Facebook Advertising වැදගත් වන්නේ ඇයි?

Facebook Advertising wedagath wanne ai ?

Facebook කියන්නේ විශාල පිරිසක් භාවිත කරන සමාජ මාධ්‍ය ජාලයක්. වෙළෙඳ දැන්වීම සඳහා මේ වෙන කොට Facebook ඉතා විශාල වශයෙන් යොදා ගන්න හේතු කිහිපයක්ම තිබෙනවා.

  • වේගයෙන් වැඩි පිරිසක් වෙත ළඟා විය හැකි වීම.
  • වැඩි අලෙවියක් සිදු කර ගැනීමට හැකි වීම.
  • අදාළ භාණ්ඩ හෝ සේවා සම්බන්ධයෙන් දැනුවත්භාවයක් ඇති කිරීමේ හොඳ මාධ්‍යක් වීම.
  • පසුම්බියට වාසිදායක ලෙස දැන්වීම් පළ කළ හැකි මාධ්‍යක් වීම.
  • පාරිභෝගික විශ්වාසය තහවුරු කරමින් නැවත නැවතත් විකිණුම් ඉහළ නංවා ගැනීමට ඇති හැකියාව.

 

සාර්ථක Facebook Ad Campaign එකක් සඳහා සැලකිලිමත් විය යුතු කරුණු

 

  1. සෑම අවස්ථාවකම හොඳ Quality එකකින් යුත් Images සහ නිර්මාණාත්මක වැකි යොදා ගන්න

 

වෙළෙඳ දැන්වීමක ප්‍රධානම දේ අන්තර්ගතය. දැන්වීම දකින පිරිසට අදාළ පණිවුඩය ග්‍රහණය කර ගත හැකි වන පරිදි ආකර්ෂණීය හොඳ Quality එකකින් යුත් Images සහ නිර්මාණාත්මක වැකි යොදා ගැනීම කළ යුතුයි. ඒ වගේම ඔබ ෆොටෝ ඇල්බම් එකක් යොදා ගන්නේ නම් හෝ Images කිහිපයක් යොදා ගන්නේ නම් එහිදී වඩා වැදගත් පණිවුඩය සහිත Image එක මුලින් යොදා ගන්නත් සැලකිලිමත් වන්න.

 

  1. දැන්වීම්වලදී Call To Action Button එක ඇතුළත් කරන්න

 

ඔබ දැකලා ඇති Facebook Advertisementවලදි Shop Now, Sign Up, Book Now, Learn More වගේ Button තිබෙනවා දැන්වීම සම්බන්ධයෙන් අපිට වැඩිදුර තොරතුරු දැනගන්න. මේකට තමයි Call To Action (CTA) Button එක කියන්නේ. ඔබගේ දැන්වීමට අදාළ භාණ්ඩය හෝ සේවාව පිළිබඳ ඉදිරි පියවරවලට යමින් එය මිලදී ගැනීමට පාරිභෝගිකයාව එම මොහොතේ ඉදිරියට රැගෙන ගොස් රඳවා ගැනීමට Call To Action Button එක යෙදීමෙන් පහසු වෙනවා.

 

  1. ඔබගේ Facebook Page එක නිරන්තරයෙන් Update කරන්න සහ Contact details Update කරන්න

 

සමහර වෙලාවට එන ප්‍රශ්නයක් තමයි පාරිභෝගිකයෙක් Facebook Page එකකට ගොස් ඔහුට අවශ්‍ය භාණ්ඩය හෝ සේවාව සම්බන්ධ තොරතුරු විමසන්න එහි ඇති දුරකතන අංකයකට ඇමතුමක් ගත් විට එය වැරදි අංකයක් වීම. එහෙම වුණාම අදාළ ව්‍යාපාරය ගැන විශ්වාසය පලුදු වෙනවා. ඒ නිසා Contact Detailsවල වෙනසක් වෙනවා නම් ඒවා නිතර අප්ඩේට් කරන්න.

ඒ වගේම තමයි ඔබේ Facebook Page එකේ Profile Photo, Cover Page සහ Post නිරන්තරයෙන් අප්ඩේට් කරන්න. කාලෙකට සැරයක් ඔබ පේජ් එකට පෝස්ට් එකක් දානවා නම් පේජ් එක බලන අයෙකුට ඔබේ ව්‍යාපාරය ගැන එතරම් විශ්වාසනීය බවක් දැනෙන්නේ නැහැ. ඒ නිසා ඒ ගැනත් සැලකිලිමත් වෙන්න.

