ගොඩගැහුණු ටික තක්කාලි ගෙඩියකින් ඉවර කරමු

godagahunu wada tika thakkali gediyakin iwara karagamu

ඔයා එකතැන හිරවෙලා වගේ දැනෙනවද? වැඩ කල් දානවා දානවා ඉවරයක් නැද්ද? එහෙනම් මේ ලිපිය ඔයා වෙනුවෙන්ම තමයි. ‘තක්කාලි’ වලින් හිතලා ඔයාගෙ වැඩ ඉක්මණට ඉවරයක් කරගමු.

මේ ක්‍රමය ලොව පුරා ඉන්න මිනිස්සු බොහෝ දෙනා සාර්ථකව අත් හදා බැලුව කාල කළමණාකරන ක්‍රමයක්. මේ ක්‍රමේ පාවිච්චි කිරීමෙන් තමන්ගෙ ජීවිතේ පවා වෙනස් වුණු බව මිනිස්සු කියලා තියෙනවා.

මේ ක්‍රමය හැඳින්වෙන්නේ Pomodoro කියලා. මේකට තක්කාලි ගේම් එක කියලා කියන්නත් පුළුවන්. මෙතනදි ඔයා ‘කාලය’ මනින්නෙ පැය වලින්වත්, මිනිත්තු වලින්වත් නෙවෙයි, Pomodoro වලින්. ඒක නිකං විකාරයක් වගේ හිතෙනවද? කියවලා බලන්නකො, ඔයාගෙ මේසෙ උඩයි, ලැප්ටොප් එකෙයි ගොඩ ගැහිලා තියෙන වැඩ ටික ඉක්මණට ඉවරයක් කරගන්න හරිම අපූරු ක්‍රමයක් ඔයාට හොයාගන්න ලැබෙයි.

මේ ක්‍රමය හදලා තියෙන්නෙ එක්දාස් නවසිය අසූ ගණන් වල අග හරියෙදි  Francesco Cirillo කියන විශ්වවිද්‍යාල ශිෂ්‍යයා එයාගෙ වැඩ ටික ඉක්මනට කරගන්න අදහසින්. මේ ක්‍රමේදි ටයිමර් එකක් භාවිතා වෙනවා පොඩි පොඩි කාල ප්‍රාන්තර හදාගන්න. මේ කාල ප්‍රාන්තරයක් මිනිත්තු 25 ක වැඩ කිරීමේ කාලයකිනුත්, මිනිත්තු 5 ක විවේක කාලයකිනුත් සමන්විත වෙනවා. මේ කාල ප්‍රාන්තරයක් හැඳින්වෙන්නේ Pomodoro එකක් කියලා. ඉතාලි භාෂාවෙන් Pomodoro කියලා කියන්නෙ තක්කාලි ගෙඩියට. මේ ක්‍රමේ හැදුව Cirillo කියන ශිෂ්‍යයා පාවිච්චි කරපු තක්කාලි ගෙඩියක් වගේ ටයිමර් එකක් නිසා තමයි මේ ක්‍රමය Pomodoro කියලා හැඳින්වෙන්නෙ.

ඔයාට ඔයාගෙ අවධානෙ ගොඩක් වෙලා එක තැනක තියාගෙන ඉන්න අමාරු නම්, විභාගෙකට පාඩම් කරන්න වගේ ඉවර කරන්න ගොඩාක් කල් යන වැඩ ගොඩක් තියෙනවා නම් මේ ක්‍රමේ ඔයාටම හැදුව එකක් වගේ දැනෙයි.

පළවෙනියටම, මේක කරන්න කලින් ඔයාට ටයිමර් එකක් ඕනි වෙනවා.

ඔයා ටයිමර් එකක් හොයාගත්තා නං දැන් ඔයාට වැඩේ පටන් ගන්න පුළුවන්.

