ව්‍යාපාරය දියුණු කරගන්න මේ ක්‍රම අත්හදා බලන්න

web cover

ඔබ ව්‍යාපාරයක් කරන අයෙක් නම් මේ වන විටත් ඊට අදාළව ෆේස්බුක් පිටුවක් නිර්මාණය කරලා ඇති. නමුත් ෆේස්බුක් පිටුව හරහා ලැබෙන ප්‍රතිඵල අඩුයි කියලා ඔබට හිතෙනවා ඇති. එහෙම නම් ඔබේ ව්‍යාපාරය දියුණු කරගන්න, ව්‍යාපාරය වැඩි දෙනෙක් අතරට ගෙන යන්න මෙන්න මේ උපක්‍රම අනුගමනය කරලා බලන්න.

 

  • නිවැරදිම Template එක තෝරගන්න

 

ඔබගේ ව්‍යාපාරයට ගැළපෙන හොඳම සහ නිවැරදිම Template එක තෝරගන්න. ඔබේ ව්‍යාපාරයට අදාළ තොරතුරු කරා ඉක්මනින් සහ පහසුවෙන් ළඟා වීමට ෆේස්බුක් පරිශීලකයන්ට හැකි වන අන්දමින් අදාළ තොරතුරු ඇතුළත් කළ හැකි Template එක තෝර ගතහොත් ඔබගේ පාරිභෝගිකයන්ට එය පහසුවක් වෙනවා මෙන්ම ඒ හරහා ඔබේ ව්‍යාපාරය ද දියුණු වේ.

 

  • ඔබගේ ෆේස්බුක් පිටුවට අදාළ තොරතුරු සම්පූර්ණ කරන්න

 

ඔබගේ ව්‍යාපාරයේ තොරතුරු ද ඇතුළත් කොට විශ්වාසය ඇති වන අන්දමින් ෆේස්බුක් පිටුව පවත්වා ගන්න. ව්‍යාපාරය කුමක් ද යන වග පැහැදිලිව අවබෝධයක් ලැබෙන ආකාරයේ සහ ආකර්ෂණීය Cover Photo එකක්, Profile Photo එකක් ෆේස්බුක් පිටුවට යොදන්න.

ඊට අමතරව ව්‍යාපාරයේ නම, ව්‍යාපාරය පවත්වාගෙන යන වෙලාවන් සහ සේවාවන් ලබා ගත හැකි දවස්, ව්‍යාපාරික ස්ථානය කොහේද, වෙබ් අඩවියක් ඇත්නම් එය ගැන ආදී තොරතුරු සියල්ල ෆේස්බුක් පිටුවේ සඳහන් කරන්න. එයින් ඔබගේ ෆේස්බුක් පිටුවට පිවිසෙන අයෙකුට ඔබගේ ව්‍යාපාරය ගැන විශ්වසනීය බවක් ඇති වේ. එය ඔබගේ ව්‍යාපාරයේ දියුණුව සඳහා වැදගත් කාරණයකි.

  • හොඳ URL එකක් තෝරගන්න

 

ඔබේ ෆේස්බුක් පිටුවේ URL එක යෙදීමේදී ව්‍යාපාරයේ අනන්‍යතාව සහිත URL එකක් නිර්මාණය කර ගන්න. එයින් ඔබේ ව්‍යාපාරය පිළිබඳ ෆේස්බුක් පරිශීලකයන්ට සොයා ගැනීමට පහසු වන අතර ව්‍යාපාර සන්නාමය පිළිබඳව විශ්වසනීය බවක් ද ඇතිවේ. URL එක ලෙස ඔබගේ Username එක යෙදෙන අතර Facebook Name එකෙහි පහළින් @ සලකුණ සමග සඳහන් වන්නේ Username එකයි.

  • Keyword භාවිත කරන්න

 

SEO (Search Engine Optimization) සඳහා ෆේස්බුක් පිටුවේ යෙදෙන Keyword ද වැදගත් වන අතර ව්‍යාපාරයට අදාළ වන Keyword භාවිත කිරීමට අමතක නොකරන්න. ෆේස්බුක් පිටුවේ About Us යන කොටස යටතේ හෝ වෙනත් කොටස් යටතේ ඔබේ ව්‍යාපාරයට අනන්‍ය වූ Keyword යෙදීමට ඔබට හැකියාව තිබෙනවා.

යෙදිය යුතු Keyword මොනවාද යන්න ගැන ඔබට අවබෝධයක් නොමැති නම් Google Scraper භාවිතයෙන් අවශ්‍ය Keyword තෝරගැනීම සඳහා අවබෝධයක් ලබා ගත හැකියි.

 

  • Review ලබා දීම සඳහා පාරිභෝගිකයන්ට ඉඩ සලසන්න

 

ඔබේ භාණ්ඩ හෝ සේවා ලබා ගත් පාරිභෝගිකයන්ට ඒ පිළිබඳව ඔවුන්ගේ අදහස් දැක්වීම සඳහා Review ලබා දීමට ඉඩ සලසන්න. එවිට ඔබගේ ව්‍යාපාරය ගැන සොයන අලුත්ම අයෙකුට පවා ඔබගේ සේවාවන්හි විශ්වසනීය බව Review කියවීමෙන් තහවුරු කර ගැනීමට අවස්ථාව ලැබෙනවා. ඔබගේ පාරිභෝගිකයන් විසින් ඔබගේ ව්‍යාපාරය ගැන ලබා දෙන අගය කිරීම් ආදිය සමාජ මාධ්‍ය පරිශීලකයන් අතර ඔබේ ව්‍යාපාරය පිළිබඳව ඉතා ශක්තිමත් පදනමක් සකසනවා. එයින් තවත් පාරිභෝගිකයන් පිරිසක් ඇති කර ගැනීමට ඔබට හැකියාව ලැබේවි.