 

  1. ඔබේ Audience එක හරියටම තෝරා ගන්න

 

Facebook Ad එකකදි ඔබට හිතෙන්න පුළුවන් විශාල Audience එකක් තෝරා ගත්තොත් විශාල පිරිසක් අතරට ඔබේ දැන්වීම යනවා නේද කියලා. නමුත් එය වාසිසහගත තත්ත්වයක් නෙමෙයි. ඔබේ Audience එක ඔබේ භාණ්ඩය හෝ සේවාවට අදාළව කුඩා වන තරමට ඔබට වාසියි. උදාහරණයක් ගත්තොත් ඔබ කාන්තා සුවඳ විලවුන්  ව්‍යාපාරයක් නම් කරගෙන යන්නේ එයට අදාළ දැන්වීම් Facebook තුළින් පෙන්විය යුත්තේ සුවඳ විලවුන් ප්‍රිය කරන කාන්තාවන්ටයි. හොඳම උදාහරණය තමයි සම්ප්‍රදායික දැන්වීම් වන රූපවාහිනී දැන්වීම් රූපවාහිනිය නරඹන හැමෝම දකිනවා. නමුත් එම දැන්වීම දුටු පමණින් කිසිවෙකුත් ඊට අදාළ දෙය ගන්න පෙළඹෙන්නේ නැහැ. අවශ්‍යතාව තිබෙන කෙනා විතරයි එය මිල දී ගන්නේ. ඒ නිසා Facebook Advertising හරහා ඔබට පුළුවන් ඔබටම අදාළ Audience එකක් හදාගන්න. ඔබේ පේජ් එකේ මිල ගණන් ඇතුළු තොරතුරු තිබෙන නිසා ඔන්ලයින් ඕඩර් කරන එක වුණත් පාරිභෝගිකයන්ට ඉතා පහසුවෙන් කරන්න පුළුවන්.

 

  1. Ad එකක් දාන Objective එක හරියටම තේරුම් ගන්න

 

Facebook Ad එකකදි පළමු පියවර තමයි Objective එක තෝරගන්න එක. වැඩි Reach එකක් ලබා ගන්න ‘Reach’ Objective එක එහෙමත් නැත්නම් අලුත්ම අප්ඩේට් එකට අනුව ‘Awareness’ Objective එක තෝරගන්න පුළුවන්. මින් පෙර තිබුණේ Objectives 11ක්. නමුත් මෑතකදි ආව අප්ඩේට් එකට අනුව Objectives ගණන 6ක්. කලින් කිව්ව Objective එක වෙනුවට Brand Awareness සඳහා ඊට අදාළ Objective එක තෝරගන්නත් ඔබට පුළුවන්. මේ වගේ Objectives අතරින් ඔබට අවශ්‍ය Objective එක නිවැරදිව තෝරගන්න සැලකිලිමත් වෙන්න. එතකොට ඔබට අවශ්‍ය ප්‍රතිඵලය කරා ළඟා වීමට පහසුයි.

 

  1. ඔබේ දැන්වීම පළ කළ යුතු ආකාරය (Ad Placement) හඳුනාගන්න

 

Facebook Ad එකක් Audience එක කරා ළඟා කරවිය හැකි ආකාර කිහිපයක් තිබෙනවා. Newsfeed එක, Facebook Story, Video වගේ Platform හරහා දැන්වීමක් Audience එකට පෙන්විය හැකියි. මෙහිදී අපි හඳුනාගන්න ඕන පාරිභෝගිකයා වැඩිපුරම රුචිකත්වයක් දක්වන්නේ Newsfeed එකේ තිබෙන Ad එකක් බලන්න ද, Stories බලන්න ද, එහෙම නැත්නම් වීඩියෝවක් නරඹන්න ද කියන එක ගැන.

 

  1. Audience එක රඳවා තබාගත හැකි ආකාරයට කටයුතු කරන්න

 

සමාජ මාධ්‍ය හරහා ගනුදෙනුවෙදි වඩාත් වැදගත් දේ තමයි Audience එක හා ඔබගේ ව්‍යාපාරය අතර තිබෙන සම්බන්ධය අඛණ්ඩව පවත්වා ගැනීම. ඔබගේ පෝස්ට්වලට පාරිභෝගිකයන් දාන කමෙන්ට් සහ ලැබෙන මැසේජ්වලට පිළිතුරු දීම ඒ නිසා අත්‍යවශ්‍යයි. එහෙම වුණාම ඔබේ ව්‍යාපාරය තව තවත් පාරිභෝගික විශ්වාසය දිනා ගනිමින් ඉදිරියට රැගෙන යන්න හැකියාව තිබෙනවා.

+1
0
+1
1
+1
0
+1
0
Facebook
Twitter
LinkedIn
Pinterest
Open chat
1
Hi!
How can we help you?