TikTok පැටිකිරිය

tiktok patikiriya

TikTok කියලා කියන්නේ මොකක්ද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැති තරම් අද වෙද්දි ජනප්‍රිය මාතෘකාවක් වෙලා ඉවරයි. TikTok වල තියෙන අනිත් සමාජ මාධ්‍ය යෙදුම්වල නැති සුවිශේෂී Features නිසාම ඉතාමත් කෙටි කලකින් TikTok ලෝකය පුරාම ජනප්‍රිය වුණා. TikTok App එක ලොව පුරාම ජනප්‍රිය වීමේදී සිදුවූ විශේෂ දෙයක් උනේ පරිශීලකයින් ලෙස වැඩිපුරම එකතු උනේ Generation Z හෙවත් 1995 සිට 2012 දක්වා ඉපදුන යොවුන් පරම්පරාව වීමයි.

මුලදි මෙය නැටුම් ගැයුම් වැනි සරල විනෝදාස්වාදයන් සඳහා වෙන්වුවක්. වැඩිහිටි පරපුර මේක දැක්කේ තරුණ ළමයින් නොමඟ යවන යෙදුමක් ලෙසයි. කොටින්ම කියනවා නම් Tiktok හි Content සාදන තරුණ තරුණියන් සමාජ මාධ්‍ය ඔස්සේ කොන් කිරීමට පවා පටන් ගත්තා. පසුව ක්‍රමක් ක්‍රමයෙන් විවිධ කැටගරිවලට අයත් නිර්මාණකරුවන් ටික්ටොක්වල එතෙක් පෙරමුණ ගෙන සිටි විනෝදාස්වාදයටම පමණක් වෙන්වූ නිර්මාණකරුවන් හා කරට කර සිටිමින් විවිධත්වයකින් යුතු ගුණාත්මක නිර්මාණයන් TikTok හරහා මුදා හැරියා. අද වන විට TikTok යෙදුම දැනුම බෙදාගන්නන්, අලෙවිකරුවන්, විවිධ මතිමතාන්තර ඉදිරිපත් කරන්නන්, දේශපාලකයින්, විනෝදාස්වාදය සපයන්නන්, Gossips, ගායකයින්, නීතිවේදීන්, වෛද්‍යවරුන්, ගුරුවරුන්, පිරමීඩ ජාවාරම්කරුවන් වගේ සමාජයේ එකීනොකී හැමදෙනාම සිටින තැනක් බවට පත් වෙලා තියෙනවා. මේවගේ කෙටි කාලයක් තුල TikTok ජනප්‍රිය වෙන්න හේතු ගොඩක් තියෙනවා. ඒ අතුරින් මේ හේතු කිහිපය විශේෂයි.

01) Free tool එකක් වීම.

02) TikTok Algorithm

මෙය නිසා හැම කෙනෙක්ටම වගේ තමන්ගේ  නිර්මාණ ලොකු පිරිසකට Limitless විදිහට ගෙනියන්න පුළුවන් වෙලා තියෙනවා.

03) භාවිතයට ඇති පහසුව.

TikTok කරන්න ඔයාට අමුතුවෙන් Skill set එකක් ඕනේ කරන්නේ නෑ. බොහොම පොඩි Video එකකින් ඔයාව Viral වෙන්න පුළුවන්. TikTok හි Video නිර්මාණයන්ට පහසුවක් වෙමින් CapCut වැනි භාවිතයට ඉතාම පහසු Video Editing App TikTok සමඟ Integrate කිරීම නිසා TikTok වල අපිට වඩාත් හොඳ නිර්මාණයන් බලන්න පුළුවන්.

04) Business Promotion කරන්න නම් TikTok කියන්නේ කියාපු තැනක්.

එත් තාම ලංකාවට TikTok Ads නම් Available නෑ. ඒත් මේවෙනකොටත් ගොඩක් දෙනෙක් තමන්ගේ ව්‍යාපාර TikTok එකෙන් නොමිලේම ප්‍රවර්ධනය කරගන්නවා.

