චිත්‍රපට නිෂ්පාදනයේ ප්‍රධාන අවධි

chithrapata nishpadanaye pradhana awadhi

චිත්‍රපට නිෂ්පාදනය අද ලෝකයේ වඩාත් ජනප්‍රිය කලාවක්. මෙය ඉතා දිගු ක්‍රියාවලියක් වගේම වසර ගණනාවක් ගත වන දෙයක් හෝ තරමක දිගුකාලයක් ගත වන ක්‍රියාවලියක්. එය කෙටි චිත්‍රපටියක් වූවත් මූලික අදියර කිහිපයකින් යුතුව නිෂ්පාදනය වේ. ඒ පූර්ව නිෂ්පාදනය (Pre production), නිෂ්පාදනය (Production) හා පශ්චාත් නිෂ්පාදනය (Post production) යන අදියරයන් වේ.

පූර්ව නිෂ්පාදන අවදියට පෙර මේ සැලසුම් කිරීමේ මූලික අනු අදියර දකින්න පුළුවන්. චිත්‍රපටියක් නිර්මාණය කිරීම, ලිවීම, සංවිධානය කිරීම සහ චිත්‍රපටයේ සමස්ත නිෂ්පාදනය සැලසුම් කිරීම මෙහිදී සිදු වේ. සත්‍ය කථාවක් හෝ ප්‍රසිද්ධ පොතකින් ගත් මුල් සංකල්පයක් මත පදනම්ව පිටපත සංකල්පගත කිරීම ද මෙම අවධියේම සිදු වන්නක්.

අදියර 1පූර්ව නිෂ්පාදනය

චිත්‍රපට නිෂ්පාදනයේ පළමු අදියර වන්නේ පූර්ව නිෂ්පාදනයයි. සැලසුම් කිරීමේ සියලු කටයුතු මෙම අදියරයට අයත් වේ. රූපවාහිනී වැඩසටහනක් නිෂ්පාදනයේදී වූවද මෙම මූලික අදියරයන් තුන දැකිය හැකියි. මෙම අදියරේදී චිත්‍රපට නිෂ්පාදකයින් ඔවුන්ගේ චිත්‍රපටයේ සිටින්නේ කවුරුන්ද යන්න තීරණය කරයි. එයට අවශ්‍ය කාර්මික ශිල්පීන් නිෂ්පාදන කටයුතු සඳහා කැඳවනු ලබයි. එය කරන්නේ caller sheet ආධාරයෙනි. කැමරා අධ්‍යක්ෂකවරුන්, ශබ්ද පරිපාලකවරුන්, අංග රචනා ශිල්පීන්, වේශ නිරූපණ ශිල්පීන්, නළු නිළියන්, සංස්කාරකවරයෙක්, ලිවීම් කටයුතු සඳහා අයෙක් ලෙසින් විවිධ ශිල්පීන්ගේ සහය චිත්‍රපටියකට අත්‍යවශ්‍ය වේ. අයවැය සැකසීම, නළු නිළියන් තෝරා ගැනීම, පිටපත සංවර්ධනය කිරීම, රූගත කිරීමට අවශ්‍ය ස්ථානයන් තෝරා ගැනීම හා ඒවාට අවසර ලබා ගැනීම මේ අවධියේදී සිදු වේ.

