Life එක Easy කරන “Google”

life eka easy karana Google

1998 දී Sergey Brin සහ Larry Page විසින් ගරාජයක කුඩාවට ආරම්භ කරන ලද මේ Google අද වන විට ලෝකයේ වඩාත්ම කැපී පෙනෙන වෙළඳ නාමවලින් එකක් බවට පත් වී තිබෙනවා. එහි මූලස්ථානය කැලිෆෝනියාවේ මවුන්ටන් වීව්වල තමයි පිහිටා තියෙන්නේ.

ගූගල් ආරම්භ වූයේ ඔන්ලයින් සෙවුම් ආයතනයක් ලෙස වුවත් අද වෙනකොට එයින් බොහෝ දුර ගොස් විවිධ සේවාවන් ලබාදෙන සන්නාමයක් බවට එය පත්වෙලා තියෙනවා. වර්තමානයේ Google, Advertising මඟින් වඩාත් වැඩි ආදායමයක් උපයනු ලබනවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ Google එකෙන් සපයන වැඩි දෙනෙක් අහලා නැති, වැඩි දෙනෙක් දන්නේ නැති සේවාවන් කිහිපයක් ගැන.

01. Ad Mob & AdSense

App ඇතුළත අපි දකින advertising සියල්ල සිදු වන්නේ AbMob හරහා වන අතර AdSense මඟින් වෙබ් අඩවි තුළ දැන්වීම් පළ කිරීමට අවස්ථාව සලසා දෙනවා. AdMob මඟින් in-app දැන්වීම් හරහා app developers ලා හට මුදල් ඉපැයීමට ඉඩ ලබා දෙන අතර AdSense වෙබ් අඩවි හිමිකරුවන්ට ඔවුන්ගේ වෙබ් අඩවියේ ප්‍රදර්ශනය වන දැන්වීම් මඟින් ආදායමක් උපයා ගැනීමට ඉඩ සලසයි.

02. Digital Garage

Google Digital Garage මඟින් ඩිජිටල් අලෙවිකරණය පිළිබඳ නොමිලේ පාඨමාලා සහ සහතික ලබා දෙයි. එය පුද්ගලයන්ට SEO, Google Advertising සහ Web analytics වැනි ක්ෂේත්‍රවල ඔවුන්ගේ කුසලතා වැඩි දියුණු කිරීමටත් වගේම තනියම ඉගෙනගන්නටත් උදව් වෙනවා.

03. Google Trends

කාලයත් සමඟ Search Keywords වල ජනප්‍රියතාවය පෙන්වන්න Google වල තියෙන මෙවලමක් විදිහට මෙය දක්වන්න පුළුවන්. මිනිසුන් සොයන්නේ මොනවාද, ඔවුන් සොයන්නේ කොතැනක සිටද සහ අදාල මාතෘකා මෙන්ම වර්ගීකරණයන් සොයා ගැනීමටත් එය උදව් වෙනවා. එය ව්‍යාපාරවලදී Market Research , Content Creation වගේ දේවල්වලටත් ප්‍රයෝජනවත් වෙනවා.

04. Google My Business
ව්‍යාපාරවලට ඔවුන්ගේ Online Presence පවත්වා ගැනිමට සහ Search Results වල දිස් වීමට උදව් කරන Google විසින් නොමිලේ ලබා දෙන මෙවලමක් තමයි මේක. එය ව්‍යාපාරවලට වැදගත් තොරතුරු පාරිභෝගිකයන් හට දැනගැනීමට එනම් විවෘත වේලාවන්, Physical Location සහ Contact Number වැනි තොරතුරු පාරිභෝගිකයින්ට දැන ගැනීමට සලස්වයි. ව්‍යාපාරයේ ඡායාරූප ඇතුළත් කි‍රීමට, Customer Reviews වැනි දේවල් යාවත්කාලීන කිරීමට ද මෙයින් හැකියාව ලැබෙනවා. මෙය ව්‍යාපාරයට පාරිභෝගිකයින් ආකර්ෂණය කර ගැනීමට තියෙන තවත් වටිනා මෙවලමක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්.

05. Search Console
Webmaster Tool ලෙස කලින් හැඳින්වූ මෙය වෙබ් අඩවි හිමිකරුවන්ට Google සෙවුම් ප්‍රතිඵලවල ඔවුන්ගේ වෙබ් අඩවියේ ක්‍රියාකා‍රීත්වය නිරීක්ෂණය කිරීමට සහ වැඩිදියුණු කිරීමට උදව් කරන Google විසින් නොමිලේ ලබා දෙන සේවාවකි. මෙහිදී වෙබ් අඩවි හිමියන්ට වෙබ් අඩවියේ Search performance වැඩිදියුණු කිරීමට උපකාරී වන Google crawls, indexes තොරතුරු සහ Insights, Security Issues, Mobile Usability වැනි බොහෝ දේ පිළිබඳව අවබෝධයක් වෙබ් අඩවි හිමියන්ට ලබා දෙනවා. කෙටියෙන් කියනවා නම් ගූගල් Search Console එක කියන්නේ ගූගල් එකේ වෙබ් අඩවියක Visibility සහ User Experience එක වැඩි කිරීමට තොරතුරු ලබාදෙන වටිනා මෙවලමක්.

06. Data Studio
Data Visualization සහ Reporting වලට තියෙන Tool එකක් තමයි මේ Data Studio එක කියන්නේ. එය විවිධ දත්ත ප්‍රභවයන් සමඟ ඒකාබද්ධ වී වඩාත් ඵලදායි කාර්යක්ෂමව ඉදිරි පියවරයන්වලට යාමට වගේම තීරණ ගැනීමට වැදගත් වන Insights ලබා දෙනවා. මෙය ප්‍රයෝජනයට ගන්නේ සාමාන්‍යයෙන් Data Analysis සඳහා පුහුණු වුවන් බවත් මතක් කරන්නම ඕනේ.

මීට අමතරව Google Calander, Google Books, Google Hangouts, Google Earth, Google Map, Gmail, Google Drive, Google Docs, Google Translate වැනි සේවාවන් හා Bard වැනි AI Platform ද අද වෙද්දී Google ආයතනය විසින් ලබා දීලා තියෙනවා. මේ නිසාම තමයි Life එක Easy කරන්න “Google” වලට හැකියාව ලැබිලා තියෙන්නේ.

+1
0
+1
1
+1
0
+1
0
Facebook
Twitter
LinkedIn
Pinterest
Open chat
1
Hi!
How can we help you?