එයාලා එහෙ මාස නවයක් ඉඳලා, ලොකු ස්පේස්ෂිප් එකකින් අපේ ලෝකෙට ගේනවා. ඊට පස්සෙ එයාලා පැරෂුට් වලින් එයාලගෙ අම්මලා ළඟට යනවා.’

ඒත් බබා නම් ඒකෙන් සෑහුණ පාටක් පේන්න නෑ.

‘ඒත් තාත්තෙ ජේක් කියන්නෙ බබාලා හැදෙන්නෙ අම්මලයි තාත්තලයි…’

බබා එහෙම කියනකොටම තාත්තා  බබා කියන්න යන එකට බාධා කරලා ‘Play wheels on the bus’ කියලා වේගෙන් කියනවා. ඒ දෙන්නෙ කාර් එකට ඩිමාන්ඩ් එකක්. එතකොටම කාර් එකේ ‘Wheels on the bus’ කියන සිංදුව ප්ලේ වෙනවා. බබාගෙ හිත යන්නෙ සිංදුවට. කට්ටියම සිංදුව කියන්න පටන් ගන්නවා. අම්මයි තාත්තයි මූණෙන් මූණ බලාගන්නෙ ලොකු සැහැල්ලුවකින්. තාත්තා මූණ දෙන ප්‍රශ්නෙට උත්තරේකුත් ලැබෙනවා.

ඉතිං මං මේ දැන් කිව්වෙ car advertisement එකක කතාවක් කියලා ඔයාට හිතාගන්න පුළුවන්ද? ඔව්, මේක car advertisement එකක්. දකුණු කොරියාවෙ දෙවන විශාලතම ඔටෝමොබයිල් නිෂ්පාදකයා තමයි KIA සමාගම. මේ සමාගමේ KIA Sorento කියන කාර් එක වෙනුවෙන් තමයි මේ ඇඩ් එක නිර්මාණය වෙන්නෙ.

Ad එකේ අන්‍තිමට ‘It has an answer for everything’ කියන tagline එක පෙන්නන්නේ හැම ප්‍රශ්නෙකටම උත්තරයක් KIA Sorento car එකට තියෙනවා කියන අදහස ප්‍රේක්ෂකයාට දෙන ගමන්.

මේ ඇඩ් එක විශේෂ ඇඩ් එකක් වෙන්නෙ ඒකෙ තියෙන හාස්‍යජනක සංකල්පය නිසාම නිසාම නෙවෙයි. මේ ඇඩ් එක ඇතුළේ babylandia සහ බබාලගෙ පෘථිවි ගමන පෙන්වන දෘශ්‍ය නිර්මාණ  බොහොම ඉහළ තත්ත්වයක තියෙන නිසා. ඇත්තටම මේ ඇඩ් එක බලන කෙනෙක්ට එකපාරටම හැඟීමක් එන්න පුළුවන් තමන් මේ බල බල ඉන්නෙ ඉහළ ප්‍රමිතියක් සහිතව නිර්මාණය කෙරුණු  sci-fi movie එකක් කියලා.

සංකල්පයෙන් වගේම නිර්මාණකරණය අතිනුත් මේ ‘Space babies’ කියන ඇඩ් එක ඉහළම මට්ටමක තියෙනවා කියලා බලන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම මාකටින් වල ප්‍රධානම ස්ට්‍රැටජි එකක් කියලා හඳුන්වන්න පුළුවන් ස්ටෝරි ටෙලින්, බොහෝම සියුම් විදියට යොදාගෙන කරලා තියෙන අපූරු නිර්මාණයක් විදියටත් ‘Space babies’ හඳුන්වන්න පුළුවන්. අවුරුදු එකොළොහකට පස්සෙ වුණත් බොහොම අපූරුවට රසවිඳින්න පුළුවන් විශිෂ්ට ගණයේ ඇඩ් එකක් වෙන ‘Space babies’ ඔයත් හිනා වෙවී රස විඳගන්න!

+1
1
+1
3
+1
0
+1
0
Facebook
Twitter
LinkedIn
Pinterest
Open chat
1
Hi!
How can we help you?