ලොව පුරා Viral වුණ Marketing Campaigns

lowa pura viral wuna Marketing Campaigns

Brand එකක් කෙටි කාලයකින් විශාල පිරිසකගේ හිතේ රැඳෙන තැනට පත් කරගන්න පුළුවන් නම් ඒක ව්‍යාපාරයක් ලබන ලොකු ජයග්‍රහණයක්. Viral Marketing Campaign මගින් බ්‍රෑන්ඩ් එකක් මිනිස්සු අතරට ඉතා ඉක්මනින් අරන් යන්න පුළුවන්. ලෝකයේ විවිධ රටවල්වල සිදු කෙරුණ පුදුමය දනවන සුලු සහ මිනිස්සුන්ගේ හිත්වලට කතා කළ Viral වුණ Marketing Campaign කීපයක් ගැනයි අද අපි කතා කරන්නේ.

ලොව උසම ගොඩනැගිල්ල වූ Burj Khalifa හි මුදුනටම නැගි කාන්තාවක් “Moving the UAE to the UK Amber list has made us feel on top of the world. Fly Emirates. Fly Better.” යන පණිවුඩය සහිත පුවරු කිහිපයක් ප්‍රදර්ශනය කරන වීඩියෝවක් ඉතා වේගයෙන් Viral වෙන්න පටන් ගත්තා වගේම එය දකින පුද්ගලයන්ව පුදුමයට පත් කරන්න පවා එම වීඩියෝව සමත් වුණා. වෘත්තීය ගුවන් කරණම් උපදේශිකාවක් වන Nicole Smith Ludvik මෙම වීඩියෝවේ පෙනී සිටි අතර එම වීඩියෝවෙහි මුලින්ම ඇයගේ සමීප දර්ශනයක් පෙන්වූවා. ඇය මීටර් 828ක උසින් යුත් Burj Khalifa හි මුදුනෙහි සිටගෙන සිටින බව පෙනෙන දර්ශනය නරඹන්නන්ට දැකගත හැකි වූයේ සුළු මොහොතක් ගතවූ පසුවයි. Emirates Airline හි Marketing Campaigns එකක් වුණ මෙය සැබෑවට සිදු කළ එකක් නොවන බවට කතාබහක් ද සමාජයේ ඇති වුණා. ඉන්පසුව Emirates සමාගම තිරය පිටුපස දර්ශන සහිතව එම වීඩියෝව සිදු කළ ආකාරය දැක්වෙන වීඩියෝවක් ද නිකුත් කරනු ලැබුවා. ලොව පුරා පුවත් මැවූ Viral Marketing Campaign එකක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්.

චීනයේ, ෂැන්හයි අහසේ දර්ශනය වුණ විශාල QR කේතයක් සහ Drone Show එකක් ගැන 2021 වර්ෂයේදී ලොව පුරා කතාබහට ලක් වුණා. මේ Marketing Campaign එක සිදු කළේ Bilibili නම් ආයතනයක් විසින්. “Princess Connect! Re: Dive” නම් වීඩියෝ ගේම් එක චීනයට හඳුන්වා දී වසරක් පිරීම නිමිත්තෙන් සිදු කළ මෙම Drone Show එක අලෙවිකරණයේ නව මානයක් විවර කළ Marketing Campaign එකක් වුණා. මේ සඳහා ඩ්‍රෝන උපකරණ 1500ක් යොදාගෙන තිබුණා. ඉතා අඩු කාලයකින් සමාජ මාධ්‍ය තුළ මේ සිදුවීම ගැන පැතිරෙන්නට වුණා. ඩ්‍රෝන උපකරණ මගින් ෂැන්හයි අහසේ නිර්මාණය වුණ විශාල QR කේතය නරඹන්නන්ට එම මොහොතේම ස්මාර්ට් ජංගම දුරකතන මගින් ස්කෑන් කරගැනීමට සහ ඒ මගින් ගේම් එක ඩවුන්ලෝඩ් කරගැනීමට ද හැකි වුණා. එමගින් “Princess Connect! Re: Dive” වීඩියෝ ගේම් එක ප්‍රවර්ධනය කිරීම මෙම Campaign එක මගින් සිදු කළා.

