Meta විසින් Ads Manager හරහා දැන්වීම් ප්රචාරණය කිරීමට අලුත් මුහුණුවරක් හඳුන්වා දී තිබේ. Ads Manager මගින් මින් පෙර වෙන වෙනම දැන්වීම් සඳහා සපුරා ගත් අරමුණු (Objectives) වෙනුවෙට අදාළ ප්රතිඵල ලබා ගැනීමට එම Objectives මේ වන විට කාණ්ඩගත කොට සකසා ඇත.
ඔබ අලුතෙන්ම Campaign එකක් ආරම්භ කරන විට හඳුන්වා දුන් නව ක්රමය යටතේ Objectives 6ක් යටතේ Campaign එක කිරීමට හැකියාව තිබේ. මෙම යාවත්කාලීන (Update) කිරීම මගින් අපේක්ෂිත ප්රතිඵල පෙරටත් වඩා ඉහළ මට්ටමකින් ලබා ගැනීමට හැකි වේ. උදාහරණයක් ලෙස ඔබ Campaign එක සිදු කරන්නේ අදාළ දැන්වීම සඳහා ඉහළ Reach එකක් ලබා ගැනීමට නම් ඔබ Awareness යන Objective එක භාවිත කළ යුතුය. එවිට ඔබට Brand Awareness, Reach සහ Video Views යන අරමුණු තුනම සපුරා ගත හැකි වේ.
මින් පෙර තිබූ Objectives සහ යාවත්කාලීන කළ Objectives අතර වෙනස
Previous objective name | New objective name |
Brand Awareness | Awareness |
Reach | Awareness |
Traffic | Traffic |
Engagement | Engagement |
App Installs | App Promotion |
Video Views | Awareness Engagement |
Lead Generation | Leads |
Messages | Engagement Leads |
Conversions | Engagement Leads Sales |
Catalogue Sales | Sales |