05) Endless Entertainment

TikTok වල ඕනේ දෙයක් තියෙනවා. ඔයා මොනවාහරි Category එකකට වැඩිපුර කැමති කියලා දැනගත්තොත් Algorithm එක කාලයක් යනකම් ඔයා කැමති Category එකෙන් Video ගොඩක් පෙන්නනවා. කාලයක් යද්දි මේක වෙනස් වෙන්නේ ඔයාගේ රුචි අරුචිකම්වල වෙනස්වීම මත තමයි.

TikTok හඳුන්වාදුන් මුල් කාලයේදී On the go, Lean Forward විදිහට යන එනම් Short Videos තියෙන Platform එකක් ලෙස තිබුනත් මෑත කාලයේදී Lean Back එනම් Long Video (විනාඩි 10 Videos) සඳහාත් ඉඩකඩ සලසන Platform එකක් බවටත් පත් වෙලා තියෙනවා. චීන සමාගමක් වන ByteDance විසින් 2016 සැප්තැම්බර් මාසයේදී TikTok දියත් කරා. ඒත් TikTok යෙදුමට චීන ජාතිකයන්ට පිවිසීමට අවසර නැහැ. චීන ජාතිකයන්ට පිවිසීමට ඔවුන් Douyin නමින් තවත් යෙදුමක් හඳුන්වා දී තිබෙනවා. එසේම TikTok යෙදුමෙහි පවතින ඇතැම් ByteDance ආයතනයට අනවශ්‍ය වන වැදගත් පරිශීලක දන්තවලට පිවිසීමට ඇති හැකියාව වැනි කරුණු පදනම් කරගනිමින් පකිස්තානය, ඉන්දියාව වැනි රටවල් එම රටවල්වල ජාතික ආරක්ෂාවට තර්ජනයක් TikTok සිදුකර ඇති බවක් පවසමින් TikTok තහනම් කර දමා තිබෙනවා. එසේම ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව, ජපානය වැනි බොහෝ රටවල් මේ වනවිටත් රජයට අයිති විද්‍යුත් මෙවලම්වලින්, ප්‍රාන්තවලින් TikTok වලට පිවිසීම අවහිර කර තිබෙනවා.
 
2017 වසරේදී ByteDance මඟින් Musical.ly අත්පත් කරගැනීමෙන් පසුව තමයි TikTok මහා පරිමාණ දැවැන්තයෙක් බවට පත්වුණේ. අද වන විට TikTok වල වෙළඳ පොළ වටිනාකම ඩොලර් බිලියන 66කට අධික බව Statista වෙබ් අඩවියේ දැක්වෙනවා. ඔයාගේ දැන ගැනීමට TikTok ගැන වැඩිය නොදන්න කාරණා ටිකක් පහලින් දාන්න අපි හිතුවා.
 
01) TikTok සතුව දැනට Usersලා බිලියන 1.7කට වඩා ඉන්නවා.

02) Monthly Active Usersලා විදිහට බිලියන 1.05ක් ඉන්නවා.

03) TikTok තමයි ලොකයේ 6 වෙනියට වැඩිපුරම ජනප්‍රිය Social Media App එක.

04) දවසකට බිලියන 1ක විතර Content TikTok එකේ Usersලා නරඹනවා.

05) සාමාන්‍යයෙන් දවසකට User කෙනෙක් පැය එකහමාරක් විතර TikTok එකේ ගත කරනවා.

06) Tiktok එකේ වැඩිපුරම Followersලා ඉන්නේ Khaby Lame ට. ඒ Followersලා මිලියන 157ක්.

07) TikTok එකේ ජනප්‍රියම හැෂ්ටැග් එක #fyp.  දෙවෙනියට වැඩිපුරම ජනප්‍රිය #viral හැෂ්ටැග් එක.

මේ හේතූන් සියල්ල නිසයි  TikTok මේ තරම් ලොව පුරා ජනප්‍රිය වුණේ.

+1
0
+1
0
+1
0
+1
0
Facebook
Twitter
LinkedIn
Pinterest
Open chat
1
Hi!
How can we help you?