ඔයාගෙ ටයිමර් එක විනාඩි 25 කට සෙට් කරන්න. විනාඩි 25 ඉවර වෙලා ටයිමර් එක නාද වෙනකම්ම ඔයාට පුළුවන් එක වැඩක් ඒ කාලෙ ඇතුළත කරගෙන යන්න. ඒ කාලෙ ඇතුළෙ ඔයාගෙ වැඩේ ඉවර උනාම අදහස් වෙන්නෙ ඔයා Pomodoro එකක් සම්පූර්ණ කළා කියන එක. ඒ විනාඩි විසි පහ ඉවර උනාම ඊළඟට තියෙන්නෙ ඔයාගෙ විනාඩි පහක කෙටි විවේක කාලය. ඒ කියන්නෙ ඊළඟ Pomodoro එක පටන් ගන්න කලින් ඔයාට ලැබෙන විවේකය. මේ කෙටි විවේක කාල එක්කම Pomodoro හතරක් සම්පූර්ණ කරලා ඉවර උනාම ඔයාට පුළුවන් ඊළඟට විනාඩි 15-30 ක ටිකක් දිග විවේක කාලයක් ගන්න.

දැන් ඔයාට පුළුවන් Pomodoro පාවිච්චි කරලා ඔයාගෙ වැඩ ටික ඉක්මණින්, පහසුවෙන් කරගන්න.

ඔහොම ඉන්න!

මේ තක්කාලි ගේම් එකට නීති තුනක් තියෙනවා. ඔයාට මේ ගේම් එකෙන් උපරිම ප්‍රයෝජනේ ගන්න ඕනි නම් මේ නීති තුන පිළිපදින්නම වෙනවා.

අංක 01 –

ඔයාට තියෙන ලොකු ලොකු වැඩ පොඩි පොඩි කොටස් වලට කඩා ගන්න. ඒ කියන්නෙ, ඔයා හිතන්න ඔයාගෙ වැඩේ Pomodoro හතරකින් සම්පූර්ණ කරන්න බැරි එකක් කියලා. (1 Pomodoro – මිනිත්තු 25 ක් වැඩ කාලයක් + මිනිත්තු 5 ක විවේක කාලයක්) Pomodoro එකකින් කරන්න පුළුවන් වෙන විදියෙ පොඩි කොටස් වලට ඒ වැඩේ බෙදාගන්න.

අංක 02 –

චූටි චූටි වැඩ එකට එකතු කරගන්න. ඒ කිව්වෙ Pomodoro එකක කාලයට වඩා අඩු කාලයකින් කරන්න පුළුවන් පොඩි පොඩි වැඩ තියෙනවා නං ඒ ඔක්කොම Pomodoro එකක් ඇතුළෙදි කරලා සම්පූර්ණ කරගන්න.

අංක 03 –

Pomodoro එකක් සම්පූර්ණ රවුමක් වෙන්න ඕනි. ඒ කියන්නෙ ඔයා Pomodoro එකක් මැදදි කැඩෙන්න බෑ. කිසිම හේතුවකට Pomodoro එකක් කැඩෙන්න බෑ. ඒ කිව්වෙ ටෙක්ස්ට් කරන්න, ගේම් ගහන්න, සෝෂල් මීඩියා වලට යන්න වගේ මොනම හේතුවකටවත් බෑ. ඒ වෙලාවට ඔයාගෙ හිතට එන දේවල් සේරම පස්සෙ වෙලාවක කරන්න බලාගෙන කොළේක ලියලා තියාගන්න ඕනි.

ඒත් නිකං හිතන්නකො. ඔයාට වළක්වන්න බැරි හේතුවකට ඔයාගෙ අවධානෙ වෙන දේකට දෙන්න වුණා නම්, Cirillo කියලා තියෙනවා ආයෙත් විනාඩි පහක කාලයක් අරගෙන ආයෙත් වැඩ කරන්න පටන් ගන්න කියලා.

හිතන්න ඔයා ඔයාගෙ වැඩේ අදාල කාලෙට කලින් ඉවර කළා කියලා. ඒ වෙලාව තවත් මොනවා හරි කියවන්න, තවත් ටිකක් වැඩියෙන් ඉගෙන ගන්න යොදාගන්න කියලයි Cirillo කියලා තියෙන්නෙ.

ඉතිං ඔයාගෙ පහසුවට Pomodoro ක්‍රමේ සාරාංශයක් අපි මෙතනට එකතු කරනවා.

තක්කාලි වලින් හිතන්න – සතුටින් වැඩ කරන්න,

+1
0
+1
2
+1
0
+1
0
Facebook
Twitter
LinkedIn
Pinterest
Open chat
1
Hi!
How can we help you?