මානසික ආතතියෙන් මිදෙමු

manasika aathathiyen midemu

මානසික ආතතිය අද වන විට බහුලව දකින්න ලැබෙන දෙයක්. ඇතැම් අය මෙය එතරම් නොසලකා හැරියත් මෙය රෝග බොහෝමයක ආරම්භයක්. මිනිසාට ඇතිවන ස්වභාවික හැඟීම් දරා ගැනීමට ඇති හැකියාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඒ නිසා තමයි මානසික ආතතිය දරා ගැනීමට බැරිව ඇතැමුන් සිය දිවි හානි කරගන්නේ. මේ මානසික ආතතියට මිනිසෙකුගේ සිතුවිලිවලට සහ ක්‍රියාකාරකම්වලට බලපෑම් කිරීමේ හැකියාව තියෙනවා. යමෙකු මානසික ආතති‍යෙන් පෙළෙන්නේ නම්, ඔබගේ ශරීරයේ ඇති හෝමෝන මට්ටම ඉහළ යන අතර එය රෝග රැසක් ඇති කිරීමට හේතු වෙන්නත් පුළුවන්. පුද්ගලයෙක් ජීවිතයේ මුහුණ දෙන යම් යම් අප්‍රිය ජනක හෝ කම්පනයක් ඇති කරවීමට සමත් සිදුවීම් මේ ආතතියන් ඇති කිරීමට හේතු වෙනවා.

ආතතිය ඇති වන්නේ කුමන හේතුන්වලට ද යන්න නිශ්චිතව කියන්න බැරි වුණත් ඒ සඳහා සාමාන්‍යයෙන් බලපෑ හැකි හේතු කිහිපයක් දක්වන්න පුළුවන්. ප්‍රේම සබඳතා බිඳ වැටීම, රැකියාවේ ප්‍රශ්න, විවාහ ජීවිතයේ ගැටලු, පුද්ගල සබඳතා බිඳ වැටීම් වැනි මූලික හේතුන් මේ ආතතිය ඇති වීම කෙරෙහි බලපාන මූලික කාරණා කීපයක්. මහලු වියේ හා වැඩිහිටි වියේ ඇතිවන මානසික ආතතියට වඩා තරුණ ප්‍රජාවට ඇතිවන මානසික ආතතිය සුලු කොට තැකිය නොහැකියි. මොකද හදිසි තීරණ, කේන්තිය වගේ දේවල් නිසා සිය දිවි හානි කර ගැනීම්, මිනී මැරීම් වගේ දේවල්වලට මේ තරුණ පිරිස් ආතතියට ලක් වීම නිසා සිදු වෙන්න පුළුවන්.

කොහොම වුණත් කොයි පරිසරයක ජීවත් වුණත් ලොකු, කුඩා, වැඩිහිටි හා තරුණ හැම දෙනාගේම සාමාන්‍ය වටාපිටාව හා මානසික වටාපිටාව සකසා ගැනීම වැදගත් වේ. ශාරීරික රෝග ගැන වගේම මානසික රෝග පිළිබඳවත් අවධානය යොමු කිරීම වැදගත්. අපි හැමෝම රැකියාවන් සිදු කරන්නේ, ඉගෙන ගන්නේ අපේ ජීවිතවල සුරක්ෂිතභාවය ඇති කර ගන්නයි. ඒ නිසා සෑම මොහොතකම ඒ කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්.

ආතතියෙන් මිදීමට නම් අපි හැකි සෑම මොහොතකවම පාහේ සැහැල්ලුවෙන් සිටිය යුතුයි. ඔබ නිවසේම සිටින අයෙක් නම් නිවැසියන් සමඟ තමාගෙ ප්‍රශ්න බෙදා ගන්න. සෑම විටම තමාට ප්‍රශ්නයක් ඇති වූ විට මිතුරෙකුට හෝ සුදුසු අයෙක්ට එය කියන්න. එවිට ඔබට හා ඔබේ මනසට සැහැල්ලුවක් දැනේවි. එමෙන්ම තමා කැමති විනෝදාංශවල නියැලෙන්න. ඒ කියන්නේ ඔයා සින්දු අහන්න කැමති කෙනෙක් නම් මානසික ආතතියට මුහුණ දෙන විට තමා කැමතිම සින්දුවක් අහන්න. නැත්නම් නර්තනයේ යෙදෙන්න. එහෙම නැත්නම් චිත්‍රපටියක් බලන්න, චිත්‍රයක් අඳින්න, ඇවිදින්න යන්න, කෑම හදන්න, ලියන්න, කියවන්න, වගා කරන්න, පරිසරයට ඇහුම්කන් දෙන්න මේ වගේ සරල ක්‍රම භාවිතා කරන්න පුළුවන්.

සංගීතය මේ ක්‍රම අතරින් වඩාත් මනස සුවපත් කිරීමට සමත් දෙයක්. එමෙන්ම තමන්ගේ සිතේ ඇතිවන දේවල් ලිවීමෙන් ද මනස ඉතාමත් පහසුවෙන් සැහැල්ලුවට පත් කරගන්න වගේම ඔයාව නිර්මාණශීලී පුද්ගලයෙක් කරන්නත් පුළුවන්. සුරතල් සතුන් ඇති කිරීමත් වඩාත් සාර්ථක ක්‍රමයක්.

ආතතියෙන් මිදීමට සරල උපදෙස් හතක් හඳුන්වා දෙන්න පුළුවන්.

  1. ඔයා ඔයා ගැනම සැලකිලිමත් වන්න. මත් ද්‍රව්‍ය සහ මධ්‍යසාරවලින් මානසික ආතතිය වැඩි වෙන්න පුළුවන් නිසා ඒවායින් වළකින්න.
  2. ස්වයං විවේකයේ යෙදෙන්න.
  3. අවශ්‍ය විට විවේක ගන්න.
  4. සමාජ සහයෝගය ලබාගන්න.
  5. අන් අය සමඟ සමාජීය වශයෙන් සම්බන්ධ වෙන්න.
  6. සාමාන්‍ය චර්යාවක් පවත්වා ගන්න.
  7. අන් අයගේ ප්‍රශ්න තමාගේ කර නොගෙන ඒවාට උපකාර කරන්න.

 

මේ විදිහට වැඩ කළොත් ඔයාට ඉක්මනින් මේ මානසික ආතතියෙන් මිදිලා ආපහු සාමාන්‍ය දින චර්යාවට  යොමු වෙන්න පුළුවන්.

+1
1
+1
2
+1
0
+1
0
Facebook
Twitter
LinkedIn
Pinterest
Open chat
1
Hi!
How can we help you?