  • ඔබේ පිටුව හා සම්බන්ධ වන පරිශීලකයන් සමග නිරන්තර සබඳතාවක් පවත්වන්න

 

සමහර ව්‍යාපාරවලට අදාළ ෆේස්බුක් පිටුවලට සමාජ මාධ්‍ය පරිශීලකයන්ගෙන් ලැබෙන පණිවුඩ හෝ කමෙන්ට් මගින් වන තොරතුරු විමසීම්වලට කිසිඳු පිළිතුරක් නොලැබෙන අවස්ථා ඔබ දැකලා ඇති. එවන් අවස්ථාවල සිදු වන්නේ ව්‍යාපාරයේ විශ්වසනීයත්වයට හානි වන එක. ඔබේ භාණ්ඩ හෝ සේවාවන් සම්බන්ධයෙන් යමෙකු කරන විමසීම්වලට කෙටි කාලයක් ඇතුළත පිළිතුරු ලබා දෙන්න හැකි සෑම විටම උත්සහ කරන්න.

 

  • Call To Action Button භාවිත කරන්න

 

ඔබගේ ව්‍යාපාරික අරමුණුවලට අදාළ වන Call To Action Button ෆේස්බුක් පිටුවෙහි යොදන්න. එයින් ෆේස්බුක් පරිශීලකයන්ට වඩාත් වේගවත් සේවාවක් ලබා ගැනීමට පහසු වනු ඇත.

WhatsApp

Learn More

Make a Purchase

Donation වැනි Call To Action Buttons ඇති අතර ඔබේ ව්‍යාපාරික අරමුණු අනුව වඩාත් ගැළපෙන Button එක තෝරගැනීමට සැලකිලිමත් වන්න.

  • ඔබගේ ෆේස්බුක් පිටුව නිතරම Update කරන්න

 

ඔබගේ ව්‍යාපාරයට අදාළ තොරතුරු හොඳ අලෙවිකරණ උපාය මාර්ගයන්ට අනුකූලව නිරන්තරයෙන් Update කිරීමට වග බලා ගන්න. ව්‍යාපාරය වර්ධනය වන ආකාරයෙන් ඊට අදාළ Post, Article ආදිය පරිශීලකයන් සමග බෙදා ගන්න. ඔබේ ෆේස්බුක් පිටුව Update නොවන්නේ නම් එයට පිවිසෙන ඕනෑම අයෙකු සිතන්නේ ව්‍යාපාරය දැනට පවත්වාගෙන යන එකක් නොවන බවයි. එයින් විශ්වසනීයත්වය බිඳ වැටේ.

 

  • ෆේස්බුක් පිටුවට විවිධ Tab අන්තර්ගත කරන්න

 

ඔබගේ ව්‍යාපාරය ගැන තොරතුරු ආදිය දැන ගැනීමට වඩාත් පහසු වන ආකාරයෙන් ෆේස්බුක් පිටුවට Tab යෙදීමට ඔබට හැකියි. Offers, Services, Upcoming Events, More වැනි Tab වර්ග ඔබට ෆේස්බුක් පිටුවට යොදා ගත හැකි අතර පරිශීලකයන්ට අවශ්‍ය තොරතුරු කරා ළඟා වීමට එය පහසුවක් වනු ඇත. ඔබට අවශ්‍ය නම් ව්‍යාපාරයේ සිදු වන වෙනස්කම් අනුව පසුකාලීනව එම Tab වෙනස් කිරීමටත් අලුතෙන් Tab එකතු කිරීමටත් හැකියාව තිබෙනවා.

  • ඔබගේ තරගකාරී ව්‍යාපාරයන් ගැන විශ්ලේෂණය කරන්න

 

ඔබගේ ව්‍යාපාරයට අනිවාර්යෙන්ම තරගකාරීත්වයක් දෙන තවත් ව්‍යාපාර ඇති. එම ව්‍යාපාර සම්බන්ධ සමාජ මාධ්‍ය දත්ත විශ්ලේෂණය කරමින් ඔබේ ව්‍යාපාරයේ ඊළඟ පියවර තැබීමටත්, ව්‍යාපාරය පාරිභෝගිකයන් අතරට ගෙන යාමට අවශ්‍ය වෙනස්කම් කිරීමටත් අමතක කරන්න එපා. එයට භාවිත කළ හැකි Tools තිබෙනවා.

BuzzSumo

Fanpage karma

Social insider

Agorapulse වැනි Tool භාවිතයෙන් ඔබට පුළුවන් ඔබගේ තරගකරුවන් පිළිබඳ විශ්ලේෂණය කරන්න.

ඔබේ ව්‍යාපාරය ෆේස්බුක් පිටුව හරහා විශාල පිරිසක් අතරට රැගෙන යන්න ඉහත උපක්‍රම භාවිත කර බලන්න.

+1
0
+1
0
+1
1
+1
0
Facebook
Twitter
LinkedIn
Pinterest
Open chat
1
Hi!
How can we help you?