හොරුන්ට අහු නොවී ඔන්ලයින් ෂොපින් කරන්නෙ කොහොමද?

horunta ahu novee online shopping karanne kohomada?

ඔන්ලයින් ෂොපින් කියන්නෙ දැන් අපිට නුපුරුදු දෙයක් නෙවෙයි. ඔන්ලයින් ෂොපින් නොකරන කෙනෙක් දැන් හොයාගන්නත් නැති තරම්. ඒ තරම්ම ඔන්ලයින් ෂොපින් කියන දේ අපට පුරුදු දෙයක් බවට පත් වෙලා ඉවරයි දැන්. උත්සව කාලෙ වුණත් නැතත් ඔන්ලයින් ෂොපින් කිරීම සුපුරුදු දෙයක් වුණාට උත්සව කාලෙ ඔන්ලයින් ෂොපින් කරන එක වැඩි වෙනවනෙ.

ඔන්ලයින් ෂොපින් වල වාසි ගොඩක් තියෙනවා වගේම අවදානමකුත් තියෙනවා. එහෙම ෂොපින් කරන ඔබ කවදාක හරි ඔන්ලයින් ෂොපින් ස්කෑම් වලට, ස්කෑමර්ස්ලට එහෙමත් නැත්තං ඔන්ලයින් ෂොපින් වංචා වලට, වංචාකාරයින්ට අහුවෙලා ඔබේ සල්ලි නැති කරගෙන තියෙනවද? එහෙම නැත්නම් ඔබත් එහෙම වෙන්න ගිහින් යාන්තමින් බේරුණු කෙනෙක්ද? ඒ කොහොම වුණත් මේ ලිපිය ඔබට වැදගත් වන්නේ අද අපි මේ ලිපියෙන් වංචා වලට අහු නොවී ඔන්ලයින් ෂොපින් කරන විදිහ කතා කරන නිසයි.

මේ උත්සව කාලෙදි ව්‍යාජ වෙළෙඳ වෙබ් අඩවි (fake shopping sites) බහුල වෙන්න පුළුවන්. ඒ වගේම මේ වැනි දේවල් වල නිරත වෙලා ඉන්න වංචාකාරයින්, සොරුන් කෙටි පණිවිඩ, ඊමේල් හා දුරකථන හරහා සෘජුවම ඔබව සම්බන්ධ කරගනිමින් ඔබේ  පුද්ගලික දත්ත සොරකම් කිරීමට මාන බලමින් සිටිනවා වෙන්න පුළුවන්. මේ වංචා සහගත ක්‍රියාවලි වලට යොදා ගැනීමට පුද්ගලයින්ගේ පුද්ගලික හෝ මූල්‍යමය දත්ත ලබා ගැනීමේ අපරාධය Identity theft හෙවත් අනන්‍යතා සොරකම ලෙස හැඳින්වෙනවා. එහි නිරත වන පුද්ගලයින් Identity thieves හෙවත් අනන්‍යතා සොරුන් ලෙස හැඳින්වෙනවා. මේ සොරුන් විවිධ පුද්ගලයින්ගේ අනන්‍යතා දත්ත සොරකම් කරගෙන ව්‍යාජ බදු වංචාවන් සිදු කිරීමට උත්සාහ කරනවා.

“මේ වංචාකරුවන් බොහෝ විට ඔබට ක්‍රිප්ටො මුදල් ඒකක වලින් හෝ මුදල් ගෙවීම් සිදු කරන ඇප් එකක් හරහා මුදල් ගෙවීමට බලකර සිටිනවා. එහෙමත් නැත්නං ඔබ ගෙවීම් සිදු කරන කාඩ්පත පිටුපස ඇති අංක ඉල්ලා සිටීමත්, ඇතැම් අවස්ථා වල ව්‍යාජ චෙක්පත් එවීමත් සිදු කරනවා.” ඇමරිකා එක්සත් ජනපදයේ අභ්‍යන්තර ආදායම් සේවා දෙපාර්තමේන්තුවේ (IRS) කොමසාරිස් ඩැනී වර්ෆෙල් මේ සම්බන්ධයෙන් ඒ ආකාරයට අදහස් ප්‍රකාශ කරනවා.

ඒ වගේම ඔබ ගනුදෙනු කරන සමාගම් වලින්ම ඊමේල් හා කෙටි පණිවිඩ ලැබුණත් ඒවායේ ඇති ලින්ක් ක්ලික් නොකිරීම වඩා ආරක්ෂිතයි. ඒ වෙනුවට සහතික කරන ලද විශ්වාසනීය වෙබ් අඩවි හරහා හෝ ඒවායේ ඇති දුරකථන අංක හරහා එම සමාගම් හා සම්බන්ධයෙන් විය හැකියි. ඒ වගේම එවැනි කෙටි පණිවිඩ හෝ ඊමේල් හරහා ඔබට ලබාදෙන දුරකථන ඇමතුම් වලට ඔබේ දුරකථන අංකයෙන් කිසි විටෙකත් ඇමතීම සිදු නොකළ යුතුයි.

මීට අමතරව, ඔන්ලයින් ෂොපින් කිරීමේදී පහත කරුණුත් සැලකිල්ලට ගනිමින් අනවශ්‍ය අවදානමකින් තොරව බඩු භාණ්ඩ මිලදී ගැනීම සිදු කළ හැකියි.

  • පොදු ස්ථාන වල වයිෆයි යොදාගෙන ඔන්ලයින් ෂොපින් කිරීමෙන් වැළකීම.
  • ඔන්ලයින් ගිණුම් සඳහා වඩා ශක්තිමත් මුරපද (passwords) යොදා ගැනීම.
  • ඔබේ පරිගණකයේ, ජංගම දුරකථනයේ හා ටැබ් එකේ ආරක්ෂාව සඳහා යොදන මෘදුකාංග යාවත්කාලීන කර තබා ගැනීම.
  • එම උපාංග වල යොදා ඇති anti-virus මෘදුකාංග වලට malware stop කිරීමට හැකි බව තහවුරු කර ගැනීම හා firewall enable කර තිබීම.
  • හැකි සෑම විටම ගිණුම් සඳහා multi factor authentication යොදා ගැනීම.
  • වෙබ් ලිපිනය ‘https’ යන්නෙන් ආරම්භ වන වෙබ් අඩවි වල ෂොපින් කිරීම හා එම web browser window වල padlocked අයිකනයක් ඇති බව තහවුරු කර ගැනීම.
  • ඊමේල් ගිණුම් වලට ශක්තිමත් මුරපද (passwords) යොදා ගැනීම හා two-factor authentication සක්‍රීය කිරීම
  • කිසිදු විටෙක පුද්ගලික බැංකු ගිණුම හෝ මුදල් විශාල ප්‍රමාණයක් සහිත බැංකු ගිණුමේ කාඩ්පත් අංකය විවිධ shopping apps වලට ඇතුළත් නොකිරීම; එවැනි අවස්ථාවන් සඳහා යම් කිසි මුදල් ප්‍රමාණයක් සහිත වෙනත් බැංකු ගිණුමක් හා කාඩ් පතක් පවත්වා ගැනීම.

 
Happy shopping!

+1
0
+1
4
+1
0
+1
0
Facebook
Twitter
LinkedIn
Pinterest
Open chat
1
Hi!
How can we help you?