අදියර 2නිෂ්පාදනය

චිත්‍රපට නිෂ්පාදනයේදී නිෂ්පාදන අදියර ඉතා අභියෝගාත්මක වේ. එනම් චිත්‍රපටිය රූගත කිරීම් සිදු කරන්නේ මේ අවදියේදියි. අයවැය නිසි පරිදි පාලනය කිරීම මේ අවදියේදී සිදු කළ යුතුයි. නැතහොත් පසු නිෂ්පාදන අවධිය සඳහා මුදල්වල ගැටලුවක් ඇති විය හැකිය. නිෂ්පාදන අදියර සාර්ථකත්වය බොහෝ විට අධ්‍යක්ෂකවරයාගේ හා නිෂ්පාදකවරයාගේ ශක්තිමත් දැක්ම මත රඳා පවතියි. එමෙන්ම මේ අවධියේදී රූගත කිරීමට ප්‍රථම පුහුණුවීම් සිදු කරනු ලබයි. නැතහොත් චිත්‍රපටියේ සාර්ථකත්වයට එය බාධාවක් විය හැකිය. ඇතැම් අවස්ථාවලදී පෙර පුහුණුවීමකින් තොරව එක්වරම රූගත කරන අවස්ථා ද නැතුවාම නොවේ. කෙසේ හෝ එය තීරණය වන්නේ චිත්‍රපටියේ අධ්‍යක්ෂකවරයා මතයි.

අදියර 3පසු නිෂ්පාදන

Final Cut එක සංස්කරණය කිරීමට පෙර ෆිල්ම් එකෙහි ඇති දර්ශන සියල්ලම පාහේ Rough cut (අමු දර්ශන) ලෙසින් හැඳින්වේ. එනම් රූගත කළ දර්ශන තවමත් ඇත්තේ සංස්කරණය කිරීමකින් තොරවය. ඒවා නිසි පරිදි චිත්‍රපටියක් ලෙසින් ශබ්ද සංකලනය කොට හා color grading කොට සංස්කරණය කළ යුතුය. පසු නිෂ්පාදනය යනු චිත්‍රපට නිෂ්පාදකයින්ට ඔවුන්ගේ උත්සාහයන් ජීවමාන වන ආකාරය දැකීමට ලැබෙන අවස්ථාවක් ලෙසත් දක්වන්න පුළුවන්.

අවසාන වශයෙන් සංවර්ධනය, පූර්ව නිෂ්පාදනය සහ පසු නිෂ්පාදන අදියරයන් සාර්ථකව අභිබවා ගිය පසු චිත්‍රපටය බෙදා හැරීමට සූදානම්ය. බෙදා හැරීම සඳහා මාධ්‍ය වන්නේ රූපවාහිනිය, සිනමාහල් සහ ඩිජිටල් මාධ්‍යය වේ. චිත්‍රපටිය නිෂ්පාදනයේ සියලු සාර්ථකත්වය රඳා පවතින්නේ මේ බෙදා හැරීම මතයි. එනම් ප්‍රචාරණය හා බෙදා හැරීම නිසි පරිදි සිදු නොවනුහොත් පසු නිෂ්පාදන අවධිය අසාර්ථක විය හැකිය. එවිට සමස්ත චිත්‍රපටියේම ආදායම අඩු වී එය පාඩු ලබන චිත්‍රපටියක් බවට පත් වේ.

චිත්‍රපටයක් ලෙස ප්‍රේක්ෂකයින් අතට පත් වූ පසු එහි ඇති අභියෝගාත්මක ක්‍රියාවලිය නරඹන්නන් වන අපට නොතේරේ. එය මිනිසුන් සමූහයකගේ දහඩිය, මහන්සිය මත නිමවූවකි. වර්තමානයේදී නම් “BTS” හෝ තිරය පිටුපස සෑම අදියරකම සුන්දරත්වය ප්‍රේක්ෂකයා වෙත ළඟා කර දීමට අධ්‍යක්ෂකවරුන් විසින් ඇතැම් චිත්‍රපටිවලදී කටයුතු කර ඇති ආකරය අපිට දැකිය හැකි වේ. මේ අනුව පෙනෙන්නේ චිත්‍රපටයක් සාර්ථක වීමට නම් එහි වැඩ කටයුතු කරන සෑම කෙනෙකුටම තීරණාත්මක කාර්යභාරයක් ඇති බවයි. එමෙන්ම එය ලෙහෙසි පහසු කටයුත්තක් ද නොවේ.

+1
1
+1
2
+1
0
+1
1
Facebook
Twitter
LinkedIn
Pinterest
Open chat
1
Hi!
How can we help you?