භාණ්ඩ හෝ සේවාවක් අලෙවි කිරීමට එහා ගොස් සමාජ සුභසාධනය වෙනුවෙන් Viral Campaign එකක් සිදු කළ අවස්ථාවක් ලෙස Ice Bucket Challenge එක පෙන්වා දෙන්න පුළුවන්. Amyotrophic Lateral Sclerosis (ALS) නම් ස්නායු රෝගයෙන් පීඩා විඳින පුද්ගලයන් වෙනුවෙන් 2014 වර්ෂයේදී ක්‍රියාත්මක වූ මෙම Campaign එක පිළිබඳව සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් පැතිර ගියා. ලොව පුරා මිලියන 17කට අධික පිරිසක් මෙයට අදාළ වීඩියෝ පට සමාජ මාධ්‍ය තුළ බෙදාගත්තා. අයිස් ජලය තම හිසට වත් කර ගැනීමත් පසුව එම අභියෝගය ඊළඟට භාර ගැනීමට පුද්ගලයන් නම් කිරීමත් මෙහිදී සිදු වුණා.

මාක් සකර්බර්ග්, හිටපු ඇමරිකානු ජනාධිපති ජෝජ් බුෂ් සහ ඩොනල්ඩ් ට්‍රම්ප්, ජස්ටින් බීබර්, ලේඩි ගාගා, ඩේවිඩ් බෙකම් වැනි ජනප්‍රිය පුද්ගලයින් Ice Bucket Challenge එකට එක් වීමත් සමග මෙම Campaign එක වඩාත් ජනප්‍රිය වීමට පටන් ගත්තා. මෙම Campaign එක මගින් ඩොලර් මිලියන ගණනක මුදලක් පුණ්‍යාධාර ලෙස එකතු කරගැනීමට හැකි වූ අතර අතිශය සාර්ථක වූ Viral Campaign එකක් වූ මෙය පාදක කරගනිමින් වෙනත් රටවල ද සමාජ සුභසාධනය වෙනුවෙන් මෙවන් අභියෝගාත්මක වැඩසටහන් දියත් කෙරුණා.

Dove “Real Beauty Sketches” වීඩියෝව මිලියන 100 ඉක්මවූ නැරඹුම් වාර ගණනක් සහිත අතිසාර්ථක Viral Marketing Campaign එකක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. මෙහිදී සිදුවන්නේ කාන්තාවක් පැමිණ ඇය තමන්ව විස්තර කරන ආකාරය අනුව පුහුණු  sketch artist කෙනෙකු විසින් ඇයගේ රූපය චිත්‍රයට නැගීමයි. ඊට අමතරව එම කාන්තාවගේ හැඩහුරුකම වෙනත් තැනැත්තෙකු ද විස්තර කරන අතර චිත්‍ර ශිල්පියා විසින් ඊට අනුව ද එකම කාන්තාවගේ රුව චිත්‍රයට නංවයි. මෙලෙස කාන්තාවන් කිහිප දෙනෙකුගේම රුව චිත්‍රයට නැගීම සිදුවූ අතර අදාළ කාන්තාව විසින් තමන්ගේ හැඩ රුව ප්‍රකාශ කිරීමෙන් පසු අඳින ලද චිත්‍රය සහ වෙනත් තැනැත්තෙකු විසින් එම කාන්තාවගේම හැඩ රුව ප්‍රකාශ කිරීමෙන් පසු අඳින ලද චිත්‍රයෙහි පැහැදිලි වෙනසක් දකින්නට ලැබුණා.

තමන් විසින් තමන්ගේ හැඩ රුව පැවසීමේදී බොහෝ දෙනා සිය සැබෑ ලස්සන නොදකින බව මෙම වීඩියෝව තුළින් ගම්‍ය වූ අතර “You Are More Beautiful Than You Think” (ඔබ හිතනවාට වඩා ඔබ ගොඩක් ලස්සනයි) කියන පණිවුඩය Dove විසින් වීඩියෝව අවසානයේ නරඹන්නන්ට ලබා දුන්නා. භාෂා 25කට මෙම වීඩියෝව පරිවර්තනය වූ අතර රටවල් 110කට අධික ගණනක පිරිසක් මෙම වීඩියෝව නරඹා තිබුණා.

+1
1
+1
3
+1
0
+1
0
Facebook
Twitter
LinkedIn
Pinterest
Open chat
1
Hi!
How can we help you?